

අගමැති හරිනි ප්‍රනාන්දු ඉදිරියේ තබා ගෙන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා, රටේ ජනතාව විඳින දුක-වේදනාව-පීඩාව සහ අසරණකම ගැන කරුණු අවධාරණය කළේය.
රටක් දියුණු වන්නට නම් ඒ රටේ ශීලාචාර-ශිෂ්ටසම්පන්න-ගුණගරුක සහ සෞභාග්‍යය සම්පන්න සමාජයක් තිබිය යුතු බවත් ගුණවත්-නැණවත්-සත්ගුණවත් සහ ප්‍රශස්ත සමාජයක් ගොඩනැගීමට මහා සංඝ රත්නය සුවිශේෂ කාර්යක් ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ගමේ-නගරයේ පන්සල කේන්ද්‍රීය කොට ගත් පූජනීය සිද්ධස්ථාන සමාජය යහපත් තැනක් බවට පත් කරන්න සුවිශේෂ කාර්යක් ඉටු කරන බවත් මහා සංඝ රත්නය ඇතුළු ආගමික නායකයන්ට මේ වන විට ජන සමාජයේ රැකවරණය සහ ශක්තිය ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ, ඉරිදා (17) ආණමඩුව පරමාකන්ද රජමහා විහාරාධිපති පූජ්‍ය ආණමඩුවේ ධර්ම කීර්ති ශ්‍රී පඤ්ඤානන්ද ඤාණානන්ද ස්වාමීන් වහන්සේ වෙත ශ්‍යාමෝපාලී වාංශික මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ රාජවන්නි කුමාරවන්නි දෙපාර්ශ්වාය් ප්‍රධාන සංඝ නායක ධුරය පිරිනැමීම වෙනුවෙන් පැවැති උත්සවය අමතමිනි.
වසර කිහිපයක් ඇතුළත රටක් ලෙස අප ඛේදවාචක රැසකට මුහුණ දුන් බවත් පාස්කු ප්‍රහාරයේ සිට මැද පෙරදිග යුද්ධය දක්වා ඛේදවාචක රැසක් නිසා සමස්ත ජනතාවම ගැටලු රැසකට මැදිව ප්‍රශ්න විශාල සංඛ්‍යාවකට මුහුණ දී අතිශය පීඩනයකට-අසහනයකට-දුකකට-කණගාටුවකට ලක්ව ඇති බවත් මෙවැනි අවස්ථාවක ජනතාවට ඇහුම්කන් දෙමින් ඔවුන් කෙරෙහි සංවේදී වී මිනිස් පරපුර සුරැකීමට මානුෂීය විය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
දශ ලක්ෂ ගණනින් අගහිගතාවලට ජනතාව මුහුණ දෙන බවත් ආණ්ඩුව මේ ප්‍රශ්නවලට උත්තර දිය යුතු බවත් මේ විසදුම් ලබා දිමේ දී පන්සල ප්‍රමුඛ ආගමික සිද්ධස්ථාන සුවිශේෂ කාර්යක් ඉටු කරන නිසා ඒ කාර්යය ඉදිරියටත් අඛණ්ඩව සිදු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩි දුරටත් අවධාරණය කළේය.
Lanka Newsweek © 2026