Wednesday 6th of May 2026

English Tamil
Advertiesment


නිද­හස් වෙළෙඳ ගිවි­සු­ම්ව­ලට එළ­ඹීම කාලෝ­චි­තයි


2026-05-06 1285

ශ්‍රී ලංකාව ඉති­හා­සයේ දරු­ණු­තම ආර්ථික අර්බු­ද­ය­කට මුහුණ දී ඉන් මිදීම සඳහා වෙහෙ­සෙ­මින් සිටින මොහො­තක, ගෝලීය දේශ­පා­ල­නික සහ ආර්ථික ප්‍රව­ණතා මෙරට අනා­ග­තය කෙරෙහි තීර­ණා­ත්මක බල­පෑ­මක් එල්ල කර­මින් තිබේ. විශේ­ෂ­යෙන් මැද­පෙ­ර­දිග කලා­පයේ පව­තින නොස­න්සු­න්කාරී වාතා­ව­ර­ණය හමුවේ, මෙරට අප­න­යන ආදා­යම සුර­ක්ෂිත කර­ග­නි­මින් තිර­සර වර්ධ­න­යක් කරා යන ගමන පිළි­බ­ඳව කොළඹ විශ්ව­වි­ද්‍යා­ලයේ ආර්ථික විද්‍යා අංශයේ මහා­චාර්ය ප්‍රියංග දුණු­සිංහ මහතා ඉදි­රි­පත් කරන විශ්ලේ­ෂ­ණ­යෙන් මෙම ලිපිය සැකසේ.

 

 

ගෝලීය අභි­යෝග

 

වත්මන් මැද­පෙ­ර­දිග යුද ගැටුම ලෝක ආර්ථි­ක­යට ප්‍රධාන ආකාර තුන­කින් බල­පායි. පළ­මු­වැන්න වන්නේ, ගෝලීය ඉන්ධන සහ ගෑස් මිල ඉහළ යෑමයි. මෙය ලෝක ආර්ථි­කය තුළ උද්ධ­ම­න­කාරී තත්ත්ව­යක් ඇති කිරී­මට සමත් වන අතර, කෙටි කාලී­නව ආහාර ඇතුළු අත්‍ය­වශ්‍ය භාණ්ඩ හා සේවා මිල ඉහළ යෑමට හේතු වේ.

දෙව­නුව, මෙම­ඟින් ඇති­වන ගෝලීය සමාජ ආර්ථික සහ දේශ­පා­ල­නික අස්ථා­ව­ර­ත්වය, ආයෝ­ජන සහ නිෂ්පා­දන කට­යු­තු­ව­ලට අහි­ත­කර ලෙස බල­පා­මින් මූල්‍ය වෙළෙ­ඳ­පො­ළ­ බිඳ වැටී­මට මඟ පෑදිය හැකිය.

තෙව­නුව, ජාත්‍ය­න්තර වෙළෙඳ, සංචා­රක සහ ගම­නා­ග­මන කට­යුතු අඩ­පණ වීම හරහා ගෝලීය ආර්ථික වර්ධ­න­යට සෘණා­ත්මක බල­පෑම් එල්ල වේ. ශ්‍රී ලංකාව වැනි රට­කට මෙම තත්ත්වය ඍජු­වම බල­පාන අතර, මෙරට අප­න­යන ආදා­යම ඉහළ නංවා ගැනී­මට නම් දැනට අඩ­ප­ණව ඇති නිද­හස් වෙළෙඳ ගිවි­සුම් වහාම සක්‍රිය කළ යුතු­මය. අනා­ගත ලෝක වෙළෙ­ඳාම තීර­ණය වන්නේ රට­වල් අතර ඇති කර­ගන්නා වෙළෙඳ ගිවි­සුම් මත බැවින්, මේ කෙරෙහි රජයේ දැඩි අව­ධා­නය යොමු විය යුතුය.

