සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් බලමණ්ඩලයේ සභාපති ධූරය සඳහා එම දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය පත්ව සිටිනීය.
තමා එම ධූරයට පත් කර ගනු ලැබූ සියලු සංවිධායකවරුන්ට සිය ස්තූතිය පුද කර සිටින චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් බලමණ්ඩලයේ ජේෂ්ඨ උප සභාපති ධූරයට පත් වූ අබ්දුල් හලීම්, ලේකම් ධූරයට පත් වූ තිළිණ තෙන්නකෝන්, භාණ්ඩාගාරික ධූරයට පත් වූ අසේල අමරසේන සහ උප ලේකම් ධූරයට පත් වූ සනත් බණ්ඩාර යන මහත්වරුන් ද සිය සුභාශිංසන පිරිනමන්නීය..
ඉදිරියට විපක්ෂ නායක සහ සමගි ජන බලවේගයේ නායක සජිත්ප්‍රේමදාස සහ දිස්ත්‍රික් නායක ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන්ගේ නායකත්වයෙන්, සමගි ජන බලවේගයේ ජයග්‍රහණය උදෙසා ඇප කැප වෙමින්, රටේත්, මහනුවර දිස්ත්‍රික් ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා සෙංකඩගල ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාව සමඟ එක්ව කටයුතු කරන බව ද ඇය පවසන්නීය.

Lanka Newsweek © 2026