Friday 3rd of July 2026

English Tamil
Advertiesment


නූතන ජීවිතයේ “කෙලෙස්” වැඩ කරන ආකාරය 


2026-05-23 1322

 

අද මිනිසා යුද්ධ කරන්නේ ලෝකයත් එක්ක නෙවෙයි - තමන්ගේම මනස සමගයි.

 

 

බුදුදහමේ “කෙලෙස්” කියන්නේ:
*  ලෝභය
*  ද්වේෂය
*  මෝහය

අද ඒවායේ මුහුණුවර  වෙනස් වෙලා Smartphone එක ඇතුළේ ජීවත් වෙනවා.

*  Likes වලට ඇබ්බැහි වීම
*  අන් අයගේ ජීවිත සමග තම ජීවිතය සංසන්දනය කිරීම
*  Comment වලින් වෛරය වැපිරීම
*  Fake Life එකක් පෙන්වීමට මහන්සි වීම
*  “තව තව ඕනේ” කියන හිස්කම

මේ හැමදේම "කෙලෙස්" නව ඇඳුම් ඇඳගෙන එන ආකාරයන්ය.

අද මිනිසාට තොරතුරු ගොඩක් තියෙනවා.
ඒත් මනසට නිශ්ශබ්දතාව නැහැ.

අපි Phone එක Charge කරනවා…
ඒත් මනස Recharge කරන්නේ කවදා ද?

බුදුදහම කියන්නේ ලෝකයෙන් පලා යන්න නෙවෙයි.
සිහියෙන් ජීවත් වෙන්න.

* කෝපය එන මොහොත දකින්න.
* ඇලීම් හඳුනාගන්න.
* නිශ්ශබ්දව තමන්ගේ මනස අහන්න.

මොකද සැබෑ සටන තියෙන්නේ පිටත ලෝකයේ නෙවෙයි…

අපේ ඇතුළත !

Advertiesment