Tuesday 26th of May 2026

English Tamil
Advertiesment


ජවිපෙ අධ්‍යාත්මික නායකයා කපෝතියි-ටිල්වින් සිල්වාට තවත් ප්‍රහාරයක් 


2026-05-26 1297

 

 

කැබිනට් ප්‍රකාශක සටන අතට ගනී 


ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වාට දේශපාලන ප්‍රහාරයක් එල්ල කරමින් ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක  වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියා සිටින්නේ, පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන පවතින බවය. 

කැබිනට් ප්‍රකාශක  වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව කියා සිටියේ,අඟහරුවාදා (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා විසින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම මෙම වසරේ සිදු කළ නොහැකි බවටත් ඒ සඳහා මුදල් නොමැති බවයත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි. 

පළාත් සභා මැතිවරණය සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ඇති බවත් ප්‍රතිපාදනවල කිසිදු ගැටලුවක් නොමැති බවත් පැවසු  කැබිනට් ප්‍රකාශක  වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මැතිවරණය පැවැත්වීමට නොහැකි ගැටලුව බවට පත්ව ඇත්තේ නීතිමය ප්‍රතිපාදනවල බවද සඳහන් කළේය.

එම ගැටලුව නිරාකරණය කිරීම සඳහා මේ වන විට පාර්ලිමේන්තුතේරීම් කාරක සභාවක් ක්‍රියාත්මක වන බවත් මේ සම්බන්ධව එම කාරක සභාවේ සාකච්ඡා වෙමින් පවතින බැවින් අදාළ නීතිමය ප්‍රතිපාදන ලැබුණු වහාම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බවත් කැබිනට් ප්‍රකාශක  වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී වැඩි දුරටත් අවධාරණය කළේය.

Advertiesment