Saturday 23rd of May 2026

English Tamil
Advertiesment


පිරී ඉතිරි ඇති භාණ්ඩාගාරයෙන් ජිවන බර අඩු කර ලක්ෂ 12 ට විට්ස් කාර් දෙන්න


2026-05-19 1264


- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ඉල්ලීම -



අවස්ථා ගණනාවකදී ජනාධිපතිවරයා සහ රජයේ ඇමතිවරුන් විශාල පිරිසක් විසින් ප්‍රාථමික ශේෂයේ අතිරික්තයක් පැවතීමත්, රාජ්‍ය ආදායමේ වර්ධනයක් සහ භාණ්ඩාගාරය පිරී ඉතිරි ගොස් ඇති බව පැවසූ බවත් විස්තීරණ ණය පහසුකම් යටතේ ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් විශාල මුදලක් ලැබෙන බවට ද රජයේ පාර්ශ්වයෙන් දැන ගන්නට ලැබෙන බවත් මෙවැනි තත්ත්වයක් මත තවත් වරක් ඉන්ධන මිල ඉහළ දමන්න සිදුවන බව ජනාධිපතිවරයා පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

භාණාඩාගාරය පිරී ඉතිරි ගිය අවස්ථාවක එම මුදල උපයෝගී කර ගෙන තෙල් මිල වැඩි කිරීම වළක්වා ජනතාවට සහන ලබා දෙන්නත් තෙල් මිල විදුලි බිල අඩු කරන්නත් උපයෝගී කර නොගන්නේ ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

ලක්ෂ 12ට විට්ස් එකක් දෙන්නේ කවදාද?

ලක්ෂ 12කට විට්ස් කාර් එකක් ගන්න අවස්ථාව සලසා දෙන බවට මැතිවරණ සමයේ පවා පැවසූ බවත් මෙවැනි තත්ත්වයක් තුළ ජනතාවට වාහනයක් අත්කර ගන්නා සිහිනය සැබෑ කරන්නේද කවදාද කියා ප්‍රශ්න කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

මාසයක් ජීවත් වෙන්නේ රු. 16690ක් ප්‍රමාණවත්ද?

එක් පුද්ගලයකුට මසකට ජීවත් වෙන්න රුපියල් 16690ක් ප්‍රමාණවත් බව රජය පවසන බවත් රු. 16690කින් එක් පුද්ගලයකුට මාසයක් ජිවත් වෙන්නේ කොහොමද කියා ප්‍රශ්නයක් ඇති බවත් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මේ දරිද්‍රතා රේඛාව ගණනය කිරීම සම්පූර්ණයෙන්ම වැරදි බවත් මේ දත්ත හා තොරතුරු විශ්ලේෂණය කිරීමේ දී නිර්වචනය කිරීමේ දී නිවැරදි ලෙස සිදු කරන ලෙසත් ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ගෙන්වා මෙය විමසන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Advertiesment