Friday 8th of May 2026

English Tamil
Advertiesment


මහා මාර්ග පාතාලයින් එල්ලුම් ගස් යවනු..!


2026-05-08 1430

 

පදින වාහනයෙන් තරම හෙළි වේ

 

ඔබට වාහනයක් ගැනීමට මුදල් තිබුණාට, බුද්ධිය මිලට ගත නොහැකි බව කරුණාවෙන් සලකන්න

 

ශ්‍රී ලංකාවේ මහා මාර්ගවල ධාවනය වන වාහන වර්ග - පන්ති හෙවත් Category සහ යම් යම් වාහන මාදිලි (Models) දුටු විට ධාවනය කරන රියදුරුගේ තත්ත්වය එනම් උගත්කම, බුද්ධිමත්කම, සමාජ තත්ත්වය, සංස්කෘතිය සහ පෞරුෂය හෙළි වන බව කිව යුතුය. මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් වන්නේ කිනම් හෝ වාහන පන්තියක් සහ මාදිලියක් වුව ද වැදගත් අයුරින් ධාවනය කරනා රියදුරන් ද සිටින බවය. 

 

වාහන පන්තිය - මෝටර් සයිකල් (Motor Cycles)

 

 

සත්‍ය වශයෙන් ම අවදානම් සහගත වාහනයකි. ඊට හේතුව ලිපියේ මාතෘකාවට සම්බන්ධයක් නැති භෞතික නියමයන්‍ ය. රෝද දෙකක් පමණක් පැවතීම හේතුවෙන් මහා මාර්ගයේ ධාවනය වන අවදානම් සහගත ම වාහනය යතුරු පැදිය වේ. රියදුරු කොපමණ හොඳින් ධාවනය කළත් නොයෙකුත් හේතු නිසා අනතුරට ලක් විය හැකි වාහනයකි. එම නිසා මහා මාර්ගය භාවිත කරන සියලු දෙනා ඒ බව සිහි තබා ගත යුතුය. 

 

වාහන මාදිලිය - Bajaj CT 100

 

 

අඩුම බුද්ධිමත් භාවයක් ඇති පිරිස් වැඩි වශයෙන් භාවිත කරන මාදිලිවලින් එකකි. වැඩි වශයෙන් යොවුන් වියේ පසු වන අඩු ආදායම්ලාභී පවුල්වල දූ දරුවෝ CT100 භාවිත කරති. නව යොවුන් මදය නිසාවෙන් මොවුහු අධික වේගයෙන් ධාවනයේ යෙදෙති. වේගයෙන් ධාවනය කිරීම විනා හදිසි අවස්ථාවක දී නැවැත්වීම ගැන කිසිදු අදහසක් නැත. කුසල් විපාක බලයෙන් ම දුවති. අනෙකු රියදුරන්ගේ දක්ෂතාවය නිසා නොමැරී ගෙදර යති.

 

වාහන මාදිලිය - Bajaj Pulser N160/ NS 200

 

                    

 

මහා මග වැඩ්ඩෝ මොවුහු වෙති. උපරිමයෙන් මහ මග රඟති. තරුණ පරම්පරාවේ Dream Bikes මේවායි. Brand New මිලට ගෙන අවුරුද්දෙන් මලකඩ කෑම ආරම්භ වුව ද Show Off එක අඩු නොවේ. වඳුරාට දැලි පිහිය ලැබුණා වගේ  Bajaj සමාගමෙන් මොවුන්ගේ යකඩ අශ්වයාට LED Low-Head Beam ලබා දී ඇත. මොවුහූ අනෙකුත් රියදුරන් පීඩාවට පත් කරන චේතනාවෙන් Head Beam ගසති. ඉදිරියෙන් එන රියදුරු තාවකාලික අන්ධ භාවයකට පත් වේ. එවිට මන්ද මානසික Pulsur රියදුරු සතුටට පත් වේ. කිසිවකු මොවුන්ව Over Take කළ හොත් දරුණු ලෙස කිපී Road Rage අරඹති.

