Saturday 23rd of May 2026

English Tamil
Advertiesment


සිය ඩොලර්වලින් වාහන ආනයනයට ශ්‍රී ලාංකිකයින්ට ඉඩ දිය යුතුයි 


2026-05-23 1310

 

හිටපු මුදල් ඇමතිගෙන් විකල්ප යෝජනවක්..!

 

තමාගේම ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් හෝ අනෙකුත් විදේශ මුදල් යොදවා තමාට අවශ්‍ය වාහන ආනයනය කිරීමට ශ්‍රී ලාංකිකයන්ට අවසර ලබා දිය යුතු යැයි හිටපු මුදල් අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අවධාරණය කර සිටියි.

එම ක්‍රියාමාර්ගය හොඳම විසඳුම වන්නේ, එහිදී විදේශ විනිමය ලබා ගැනීමේ වගකීම සහ බර සම්පූර්ණයෙන්ම පැට වෙන්නේ ආනයනකරු මත විනා රජය හෝ ශ්‍රී ලංකා මහ බැංකුව මත නොවීමය. ඒ අනුබ වාහන ආනයනය කිරම සීමා කිරීම වෙනුවට රුපියල ද ආරක්ෂා කර ගත හැකි යැයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පෙන්වා දෙයි. 

කෙසේ නමුත් මාස තුනක් තිබ්බේ ශ්‍රී ලංකාව වාහන ආනයනය සීමා කරමින් සිටින අතර රජය එම ක්‍රියාමාර්ගය හඳුන් වන්නේ, ආරක්ෂිත පියවරක් ලෙස බව ද රවී කරුණානායක මහතා පවසයි. එනමුත් ආර්ථික විද්‍යාඥයන් එම ප්‍රතිපත්තියට තුඩු දෙන්නක් ලෙස හඳුන් වන අතර මෙසේ වාහන ආනයනය සීමා කිරීම මගින් රුපියල ආරක්ෂා නොවන බව ද ඔහු කියා සිටියි. 

එම නිසා අනවශ්‍ය ලෙස වෙළඳපොළ විකෘති කිරීම් සහ කළු වෙළඳපොළ පීඩනයන් වළක්වා ගැනීමෙන් රේගු බදු සහ අනෙකුත් බදු හරහා රටට ප්‍රතිලාභ ලැබෙනු ඇති අතර කෘත්‍රිම අර්බුද ඇති නොකර ආදායම් උත්පාදනය කරන ප්‍රායෝගික, වෙළඳපොළ-නැඹුරු විසඳුම් ශ්‍රී ලංකාවට අවශ්‍ය වන බව ද රවී කරුණානායක මහතා වැඩි දුරටත් අවධාරණය කර සිටියි..

Advertiesment