රට මුහුණ දී සිටින වත්මන් ආර්ථික තත්ත්වය, රුපියලේ අගය අඩුවීම, ජිවන වියදම ඉහළ යාම, ආදායම් අසමානතා වර්ධනය සහ ජනතාවගේ ජිවන මට්ටමට එල්ල වී ඇති දැඩි පීඩනය යන කරුණු සැලකිල්ලට ගෙන සාර්ව හා ක්ෂුද්‍ර ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් රජයේ ක්‍රමෝපායික ප්‍රවේශය ගැන ප්‍රශ්න කරන බවත් රජය සාර්ව ආර්ථික හා ක්ෂුද්‍ර ආර්ථික කළමනාකරණය සම්බන්ධයෙන් ගන්නා පියවර දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.
දිගින් දිගටම රුපියල අවප්‍රමාණය වීමට හේතු, ඒ සම්බන්ධයෙන් රජයේ මතය සහ ප්‍රතිපත්ති, එම තත්ත්වය පාලනය කිරීම, විදේශ විනිමය ස්ථාවර කිරීම, රුපියලේ ස්ථාවරභාවය තහවුරු කිරීමට රජය ගන්නා කෙටිකාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන පියවර ඉදිරිපත් කරන ලෙසත් සාර්ව හා ක්ෂුද්‍ර ආර්ථික මනා ලෙස කළමනාකරණය කිරීමට රජයට ඇති අභියෝග ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
මේ ආර්ථික තත්ත්වය නිසා රටේ ජනතාව පීඩනයෙන් ඉන්නේ
පවතින ආර්ථික තත්ත්වය තුළ රටේ අතිමහත් බහුතරයක් පීඩනයට පත්ව ඇති නිසා මේ පීඩනය අවම කිරීමට ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන් ඉදිරිපත් කරන ලෙසත් රටේ බහුතර ජනතාව මධ්‍යම හා අඩු ආදායම්ලාභී පවුල් ණයබරතාවෙන් හා මූල්‍ය පීඩනයෙන් ණය මර උගුලකට ලක්ව ඇති බවත් එවැනි ණයබරතාවක් ඇත්නම් මේ ණය පීඩනය අවම කිරීම රජයේ වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය ප්‍රවර්ධනය කරන්න රජය ගන්නා පියවර ඉදිරිපත් කරන්න
කෘෂිකාර්මික, සේවා හා කර්මාන්ත ක්ෂේත්‍රය හරහා දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය ප්‍රවර්ධනය කරන්න රජය ගන්නා පියවර දැන ගත යුතු බවත් ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව දරිද්‍රතා රේඛාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ අගයන් දිස්ත්‍රික් වශයෙන් ඉදිරිපත් කරන ලෙසත් වත්මන් වෙළෙදපොළ අගයන් ජීවන වියදම් හා පවුල් ආදායම් සැලකිල්ලට ගත් විට මේ අගයන් යථාර්ථවාදීව ප්‍රායෝගික මිනුම් දර්ශක ලෙස පිළිගන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් රටේ ජනතාව මුහුණ දෙන අතිශය දුෂ්කර පීඩන තත්ත්වයෙන් මුදවා ගැනීමට රජය ගන්නා පියවර ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

Lanka Newsweek © 2026