 

වාහන මාදිලිය - Yamaha FZ/FZS 150 & MT15

 

   

 

බොහෝ දුරට Descent Crowd එකක් පදින වාහනයකි. වමට දකුණට හර වන විට නිවැරදි පරිදි Signal Lights දමති. අවදානම්කාරී ලෙස වේගයෙන් නොයති. සාපේක්ෂව බුද්ධිමත් කොට්ඨාසයක් විසින් ධාවනය කරන රථයකි. තවත් Bike Models සම්බන්ධයෙන් රසවත් තොරතුරු ඇති නමුත් ලිපිය දීර්ඝ වන බැවින් පළ නොකිරීමට වග බලා ගනිමු. 

 

 
වාහන පන්තිය - ත්‍රී රෝද රථ (Three Wheelers) BAJAJ & TVS

 

 

රෝද තුනක් පමණක් ඇති බැවින් භෞතික නියමයන් නැවත හරස් වේ. අවදානම අතින් මෝටර් සයිකලයට පමණක් දෙවෙනි වේ. මහා මාර්ගයේ පිළිකාව ත්‍රී රෝද රථයයි. ඒ පිළිකාව දිනෙන් දින වර්ධනය වෙමින් මුළු සමාජ දෙහයම වෙළා ගෙනය. දරුණු ලෙස අවදානම් සහගත වාහනයකි. ශ්‍රී ලාංකික ජන සමාජයේ පහළ ම ස්ථරයේ ජනප්‍රිය ම වාහනය ත්‍රී රෝද රියයි. 

ත්‍රී රෝද රථ පද වන රියදුරන්ගෙන් අති බහුතරය අතිශය නූගත්, ඉතා අඩු බුද්ධියක් ඇති, අශිෂ්ට සහ ප්‍රකෝපකාරී Dream Walkers රැලකි. Signal Lights යනු මොනවාද සහ එවැන්නක් වාහනයට සවි කර ඇත්තේ ඇයි දැයි ඔවුහූ නොදනිති. තමා වාහනය පදවන්නේ සියල්ලන්ට පොදුවේ පරිහරණය කිරීමට තිබෙන මාර්ගවල බව ඔවුහූ නොදනිති. සිය ගෙදර සාලය හරහා යනවා වගේ ඔවුහූ මහා මග යති. මහා මාර්ගයේ දකුණු පසින් පැයට කිලෝ මීටර් 30ක වේගයෙන් යති. ලස්සනට දිළිසෙන්නට Signal Light දමා ගෙන යති. 

වමට Signal යොදා දකුණට හර වන අතර දකුණුට Signal යොදා වමට හරවති. මාර්ගයේ දකුණු පස ගැන කිසි තැකීමක් නොකොට U-Turn ගසති. දකුණු පසින් එන ඔබ Brake එක උඩ හිට ගෙන තිරිංග යෙදිය යුතුය. මොවුහූ මේ වන විට සුලභව Powerful LED භාවිත කරති. ඉදිරියෙන් එන රියදුරුට එම ආලෝකය බලවත් පීඩාවකි. නිරන්තරයෙන් වමෙන් ඉස්සර කරන්නෝ වෙති. සිය රථය තොරොම්බල් කරත්තයක් සේ සැරසීම මොවුන්ගේ ඒකායන පාර්ථනයයි. එල්ලන Nickel කෑල්ලක් පාසා මොවුහූ සතුටු වෙති. ආර්ථික දරිද්‍රතාවයටත් වඩා චින්තන දරිද්‍රතාවයකින් පෙළෙන කොට්ඨාසයකි. මහා මාර්ගයේ මෙම වාහනය දුටු විට අවදානම් සහගත බව සිහි තබා ගෙන තමා මාර්ගය පරිහරණය කළ යුතුය.


