ඇමරිකාව, ඉරානය, රුසියාව සහ චීනය අතර පවතින ආතතිය ලෝකය තුන් වන ලෝක යුද්ධයක් අද්දරට ගෙන ගොස් ඇති බවට බියක් නිර්මාණය කර තිබේ. එහෙත්, පසුපසින් සිදු වෙමින් ඇත්තේ සෘජු යුද්ධයක් නොව “පාලිත ආතතියක්” බවට ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ඇමරිකාවට අද අවශ්‍ය වන්නේ සම්පූර්ණ යුද්ධයක් නොවේ. ඊට හේතුව සරලය. ඒ න්‍යෂ්ටික බලවතුන් අතර සෘජු ගැටුමක් ඇති වුව හොත්, ජයග්‍රාහකයෙකු නොසිටින බව සියලු පාර්ශව දන්නා බැවිනි. තෙල් වෙළඳ පොළ කඩා වැටීම, හෝර්මුස් සමුද්‍ර සන්ධිය අවහිර වීම, ගෝලීය මුදල් පද්ධතිය අර්බුදයට යාම සහ ආර්ථික කම්පනය ලෝකයම අස්ථාවර කළ හැකි බවට බියක් පවතී.
ඒ නිසාම, ප්‍රසිද්ධියේ තර්ජන හුවමාරු වුවද, පසු පසින් රහසි ගත දූත සබඳතා සහ අවබෝධතා ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි. කටාර්, ඕමාන් සහ පකිස්ථානය වැනි රටවල් අතරමැදියන් ලෙස ක්‍රියා කරමින්, ඇමරිකාව සහ ඉරානය අතර “සීමා නොඉක්ම වන ගැටුමක්” පවත්වා ගැනීමට උත්සාහ කරන බව විදේශ මාධ්‍ය අනාවරණය කර ඇත.
මෙහි සැඟවුණු එකඟතාවය සරල වාක්‍යයකින් පැහැදිලි කළ හැකිය. එනම්, “අපි එකිනෙකාට තර්ජනය කරමු-නමුත් ලෝකයම ගිනි ගන්නා යුද්ධයකට නොයමු.” මේ එකඟතාවය නිල ගිවිසුමක් නොවුණත්, බලවතුන් අතර ඇති නොපෙනෙන “භීතියේ සමතුලිතතාවය” යි. ඇත්තටම අද ලෝකය බේරා ගන්නේ සාමකාමී දේශපාලනය නොව, එකිනෙකා විනාශ කිරීමේ වියදම අධික බාවයයි .
Lanka Newsweek © 2026