Saturday 13th of June 2026

English Tamil
Advertiesment


DIGITAL ආර්ථිකයක් වෙනුවෙන් තිස්ස ජපානය සමග සාකච්ඡාවක 


2026-06-13 1282

 

ජපානයේ විශේෂ නිල සංචාරයක යෙදුණු සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා එහිදී ශ්‍රී ලංකාවේ DIGITAL ආර්ථිකයක් ගොඩනැගීම ඇතුළු තාක්ෂණික කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් විශේෂ සහ තීරණාත්මක සාකච්ඡාවක යෙදුණු.

ඒ DIGITAL සමාජයක් ගොඩනැගිම , කෘතිම බුද්ධිය ( AI) සහ ඒ අශ්‍රිත කරුණු පිළිබඳ ජපන් පාර්ලිමේන්තු විශේෂ කමිටු සභාපති වන (Chairman of the special committee of the Digital society utilization of the Artificial intelligence and related matters ) සහ හිටපු මහා මාර්ග, සංචාරක, අභ්‍යන්තර කටයුතු , සංන්නිවේදන නියෝජ්‍ය අමාත්‍ය Shimpei Matsushita මහතා ජපන් පාර්ලිමේන්තු සංකීරණයේ දී හමු වූ අවස්ථාවේ දී ය.

එහිදී මෙම තාක්ෂණික කරුණු කාරණා සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා වූ අතර අනාගත සමගි ජන බලවේග රජයක් යටතේ එම DIGITAL ආර්ථිකය ශ්‍රී ලංකාවේ පුළුල් ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ද අදහස් හුව මාරු විය.

ජපානය සහ තිස්ස අත්තනායක මහතා අතර මෙම විශේෂ හමුව සම්බධිකාරකරණය කළේ ජපානයේ හිටපු ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් සුනිල් ගමගේ මහතාය.

Advertiesment