Friday 29th of May 2026

English Tamil
Advertiesment


PAD MAN නැවතත් දැරියන් සහ කාන්තාවන් වෙනුවෙන් හඬ නගයි 


2026-05-28 1304

 

 

ආර්ථව දරිද්‍රතාවය රටට කරන විනය ගැන පෙන්වා දෙයි 

 

සෞඛ්‍ය සහ අධ්‍යාපනය මූලික අයිතිවාසිකමක් වුණා නම් ආර්ථව දරිද්‍රතාව පවා දුරු කළ හැකයි 

 

 - විපක්ෂ නායක අවධාරණය කරයි - 

 

රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්වලට සිවිල් - දේශපාලන අයිතිවාසිකම්වලට අමතරව ආර්ථව, සමාජීය,  සෞඛ්‍ය සහ අධ්‍යාපන යන අයිතිවාසිකම් ඇතුළත් නොවන බවත් ඒ නිසා සෞඛ්‍ය අධ්‍යාපනය මානව අයිතිවාසිකම් බවට පත් වන විට  ආර්ථව දරිද්‍රතාව සේම සමස්ත පුරවැසියා මුහුණ දෙන සෞඛ්‍ය ගැටලුවලට ද තිරසර විසදුම් දිය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී බ්‍රහස්පතින්දා (28) ආර්ථව දරිද්‍රතා ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පැවැති හමුවකදීය.

අපේ රටේ ජනගහනයෙන් 52%ක් කාන්තාවන් බවත් අප රටේ ආර්ථව දරිද්‍රතාව සම්බන්ධයෙන් කතා කිරීමේ දී පැතිකඩ ගණනාවක් ඇති බවත් ආර්ථව දරිද්‍රතාවය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ මැළිකමක් තිබෙන අතර ඒ ගැන සාකච්ඡා කිරීම සංස්කෘතික වශයෙන් නොගැළපෙන බවට මත පැවතියත් මේ වාගෙන් මිදිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 
අවිධිමත් ක්‍රමවේද නිසා සෞඛ්‍ය ගැටලු මතු වෙනවා

 

වෛද්‍ය ක්ෂේත්‍රයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන විට ඔසප් කළමනාකරණය නිවැරදිව සිදු නොකිරීම නිසා සෞඛ්‍ය ගැටලු රැසක් මතු වන බවත් සංඛ්‍යාත්මකව ලක්ෂ 42න් 70%කට එනම් ලක්ෂ 30කට නිවැරදි ඔසප් කළමනාකරණය සිදු නොවන බවත් අවිධිමත් ක්‍රමවේද භාවිත කරන බවත් බරපතළ සෞඛ්‍ය ගැටලු මතු වන අයගෙන් 12.6%ක් පමණක් සෞඛ්‍ය පිළිසරණ ලබා ගන්නා බවත්  තත්ත්වය පාසල් යාම අඩුවීමට පවා බලපාන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 
ආර්ථව දරිද්‍රතාව රටේ ආර්ථික වර්ධනයට පවා බලපානවා

 

විහිලු කිරීම, පාසල් නිල ඇඳුමට වන බලපෑම,මානසික පීඩනයට ලක්වීම වැනි ගැටලු නිසා දැරියන්ගෙන් 50-60%ක් අතර ප්‍රමාණයක් ඔසප් ඇති වන දිනවන පාසල් නොයන බවත් වැඩ කරන කාන්තාවන්ට පවා මේ තත්ත්වය බලපාන බවත් ශ්‍රම බළකායේ කාන්තා සහභාගිත්වය අවම තත්ත්වයක් ඇති අප රටේ මේ ඔසප් ක්‍රියාවලිය නිවැරදිව කළමනාකරණය නොකිරීම නිසා එම තත්ත්වය දළ දේශීය නිෂ්පාදනයට පවා සෘජුවම බලපාන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 
ආණ්ඩුව සනීපාරක්ෂක පහසුකම් මත විශාල බදු රැසක් පනවලා

 

වැඩ බිමේ කාන්තාවන්ට සෞඛ්‍ය පහසුකම් ඇත්තේ දුර්වල මට්ටමක බැවින් එම තත්ත්වය බරපතළ ගැටලුවක් වී ඇති බවත් අප රටේ ආර්ථව දරිද්‍රතාවය සම්බන්ධයෙන් විපක්ෂය මතු කරන තුරු පැහැදිලි වැඩ පිළිවෙළක් නොතිබු නමුත් ⁣දැන් පාසල් දැරියන් දස ලක්ෂයකට රුපියල් බිලියන 1.4ක් වියදම් කර සනීපාරක්ෂා භාණ්ඩ ලබා දෙන අතරතුර මේ සදහා ඇති බදු පවා වැඩි කර ඇති බවත් 15% General Duty, 18% වැට් බදු, 10% Pal බදු, 15% සෙස් බද්දක් සහ 2.5% SSCL යන බදු වර්ග 5 ගහන බවත් ක්‍රියාව වැරදි බවත් සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය. 

 
සනීපාරක්ෂක පහසුකම් මත පනවා ඇති බදු ඉවත් විය යුතුයි

 

ඉන්දියාවේ සහ බංගලාදේශයේ සනීපාරක්ෂක උපාංග සදහා බදු පනවන්නේ නැති බවත් කෙන්යාව,දකුණු අප්‍රිකාව සේම එක්සත් රාජධානිය පවා බදු ඉවත් කර ඇති බවත් ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තුව විසින් නොමිලයේ සනීපාරක්ෂක උපාංග  ලබා දෙන්න තීරණය කළ බවත් හිටපු නවසීලන්ත අගමැතිනිය පවා පාසල් මට්ටමින් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කළ බවත් ලෝකයෙ සෙසු රටවල් මේ උපාංග සදහා ඇති බදු ඉවත් කරන නිසා අප රටත් බදු ඉවත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

 
සනීපාරක්ෂක පහසුකම් දේශීයව නිෂ්පාදනය කළ යුතුයි

 

ගුණාත්මක භාවයෙන් ඉහළ අඩු මිලකට මේ සනීපාරක්ෂක පහසුකම් දේශීයව නිෂ්පාදනය කළ නොහැක්කේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් මේ හරහා දේශීය කර්මාන්ත බිහි වී නව රැකියා පවා උත්පාදනය කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

Advertiesment