 
ආර්ථික පරි­ව­ර්තන පනත

 

මෙරට ආර්ථි­කයේ ව්‍යූහා­ත්මක වෙන­ස්කම් සිදු කිරීම සඳහා මෑත­කදී පාර්ලි­මේ­න්තුවේ සම්මත වූ ‘ආර්ථික පරි­ව­ර්තන පනත’ තීර­ණා­ත්මක පිය­ව­රකි. මෙම පනතේ මූලික අර­මුණ වන්නේ විදේශ ආයෝ­ජන වැඩි වශ­යෙන් ආක­ර්ෂ­ණය කර ගැනීම සහ ශක්ති­මත් අප­න­යන අංශ­යක් ගොඩ­නැ­ඟී­මයි.

මේ යටතේ දැනට පව­තින ආයෝ­ජන මණ්ඩ­ලය (BOI), අප­න­යන සංව­ර්ධන මණ්ඩ­ලය (EDB) සහ කාර්මික සංව­ර්ධන මණ්ඩ­ලය වැනි ආය­තන කිහි­ප­යක් ඒකා­බද්ධ කර වඩාත් කාර්ය­ක්ෂම යන්ත්‍ර­ණ­යක් සකස් කිරී­මට යෝජි­තය. ඒ අනුව, ‘ඉන්වෙස්ට් ශ්‍රී ලංකා’ (Invest Sri Lanka) හරහා විදේශ ආයෝ­ජන ද, ‘සෝන් ශ්‍රී ලංකා’ (Zone Sri Lanka) හරහා නිද­හස් වෙළෙඳ කලාප සහ කාර්මික කලාප ද නව පාල­න­යක් යට­තට ගෙන ඒමට සැල­සුම් කර ඇත. මීට අම­ත­රව ජාත්‍ය­න්තර වෙළෙඳ සබ­ඳතා ශක්ති­මත් කිරීම සඳහා විශේ­ෂිත වෙළෙඳ කාර්යා­ල­යක් පිහි­ටු­වී­මට ද පනත මඟින් පෙන්වා ඇත.

අපගේ අස­ල්වැසි ඉන්දි­යාව 2000 වසරේ සිට මේ දක්වා නිද­හස් වෙළෙඳ ගිවි­සුම් 07ක් අත්සන් කර­මින් ලෝක වෙළෙ­ඳ­පොළ තුළ සිය ආධි­ප­ත්‍යය පතු­රුවා තිබුණ ද, ශ්‍රී ලංකාව තුළ සක්‍රි­යව පව­තින්නේ ඉන්දු – ලංකා වෙළෙඳ ගිවි­සුම පම­ණකි. පාකි­ස්තා­නය, සිංග­ප්පූ­රුව සහ තායි­ල­න්තය සමඟ ඇති කර­ගත් ගිවි­සුම් තව­මත් නිසි ලෙස ක්‍රියා­ත්මක නොවීම අප රටක් ලෙස පසු­ප­සට යෑමට හේතු­වකි.

 
රාජ්‍ය ආදා­යම සහ මූල්‍ය විනය

 

පුන­රා­ග­ම­නය 2025 වාර්ෂික ආර්ථික විව­ර­ණය පිළි­බඳ විම­සු­මක් ශ්‍රී ලංකාවේ ආර්ථි­කය දරුණු කඩා­වැ­ටී­ම­කින් පසු යළි ප්‍රකෘ­ති­මත් වීමේ මාව­තට අව­තීර්ණ වී ඇති බව තහ­වුරු කර­මින්, ශ්‍රී ලංකා මහ බැංකුව සිය 2025 වසර සඳහා වූ වාර්ෂික ආර්ථික විව­ර­ණය ඉකුත් මස 20 වැනිදා නිකුත් කළේය.

