අද වන විට අප රටේ ගොවිජනතාව පොහොර හිඟය නිසා දැඩි ගැටලු රැසකට මුහුණ දෙන බවත් යූරියා, MOP, TSP වැනි පොහොර හිඟ උග්‍ර වී පොහාර මිල ද දරාගත නොහැකි ලෙස වැඩි වී ඇති බවත් ඊට අමතරව ගුණාත්මකභාවයෙන් ඉහළ බීජ නොමැති වීම ඇතුළු යෙදවුම්වල ගැටලු රැසක් දක්නට ලැබෙන බවත් කෘෂි රසායනවල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ද ගැටලු රැසක් ඇති බවත් මෙවැනි ගැටලු මැද කෘෂි නිෂ්පාදනවලට ලැබෙන ස්ථාවර මිල ප්‍රමාණවත් නොවන බවත් සමස්තයක් ලෙස අලි මිනිස් ගැටුම ඇතුළු වන සත්ව ගැටලු මැද සිදු කරන ගොවිතැනෙ නිෂ්පාදනවලට යන වියදමට සාපේක්ෂව ස්ථාවර මිලක් නොලැබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.
වන අලි මිනිස් ගැටුම හා වන සතුන් මිනිස් ගැටුම නිසා ගොවියා අසරණ වී ඇති බවත් කණකර දේපල උගස් කර සිදු කරන ගොවිතැනට ස්ථාවර මිලක් නොලැබෙන බවට පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන විට රජය බොරුව, ව්‍යාජ තොරතුරු උපයෝගී කර ගෙන ඇග බේරා ගැනීමට උත්සාහ කරන බවත් බොරු පිළිතුරු ලබා දී පෙරලා නැවත ප්‍රශ්න කිරීමේ අවස්ථාව පවා අහිමි කර ඇති බවත් මේ රජය රවටන්නේ සමස්ත ජනතාව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය කවුරු රැවටුවත් ගොවි ජනතාව රැවටිය නොහැකි බවත් පොහොර හිඟය, මිල වැඩි වීම ආදිය ගැන ගොවියා දැනුවත් බවත් කෘෂි රසායන සහ පොහොරවලට පවා පාලන මිලක් නොමැති බවත් මේ ගැටලුවලට විසඳුම් ලබා දීම රජයේ වගකීම බවත් මෙවැනි තත්ත්වයක් තුළ තමන් ලබන අඩු නිෂ්පාදනවලට ලැබෙන අඩු මිල නිසා ගොවිය අසරණ වී ඇති බවත් ගොවියා රජකරවනවා කියා බලයට පැමිණි මේ රජය ගොවියා අන්ත දුප්පත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
එම නිසා ගොවියාට පොහොර, බීජ, කෘෂි රසායන මෙන්ම උපකරණවලට සහන ලබා දී ස්ථාවර මිලක් ලබා දිය යුතු බවත් ගොවියා රජකරවනවා කියා බලයට පැමිණ අද ගොවියා අසරණ කිරීමට මේ රජය කටයුතු කර ඇති මොහොතක ගොවියාගේ මූලික හා මානව අයිතිවාසිකම් සුරක්ෂිත කර ගොවි ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් සමගි ජන බලවේගය ඉදිරියටත් පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Lanka Newsweek © 2026