 

 

වාහන පන්තිය - වෑන් රථ (Vans - Dual purpose vehicles)

 

 

තවත් ආවේගශීලී රියදුරන් විසින් වැඩි වශයෙන් ධාවනය කරන වාහන පන්තියකි. මේ වාහන Passive Safety අඩු වාහන වුව ද පදවන්නන් සිතන්නේ සුපිරි safety සහ Performance ඇති වාහන ලෙස ය. Delivery Purpose සඳහා නිෂ්පාදනය කර ඇති ශ්‍රී ලංකාවේ ධාවනය වන Van බහුතරයක්, Passenger Purpose සඳහා භාවිත වේ. තොරොම්බල් කෑලි එල්ලීමේ ප්‍රවණතාවය සාමාන්‍යයෙන් වැඩි අගයක් ගනී. සාපේක්ෂව අඩු බුද්ධිමත් භාවයක් සහිත රියදුරන් විසින් වැඩි වශයෙන් පදවන වාහන පන්තියකි. Moderate අවදානමක් සහිත බව සිහි තබා ගැනීම කාලෝචිතයි.

වාහන පන්තිය - කාර් රථ (Cars)

 

 

ශ්‍රී ලංකාවේ මහා මාර්ගවල වැඩිපුර ම අගතියට පත් වන වාහන පන්තිය මේ වර්ගයයි. ඊට හේතු කීපයක් බලපා තිබේ. එනම්, බස් - ලොරි රථ වැනි විශාල වාහනවලට සාපේක්ෂව කාර් රථ අතිශයින් සුකුමාල වීම සහ මෝටර් සයිකල් - ත්‍රී රෝද රථවලට සාපේක්ෂව Accident Repair Cost අති විශාල වීම දැක්විය හැකිය. 

එමෙන්ම ඉහත හේතු දෙක නිසා කාර් රථ රියදුරන්ට ලොකු වාහන සහ පොඩි වාහන යන දෙකොට්ඨාසය ගැනම භීතිකාවෙන් යුතුව රිය පැදවීමට සිදුවීම සහ මාර්ගයේ ඉඩක් දුටු තැන අස්සෙන් රිංගවන Bikes & Three Wheelers ගැන නිරන්තර අවධානයෙන් සිටීමට සිදු වීම ද පෙන්වා දිය හැකිය. 

සාපේක්ෂව උගත්, බුද්ධිමත් සහ සමාජයේ ඉහළ ස්ථරය නියෝජනය කරන බහුතරයක් පිරිස විසින් පදවන වාහන පන්තිය මේ වර්ගයයි. හද්දා පරණ කාර් ලඩි බොහෝ විට පද වන්නේ ඉහත විස්තර කළ පුද්ගල කාණ්ඩය නොවන බව ද පෙන්වා දිය යුතුය. පොදුවේ ගත් කල ඉවසිලිවන්ත, අනෙකුත් පුද්ගලයන්ට ගරු කරන, මාර්ග නීති අනුගමනය කරන, සාමකාමී පිරිසක් විසින් කාර් රථ ධාවනය කෙරේ. 


වාහන පන්තිය - Kei Car
වාහන මාදිලිය - Suzuki Wagon R

 

 

මේ පහළ මධ්‍යම පන්තියේ Dream Vehicle එකයි. Under Powered Engine එකක් ඇති නමුත් මේ වාහනය පදවන රියදුරන් බොහෝමයක් සිතන්නේ ඔවුන් Super Car රථයක් පදවනවා බවය. 660cc එන්ජින්ම කෑ ගස්සවමින් වැඩ ගනී. වාහනයට ඔරොත්තු නොදෙන වේගයකින් සිය ෆෙරාරිය පදවයි, 130 Km/H අමාරුවෙන් Achieve කරයි. මරණ වරෙන්තුව අතේ තබා ගෙන පාරම් බාති. Videos දමා Facebook හී ද රඟති. අවශේෂ හුදී ජනයා අසරණයන්ට අනුකම්පා කරති. මෙම වාහනය පදවන මහත්වරුන් ද සිටින බව නැවත අවධාරණය කළ යුතු ය. 