ආර්ථික වර්ධ­නයේ ස්ථාවර ගමන් මඟ 2025 වසර ශ්‍රී ලංකා ආර්ථික ඉති­හා­සයේ තීර­ණා­ත්මක සන්ධි­ස්ථා­න­යක් සනි­ටු­හන් කළේය. වාර්තා­වට අනුව, මෙරට මූර්ත දළ දේශීය නිෂ්පා­දි­තය (Real GDP) සිය­යට 5.0ක වර්ධ­න­යක් වාර්තා කර ඇත. මෙය ආර්ථි­කය අඛ­ණ්ඩව දෙවන වස­ර­ටත් ප්‍රසා­ර­ණය වීමක් ලෙස හඳු­නා­ගත හැකිය. 2024 වසරේ වාර්තා වූ සිය­යට 5.0ක වර්ධන වේග­යම 2025 වස­රේදී ද පවත්වා ගැනී­මට හැකි­වීම තුළින් පෙනී යන්නේ ආර්ථික ක්‍රියා­කා­ර­කම් ස්ථාවර මට්ට­ම­කට පැමිණ ඇති බවයි. මෙම වර්ධ­න­යට ප්‍රධාන වශ­යෙන් දායක වී ඇත්තේ කර්මාන්ත සහ සේවා අංශ­යන්ය. කර්මාන්ත අංශය සිය­යට 7.8ක සැල­කිය යුතු වර්ධ­න­යක් අත්ක­ර­ගෙන ඇති අතර, සේවා අංශය සිය­යට 3.3ක සහ කෘෂි­ ක­ර්මා­න්තය සිය­යට 1.4ක වර්ධ­න­යක් සනි­ටු­හන් කර ඇත. මේ අනුව, ඒක­පු­ද්ගල දළ දේශීය නිෂ්පා­දි­තය ඇමෙ­රි­කානු ඩොලර් 5,003 දක්වා ඉහළ ගොස් ඇති අතර, එය 2024 වසරේ පැවති ඩොලර් 4,546 ට සාපේ­ක්ෂව කැපී පෙනෙන වර්ධ­න­යකි.

 
ස්ථාවර තැන්පතු

 

2025 වසරේ අගෝස්තු මාස­යේදී උද්ධ­ම­නය යළි ධන අග­යක් ගන්නා තෙක් මෙරට ආර්ථි­කය යම් කාල­සී­මා­වක් අව­ධ­මන (Deflation) තත්ත්ව­යක පැව­තිණි. ආහාර මිල ඉහළ යෑම සහ බල­ශක්ති මිල ගණන් පහළ යෑමේ වේගය අඩු වීම මීට ප්‍රධාන හේතු විය. සම­ස්ත­යක් ලෙස 2025 වසරේ වාර්ෂික සාමාන්‍ය උද්ධ­ම­නය සෘණ සිය­යට 0.5ක් (-0.5%) ලෙස වාර්තා වී ඇත. මෙම අඩු උද්ධ­ම­න­කාරී පරි­ස­රය තුළ මහ බැංකුව සිය මුදල් ප්‍රති­ප­ත්තිය ලිහිල්ව පව­ත්වා­ගෙන ගියේය. ඒ අනුව, ප්‍රති­පත්ති පොලී අනු­පා­තික පහළ දැමී­මට පිය­වර ගත් අතර, 2025 වසර අව­සා­නය වන විට ස්ථාවර තැන්පතු පහ­සු­කම් අනු­පා­ති­කය (SDFR) සිය­යට 7.25ක් සහ ප්‍රති­මූල්‍ය පහ­සු­කම් අනු­පා­ති­කය (SLFR) සිය­යට 8.25ක් දක්වා අඩු විය. මේ හේතු­වෙන් පෞද්ග­ලික අංශ­යට ලබා­දුන් ණය ප්‍රමා­ණය රුපි­යල් බිලි­යන 2,056කින් හෙවත් සිය­යට 25.2කින් ඉහළ ගොස් ඇත.

