Monday 18th of May 2026

English Tamil
Advertiesment


සජබ-එජාප දීගයේ නියමුවෝ සහ කකුල් මාට්ටු කාරයෝ


2026-05-17 1301

 

"රනිල් දින වන්නේ සජිත් නොව නාමල්ව" අඹන්වල ඥානාලෝක හිමි තහවුරු කරයි 

 

රනිල්-වජිර සහ සගලගේ ස්ථාවරය මෙන්න..!

 

සජිත්ට ගහන්නැයි එපපයේ ඉහළින්ම අණ..?

 

රවී-අකිල-නවීන් දැඩි ස්ථාවරයක 

 

පාක්ෂිකයින් කුපිත වෙලා 

 

 

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතු කර පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා හිටපු මුදල් අමාත්‍ය-පාලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අතිශය පෞද්ගලික සමීපතමයෙකු වන ලක්ෂ්මන් ෆොන්සේකා යන මහත්වරු විශාල උත්සහයක් දරමින් සිටිති.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එකතු එකතු විය යුතුය යන දැඩි ස්ථාවරයේ සිටින හිටපු ප්‍රබල ඇමතිවරුන් වන අකිල චිරාජ් කාරියවසම් සහ නවීන් දිසානායක යන මහත්වරුන් ප්‍රධාන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල නායකයින් ගණනාවක්ම මෙම මෙහෙයුමේ සිටිති.

කෙසේ නමුත් හිටපු ප්‍රබල අමාත්‍යවරුන් සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් වන වජිර අබේවර්ධන සහ සාගල රත්නායක යන මහත්වරුන් ඇතුළු සුළුතරයක් ඊට ප්‍රතිවිරුද්ධ ස්ථාවරයක සිටින ඒ අයගේ මතය වී තිබෙන්නේ මේ දේශපාලන ගමන නාමල් රාජපක්ෂ මහතා සමග ඉදිරියට යා යුතු බවය.

එම ස්ථාවරය තහවුරු කරමින්, රනිල් වික්‍රමසිංහ මහතාට සහ ඔහුගේ පරම්පරාවට අතිශය සමීප කොළඹ ප්‍රධාන පෙළේ භික්ෂූන් වහනේසේ නමක් වන සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරාධිපති අඹන්වල ඥානාලෝක හිමියන් "lankanewsweek" සමග පැවසුවේ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සන්ධාන ගත වීමට යන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන සමගි ජන බලවේහය සමග නොව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග වන බවය. 

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන සහ සාගල රත්නායක යන මහත්වරුන් ද සිටින්නේ, එම ස්ථාවරයේ බව පෙන්වා දුන් උන්වහන්සේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන මෙම කණ්ඩායම 2029 ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට සහය පළ කරනු ඇතැයි ද සඳහන් කළහ.

මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිශය පෞද්ගලික සමීපතමයෙක් "lankanewsweek" සමග පැවසුවේ, සමගි ජන බලවේගය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග ඉදිරියට යන්න තමාට බලාපොරොත්තුවක් නොමැති අතර සිය සහය නාමල් රාජපක්ෂ මහතා වෙත ලබා දෙන බව රනිල් වික්‍රමසිංහ මහතා තමා සමග පැහැදිලිව කියා සිටී බවය. 

ඒ අනුව තමා එම තීරණයට එරෙහිව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග එකට එකතු වන බව කියා සිටී ඔහු රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම් සහ නවීන් දිසානායක යන මහවරුන් ඇතුළු පක්ෂයේ නායකයින් බහුතරය ද, සමස්ථ පාක්ෂිකයින් ද සිටින්නේ සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකට එක් විය යුතුය යන ස්ථාවරයේ බව ද පෙන්වා දුන්නේය.

මේ අතර සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව දැවැන්ත මාධ්‍ය මෙහෙයුමක් වහාම දියත් කරන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ ඉහළින්ම නියෝගයක් නිකුත්වී ඇති බව ‘මව්රට’ පුවත්පත හෙළි කර සිටියි. 

ඒ අනුව ගෙවුණු සතියේදී එක්සත් ජාතික පක්ෂයට හිතවත් ජනමාධ්‍යවේදීන් පිරිසකට , සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් පිරිසකට ද, විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක නායකයන්ට ද, එක්සත් ජාතික පක්ෂයේ ඉහළින් ලැබී ඇති නියෝගයකින් කියැවී ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කොට ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ කරන ලෙසය.

 

Advertiesment