ඉහත වර්ගීකරණයන්ට අසු නොවන තවත් වාහන වර්ග කීපයක් ඇත. ඇත්ත වශයෙන්ම මෙම වාහනවලට ද මෙම අපකීර්තිය ලැබී ඇත්තේ රථයේ ඇති දෝෂ නිසාවෙන් නොව පදවන්නන්ගේ ක්‍රියා කලාපයන් නිසා ය. මහා මාර්ගවල කැපී පෙනෙන තව වාහන මාදිලි දෙකක් ඇත. එවා නම් Suzuki Every සහ Mahidra Pick Up Trucks ය. මොවුන් ක්‍රියා කරනේ කුලප්පු වූ මීහරක් ලෙසය. සාපේක්ෂව පහළ ජීවන තත්ත්වයක් ඇති අය අතර වැඩි වශයෙන් භාවිත වේ. 

 

වාහන පන්තිය - බස් රථ (Buses)

 

 

 

මහා මාර්ගයේ දරුණුතම පාතාලයින් මොවුහූ වෙති. මහ දවල් මහ මග මිනී මරන මොවුන් කිසිවකුට බය නැත. Traffic පොලීසියට පමණක් තරමක් බය වේ. ඊට හේතුව ද මුදල් වියදම් වන නිසාය. නොඑසේ නම් නීතියට ඇති භිය, ගෞරවය හෝ  පක්ෂපාතීත්වය නිසා නොවේ. 

බස් රථ රියදුරන් බහුතරය කුමන හෝ මත් ද්‍රව්‍යයක් පානය කර රිය පදවන්නෝ වෙති. බුලත් විටේ සිට අයිස් (Crystal Meth), කුඩු (Heroine) දක්වා කුමක් හෝ විෂක් ශරීර ගත කොට ගෙන මග මරුවෝ ලෙසින් මහා මග රඟති. දෙසවන් බිහිරි කරවන මට්ටමේ Horn ගසති. අලි-ඇතුන්ට ගැසිය යුතු අන්දමේ නළා ශබ්දයන් ජනාකීර්ණ මහ මග ගසති. බස් රියදුරු බහුතරය අඳ බාල, මුග්ධ, අශිෂ්ට නරුමයෝ වෙති.

කිසිම වාහනයකට ඉඩ නොදෙති. මගියකු නංවා ගැනීම පිණිස නැවැත්වීමේ දී පවා හැකි නම් මාර්ගය අවහිර කර නවත්වති. මී හරකුන් මෙන් Break ගසති. එවිට Bus රථයේ හිට ගෙන ගමන් කරනා මගීන් බලවත් ලෙස අපහසුතාවයට පත් වේ. වාහනයේ විශාලත්වය අවියක් කොට ගෙන අනෙකුත් රියදුරන් සහ මාර්ගයේ පදිකයන් පෙළති. බලවත් මානසික සංකූලතා (Severe Mental Disorders) වලින් පෙළෙන බස් රථ රියදුරන් බහුතරය, දැඩි අවදානම් සහගත බව තරයේ සිහි තබා ගත යුතුය. 

තොරොම්බල් කරත්ත Modifications ආදියට බෙහෙවින් රුචි වෙති. Nickle Plate කිලෝ 50 ක් පමණ සුදු යකඩ බොඩියේ එල්ලති. "සැමදා වෙසක්" තේමා පාඨය මූලික කොට ගනිමින් LED Bulbs 100 ක් 200 ක් පමණ බඳේ එල්ලති. ඉදිරියෙන් එන රියදුරන්ට අකුණු ගැසුවාක් වැනි Flasher Lights ගසා පුදුම ප්‍රීතියක් ලබති.

 

ඔබ බස් රථ පාතාලයේ ගොදුරක් නොවේවා..! 
 

 
Advertiesment