 
විදේ­ශීය අංශයේ ශක්ති­මත් වීම

 

විදේ­ශීය අංශයේ ක්‍රියා­කා­රී­ත්වය 2025 වස­රේදී බෙහෙ­වින් ප්‍රශස්ත මට්ට­මක පැව­තිණි. විශේ­ෂ­යෙන්ම සංචා­රක කර්මා­න්ත­යෙන් සහ විදේශ ප්‍රේෂ­ණ­ව­ලින් ලැබුණු ආදා­යම ආර්ථි­ක­යට විශාල ශක්ති­යක් විය. විදේ­ශීය සේවා නියු­ක්ති­ක­යින්ගේ ප්‍රේෂණ 2025 වස­රේදී ඇමෙ­රි­කානු ඩොලර් බිලි­යන 8.1ක් දක්වා ඉහළ ගොස් ඇත. එය මෙතෙක් වාර්තා වූ ඉහ­ළම අග­යකි. එමෙන්ම සංචා­රක පැමි­ණීම් මිලි­යන 2.36ක් දක්වා වර්ධ­නය වී තිබේ. වාහන ආන­යන සීමා ඉවත් කිරී­මත් සමඟ ආන­යන විය­දම් ඉහළ ගිය ද, සේවා අප­න­ය­න­වල සහය ඇතිව ජංගම ගිණුම අඛ­ණ්ඩව තෙවන වස­ර­ටත් අති­රි­ක්ත­යක් (ඩොලර් බිලි­යන 1.7ක්) වාර්තා කිරී­මට සමත් විය.

 
නොපි­යවූ ණය

 

මෙරට නිල විදේශ සංචිත ප්‍රමා­ණය 2025 අව­සා­නය වන විට ඇමෙ­රි­කානු ඩොලර් බිලි­යන 6.8 දක්වා ශක්ති­මත් වී ඇත. රුපි­යල මධ්‍යස්ථ මට්ට­මක අව­ප්‍ර­මා­ණය වූ අතර, 2025 වසරේ සාමාන්‍ය විනි­මය අනු­පා­ති­කය රුපි­යල් 309.99ක් ලෙස වාර්තා විය. රාජ්‍ය මූල්‍ය සහ ණය තිර­ස­ර­භා­වය රාජ්‍ය මූල්‍ය අංශයේ සිදු කරන ලද ප්‍රති­සං­ස්ක­ර­ණ­වල ප්‍රති­ඵල දැන් ක්‍රම­යෙන් නෙළා ගනි­මින් පවතී. ආදා­යම් මත පද­නම් වූ රාජ්‍ය මූල්‍ය ඒකා­ග්‍රතා ක්‍රියා­ව­ලිය හේතු­වෙන් ප්‍රාථ­මික ගිණුමේ අති­රි­ක්තය දළ දේශීය නිෂ්පා­දි­තයේ ප්‍රති­ශ­ත­යක් ලෙස සිය­යට 5.4ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය 2024 වසරේ පැවති සිය­යට 2.2 ට සාපේ­ක්ෂව විශාල ප්‍රග­ති­යකි. වඩාත්ම සතු­ටු­දා­යක කරුණ වන්නේ, මධ්‍යම රජයේ නොපි­යවූ ණය ප්‍රමා­ණය දළ දේශීය නිෂ්පා­දි­තයේ ප්‍රති­ශ­ත­යක් ලෙස සිය­යට 95.5 සිට සිය­යට 91.6 දක්වා පහළ බැසී­මයි. මෙය මෙරට ණය තිර­ස­ර­භා­වය තහ­වුරු කිරීමේ ගමනේ ඉතා වැද­ගත් සන්ධි­ස්ථා­න­යකි. මූල්‍ය අංශය සහ නවී­ක­ර­ණය බැංකු සහ බැංකු නොවන මූල්‍ය අංශය 2025 වස­රේදී ලාභ­දායී මට්ට­මක පැවති අතර, ඔවුන්ගේ වත්ක­ම්වල ගුණා­ත්ම­ක­භා­වය ඉහළ ගොස් තිබේ. ඩිජි­ටල් ගෙවීම් ප්‍රව­ර්ධ­නය, සයි­බර් ආර­ක්ෂ­ණය වැඩි­දි­යුණු කිරීම සහ මූල්‍ය පද්ධ­තිය නවී­ක­ර­ණය කිරීම සඳහා මහ බැංකුව විශේෂ අව­ධා­න­යක් යොමු කර ඇත. මීට අම­ත­රව, මුදල් විශු­ද්ධි­ක­ර­ණය සහ ත්‍රස්ත­වා­ද­යට මුදල් සැප­යීම මැඬ­පැ­වැ­ත්වීමේ ක්‍රියා­මාර්ග ද අඛ­ණ්ඩව ක්‍රියා­ත්මක වේ.

