ලෝකේ ධනවත්ම චරිත අතර සිටින Jeff Bezos ට Beverly Hills හී තියෙන සුපිරි මාලිගාව වටේට ගහපු වැටක් නිසා පොඩි “නීතිමය ප්‍රශ්නයක්” ඇවිල්ලා තියෙනවා. “ප්‍රශ්නයක්" කියලා කිව්වට, අපි වගේ සාමාන්‍ය මනුස්සයෙක්ට මේ සිද්ධිය වෙලා තිබුණා නම් මේ වෙද්දී Urban Development Authority, ප්‍රාදේශීය සභාවයි සහ අල්ලපු වැටේ වට්ටි අම්මලා ඔක්කොම Gate එක ගාව Camp කරලා...
හැබැයි Jeff Bezos ට ඒවා ප්‍රශ්න ද..? නීති විරෝධී Privacy Hedge එක කපලා අයින් කරනවා වෙනුවට ඔහු කරන්නේ හැම මාසෙම දඩ මුදල ගෙවලා හිනා වෙලා සිටීමයි. සරලයි නේ..? 2020දී David Geffen ගෙන් මිල දී ගත්ත Warner Estate එක වටේට තියෙන මේ වැටේ උස, Local Rules වලට වඩා සෑහෙන්න වැඩියිලු.
ඉතින් දැන් නීතිය ක්‍රියාත්මක වෙන හැටි බලමු. දඩ මුදල..? මාසෙකට ඩොලර් (USD)1,000 යි..! අපිට නම් ඒ ගාණ අහද්දිත් Heart Attack එකක් එන්න පුළුවන්. හැබැයි Jeff Bezos ට මේ මුදල හරියට Netflix Subscription එකක් වගේ. වෙනස මෙච්චරයි — අපි Movies බලන්න Subscription ගන්නවා, මිනිහ Privacy එක රැක ගන්න Subscription ගන්නවා.
ඇත්තටම මේ කතාවෙන් Viral වුණේ Jeff Bezos ගැන විතරක් නෙවෙයි. මේ සිද්ධියෙන් Modern Society හී “VIP Law Package” එක Expose වුණා. සාමාන්‍ය මිනිහෙක් නීතිය කඩද්දී ඒක “වරදක්.” සල්ලි කාරයෙක් නීතිය කඩද්දී ඒක “Premium Feature” එකක්.
එවිට දඩය කියන්නේ දඬුවමක් නෙවෙයි. ඒක හරියට Shopping Mall හී Price Tag වගේ. “නීතිය කඩන්න එපා” කියන Message එක නෙමෙයි එමගින් එන්නේ. එමගින් කියන්නේ නීතිය “කඩන්න පුළුවන්… හැබැයි කොපමණ මුදලක් ගෙවන්න ලෑස්තිද යන්නයි'
Lanka Newsweek © 2026