තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ලෝක සම්මතය වන්නේ ප්‍රාථමික අධ්‍යාපනයේ සිට එය ඉගැන්වීම නමුත් අප රටේ එය ඉගැන්වීම සිදු කරන්නේ 6-13 බවත් අප දැන්වත් ලෝක සම්මතය අනුගමනය කර 1-13 විෂයක් ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් ඉගැන්වීම සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
2026 වසරේ 1 වසර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් අධ්‍යාපනයේ පරිවර්තනයක් සිදු කර ක්‍රියාකාරකම් පාදක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා යැයි රජය කියු බවත් මේ ඉලක්ක සපුරාලන බවට තහවුරු කිරීම සඳහා රජය භාවිත කරන නිර්ණායක කවරේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ ප්‍රතිසංස්කරණ තුළින් කටපාඩම් සහ සාම්ප්‍රදායික ලේඛන ක්‍රමයෙන් බැහැරව interactive learning සහ play base learning වෙත යොමුවීම ප්‍රශංසනීය නමුත් එය ක්‍රියාත්මක කිරීමට ගුරුවරුන්ට ලබා දී ඇති පුහුණුවෙ ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ගැටලු රැසක් ඇති බවත් එබැවින් සාම්ප්‍රදායික ඉගැන්වීමේ ක්‍රමවලින් බැහැරව නව ඉගැන්වීම ක්‍රමවේද වෙත යොමු වීමේදී ගෙන ඇති පියවර ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී හේෂා විතාන මහතාගේ සභාපතීත්වයෙන් යුත් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අමතමිනි.
එසේම පාසල් බෑග්වල බර අඩු කරන්න අමාත්‍යාංශය ගත් තීරණය සහ සෙමෙස්ටර් කේන්ද්‍ර කර ගෙන පෙළ පොත් ලබා දීම ගැන දෙමාපියන් පවා සතුට පළ කර ඇති බවත් මේ වෙනසේ සාර්ථකත්වය ගණනය කර ඇත්නම් එය ඉදිරිපත් කරන ලෙසත් මේ ප්‍රතිසංස්කරණවල සාකල්‍යවාදී සර්වග්‍රාහී ළමා සංවර්ධනය ආදී ඉලක්ක කරා යාමට ගෙන ඇති පියවර දැන ගැනීමට කැමති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
අධ්‍යාපනයේ ඇති බෙදීම නැති කරන්න
දරුවා පාසලට ඇතුළත් වීමේ දී සතුටින් ඇතුළත් වීම ආදී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම හොඳ දෙයක් නමුත් එය සිදු කරන ආකාරය දැන ගැනීමට අවශ්‍ය බවත් අධ්‍යාපනයේ ඇති බෙදීම නැති කරන්න ගෙන ඇති පියවර දැන ගැනීමට අවශ්‍ය බවත් මේ බෙදීම නැති කර සම්පත් ඌනතාව මගහැර මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බවත් පාසල් සියල්ලගේම සමානාත්මතාවය තහවුරු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මේ ප්‍රතිසංස්කරණ ගැන දෙමාපියන් දැනුවත් කරන්න
මේ වෙනස්වීම ගැන සමහර දෙමාපියන් දැනුවත් නැති නිසා දෙමාපියන් දැනුවත් කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් භාෂා අධ්‍යාපනය ගැන කතා කරන විට භාෂා විද්‍යාගාර ඇති කර දරුවන්ට අන්තර් ක්‍රියාකාරී ඉගෙනුම් අවස්ථා සඳහා යොමු විය හැකි බවත් මේ දේවල් සියලු දෙනා එකට එකතු වී සිදු කළ යුතු බවත් මේ සදහා පාසල්වල සුහුරු උපකරණ ගැන සංගණනයක් සිදු කර තොරතුරු ලබා ගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

Lanka Newsweek © 2026