රාජ්‍ය මූල්‍ය විනය සහ ණය බර අඩු වීම රජයේ ආදා­යම් කළ­ම­නා­ක­ර­ණය ද සාධ­නීය මට්ට­ම­කට පැමි­ණෙ­මින් තිබේ. රජයේ ආදා­යම දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් 16.7%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ප්‍රාථ­මික ගිණුමේ අති­රි­ක්තය 5.4% කි. වඩාත් වැද­ගත් වන්නේ, මධ්‍යම රජයේ ණය ප්‍රමා­ණය දළ දේශීය නිෂ්පා­දි­තයේ ප්‍රති­ශ­ත­යක් ලෙස 95.5% සිට 91.6% දක්වා පහළ බැස තිබී­මයි. මූල්‍ය අංශයේ ස්ථාව­ර­ත්වය බැංකු ක්ෂේත්‍රයේ දියු­ණුව පෙන්ව­මින්, අක්‍රිය ණය අනු­පා­ති­කය (NPL) 12.3% සිට 9.7% දක්වා පහළ ගොස් ඇත. මෙය බැංකු පද්ධ­තියේ ශක්ති­ම­ත්භා­වය සහ ණය ආපසු ගෙවීමේ හැකි­යාව වර්ධ­නය වී ඇති බවට මනා සාක්ෂි­යකි. සම­ස්ත­යක් ලෙස ගත් කල, 2025 වසර යනු ශ්‍රී ලංකාව ආර්ථික වශ­යෙන් ස්වයං­පෝ­ෂිත සහ ස්ථාවර මාව­ත­කට අව­තීර්ණ වූ වස­රකි. උද්ධ­ම­නය පාල­නය වීම, පොලී අනු­පාත පහළ යෑම සහ ඒක පුද්ගල ආදා­යම ඉහළ යෑම හරහා සාමාන්‍ය ජන­තා­වට මෙහි ප්‍රති­ලාභ ඍජු­වම අත්වි­ඳී­මට අව­ස්ථාව සැල­සෙනු ඇත. අභි­යෝග සහ ඉදිරි දැක්ම ආර්ථි­කය මෙලෙස ස්ථාවර වුවද, ඉදි­රි­යේදී එල්ල විය හැකි අභි­යෝග පිළි­බ­ඳව ද මහ බැංකු වාර්තාව අන­තුරු අඟ­වයි.

 
ජනතා සහන

 

රාජ්‍ය ආදා­යම ඉහළ ගියද, පව­තින ආර්ථික තත්ත්වය හමුවේ විශාල වශ­යෙන් බදු සහන ලබා දීමට රජ­යට හැකි­යා­වක් නොමැති බව කිව­යු­තුය. කෙසේ වෙතත්, 18%ක වැට් (VAT) බද්ද හේතු­වෙන් පීඩා­වට පත්ව සිටින ජන­තා­වට සහ­න­යක් වීමට නම් රජය වක්‍ර බදු වෙනු­වට ධන බද්ද වැනි සෘජු බදු කෙරෙහි අව­ධා­නය යොමු කළ යුතුය. රජයේ සහන ලබා දීමේ වැඩ­පි­ළි­වෙළ සියලු දෙනා­ටම පොදුවේ ලබා දෙනවා වෙනු­වට, දරි­ද්‍රතා රේඛා­වෙන් පහළ සිටින 12.5%ක් වන අති­ශය දුප්පත් ජන­තාව ඉලක්ක කර ගනි­මින් ක්‍රියා­ත්මක විය යුතු බවට යෝජනා කරමු.

