Thursday 14th of May 2026

English Tamil
Advertiesment


කරාපිටිය රෝහලේ හෘද සැත්කම් සඳහා අත්‍යාවශ්‍ය (Stents), Pre-dilatation සහ Post-dilatation balloons හිඟය සම්බන්ධ දත්ත මත පදනම් විශ්ලේෂණය 


2026-05-13 1314

 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අනාවරණය

 

ඊයේ දිනයේ කරාපිටිය රෝහලේ ප්‍රයිමරි ඇන්ජියෝප්ලාස්ටි (Primary angioplasty) ශල්‍යකර්ම සිදු කිරීමට අවශ්‍ය ස්ටෙන්ත්ස් (Stents), Pre-dilatation සහ post-dilatation balloons හිඟයක් පවතින බවට තමා සිදුකළ ප්‍රකාශය සත්‍ය දත්ත මත පදනම්ව සිදු කළ නමුත් අද වන විට සෞඛ්‍ය බලධාරීන් නිවේදනයක් හරහා මේ ස්ටෙන්ත්ස් (Stents) ප්‍රතිකාර ගාල්ල කරාපිටිය රෝහලේ ඇති බවත් එම ප්‍රතිකාර නිසි පරිදි සිදු කරන බවත් Pre-dilatation සහ post-dilatation balloons අවශ්‍ය පරිදි ඇති බවට සඳහන් කරන බවත් සෞඛ්‍ය බලධාරීන් විසින් නිකුත් කරන ලද එම මාධ්‍ය ප්‍රකාශය සත්‍යයෙන් තොර බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද අනාවරණය කළේය.

(Stents) වර්ග 13ක් හිඟයි

මැයි 11 වන විට ලබා ගත් දත්ත අනුව (Stents) වර්ග 13ක හිඟයක් කරාපිටිය රෝහලේ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ තියෙන්නේ නිවැරදි දත්ත මගින් ලබා ගත් තොරතුරු

ඒ අනුව විශ්කම්භය 2.25 දිග16, විශ්කම්භය 2.25 දිග 22, විශ්කම්භය 2.25 දිග 23, විශ්කම්භය 2.5 දිග 15, විශ්කම්භය 2.5 දිග 18, විශ්කම්භය 2.5 දිග 23, විශ්කම්භය 2.75 දිග 15, විශ්කම්භය 2.75 දිග 18, විශ්කම්භය 2.5 දිග 23, විශ්කම්භය 2.75 දිග 15, විශ්කම්භය 2.75 දිග18, විශ්කම්භය 2.75 දිග 23 සහ විශ්කම්භය 3 දිග 15 යන වර්ග 13ම බරපතල හිඟයක් ඇති බවත් මේ තොරතුරු සියල්ල සත්‍ය බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රජය ගබඩාවල ඇති ප්‍රමාණය අනාවරණය කරන්න

එසේම මි.මි 2.5, 2.75,  Pre-dilatation නැති නිසා ඒවා නැවත භාවිත කරන බවට වාර්තා වෙන බවත් ඊට අමතරව Post-dilatation balloons 2.25, 2.75 පවා නැති බවත් මේ සියලු දත්ත නිවැරදි බවත් මේවා අසත්‍ය තොරතුරු නම් සත්‍ය අනාවරණය කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් රජයේ ගබඩාවල මේවා තිබේ නම් නිවැරදි දත්ත මත පදනම්ව ඒවා සනාථ කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ අඩුපාඩු නැති කිරීම රජයේ වගකීමයි

ගිලන් වු රෝගීන්ගේ බ්ලොක් එක අනුව අදාළ ස්ටෙන්ත්ස් දමන නිසා නිසි ප්‍රමාණයෙන් සහ දිගින් අදාළ ස්ටෙන්ත්ස් තිබිය යුතු බවත් නිවැරදි ස්ටෙන්ත්ස් එක නොමැති නම් අදාළ ශල්‍යකර්ම සාර්ථක නොවන බවත් රජයේ යුතුකම වන්නේ මේ අඩුපාඩු නිවැරදි කිරීම නිසා දැන්වත් මේ හෘද රෝගීන්ට අවශ්‍ය අත්‍යාවශ්‍ය ශල්‍ය උපකරණ කරාපිටිය රෝහලට ලබා දෙන ලෙසත් මේවාට කඩිනම් විසදුම් ලබා දීම රජයේ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

 

 


 

Advertiesment