 
ආයෝ­ජන පරි­ස­රය සහ අප­න­යන වර්ධ­නය

 

ශ්‍රී ලංකාවේ අප­න­යන ආදා­යම 7%ක වර්ධ­න­යක් පෙන්වු­වද, එය විය­ට්නා­මය (16%) වැනි රට­වල් සමඟ සස­ඳන විට ඉතා මන්ද­ගාමී වේ. විදේශ ආයෝ­ජ­ක­යින් ආක­ර්ෂ­ණය කර ගැනී­මට හුදු බදු සහන පම­ණක් ප්‍රමා­ණ­වත් නොවන බවත්, ඒ සඳහා වංචාව සහ දූෂ­ණය පිටු­දැ­කීම, රාජ්‍ය සේවය ඩිජි­ට­ල්ක­ර­ණය කිරීම සහ ඉඩම් හා ශ්‍රම වෙළෙ­ඳ­පොළ ප්‍රති­සං­ස්ක­ර­ණය කිරීම අත්‍ය­වශ්‍ය බවත් පැහැ­දිලි කරු­ණකි.

 
කාන්තා ශ්‍රම සහ­භා­ගි­ත්වය

 

ශ්‍රී ලංකාවේ ආර්ථි­කය නැංවී­මට ඇති ප්‍රධා­න­තම රහ­සි­ගත ආයු­ධය වන්නේ කාන්තා ශ්‍රම දාය­ක­ත්ව­යයි. දැනට රැකියා විර­හි­තව සිටින ලක්ෂ තුනක උගත් තරු­ණි­යන් ඇතුළු කාන්තා­වන් ලක්ෂ පහක් පමණ කෙටි කාල­යක් තුළ ශ්‍රම බළ­කා­යට එකතු කර ගැනීමේ හැකි­යාව පවතී. මේ සඳහා දිවා සුරැ­කුම් මධ්‍ය­ස්ථාන ඇති කිරීම, ආර­ක්ෂිත ‘රෝස බස්’ (Pink Buses) වැනි ප්‍රවා­හන සේවා හඳුන්වා දීම සහ නිවසේ සිට වැඩ කළ හැකි නම්‍ය­ශීලී සේවා මුර ඇති කිරීම වැනි ප්‍රායෝ­ගික විස­ඳුම් අය­වැය හරහා ඉදි­රි­පත් කළ යුතුය.

 
සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යින්

 

ආර්ථි­කයේ කොඳු නාර­ටිය බඳු සුළු හා මධ්‍ය පරි­මාණ ව්‍යව­සා­ය­ක­යින් (SME) නඟා සිටු­වීම සඳහා රජය මැදි­හත් විය යුතුය. නමුත් එය හුදෙක් ණය පොලී කපා හැරී­ම­කට පම­ණක් සීමා නොවිය යුතු බව මහා­චා­ර්ය­ව­රයා පෙන්වා දෙයි. බැංකු පද්ධ­තියේ ස්ථාව­ර­ත්වය සුර­කි­මින්, ඔවුන්ට අවශ්‍ය මූල්‍ය විනය, කළ­ම­නා­ක­රණ පුහු­ණුව සහ නව වෙළෙ­ඳ­පොළ අවස්ථා ලබා දීම රජයේ වග­කී­මකි.

ශ්‍රී ලංකාවේ මූලික ඉල­ක්කය විය යුත්තේ 7% – 8% ක වාර්ෂික ආර්ථික වර්ධන වේග­යක් ළඟා කර ගැනී­මයි. කෙටි කාලීන දේශ­පා­ලන වාසි තකා සහන බෙදා දීමෙන් සිදු වන්නේ රට නැව­තත් ආර්ථික අගා­ධ­ය­කට ඇද වැටී­මයි. ඒ වෙනු­වට, ආර්ථික ප්‍රති­සං­ස්ක­ර­ණ­වල ප්‍රති­ලාභ සැබෑ ලෙසම ජන­තාව වෙත ගලා යන තිර­සර වැඩ­පි­ළි­වෙ­ළක් ක්‍රියා­ත්මක කිරීම තුළින් පම­ණක් ශ්‍රී ලංකා­වට සමෘ­ද්ධි­මත් අනා­ග­ත­යක් කරා ගමන් කළ හැකිය.

 
-දිනමිණ-
(ජය­සිරි මුණ­සිංහ)

 

Advertiesment