Tuesday 5th of May 2026

English Tamil
Advertiesment


ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීමේ වගකීම හැකරුන් පිට පටවා රජයට පැත්තකට විය නොහැකියි  


2026-05-05 1258

 

-විපක්ෂ නායක අවධාරණය කරයි- 

 

ඇ. ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික ලෙස වෙනත් ගිණුමකට යොමුවූයේ 2025 දෙසැම්බර් සහ 2026 ජනවාරි අතර කාලයේ බවත් අප රටේ සිවිල් ප්‍රජාව සහ සමගි ජන බලවේගය මාධ්‍ය හරහා මේ කරුණු රටට හෙළිදරව් කරනතුරු මේ කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සහ රට දැනුවත් කරන්න රජය කටයුතු නොකළ බවත් රජය මේ වරද පිළිගනු ලැබුවත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මුදල් කමිටුවට පැමිණ මුහුණ දෙන්න ප්‍රතික්ෂේප කළ බවත් ඒ කාලයේ වැඩතහනම් වූ නිලධාරීවරයා මියගිය බවත් ඔහුගේ අභාවය සමඟ ලේකම්වරයා මුදල් කමිටුවට මුහුණ දෙන්න තීරණය කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අඟහරුවාදා (05) පාර්ලිමේන්තුවේ පැවැති සභාව කල්තැබීමේ විවාදයට එක්වෙමින් පැවසීය.

මේ සිදුවීම් සමුදාය දෙස බලන විට රටේ යම් කිසි සැකයක් ඇති වීම සාධාරණ බවත් අමුතුවෙන් පුදුම වෙන්න අවශ්‍ය නොවන බවත් මුදල් කමිටුවේදී දැනගන්න ලැබෙන ආකාරයට ඇ. ඩොලර් ලක්ෂ 25ක් අවස්ථා 10කදී වෙනත් වැරදි ගිණුමකට ගොස් ඇති බවත් මේ වරද අවස්ථා 10කදී සිදුව ඇති බවත් මේ ආකාරයෙන් අවස්ථා 10කදි වරදින්නේ කොහොමද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

 

ඇයි මේ තොරතුරු රටෙන් සහ පාර්ලිමේන්තුවෙන් හැංගුවේ..?

 

විදේශීය ණය ගෙවීම සාමාන්‍ය බැංකු හුවමාරුවක් නොව නීතිරීති රෙගුලාසි සහ ක්‍රමවේදයක් දෙයක් බවත් රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, මුදල් රෙගුලාසි, ආයතන රෙගුලාසි සහ සංග්‍රහ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත ආදී ක්‍රමවේද රැසක් පවතින විට පවා ඒ කිසිවක් මේ ගනුදෙනුවේදී පිළිපැද්දේ නැද්ද කියා ප්‍රශ්න කරන බවත් පාර්ලිමේන්තුවට හංගා, නිලධාරින් මිය ගොස්, රටට මුදල් අහිමි වීම යන සිදුවීම්වලින් රජයේ කාර්යක්ෂමතාව ඔප්පු වෙන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

 

රජය අතින් වැරදි ගොඩක් සිදු වෙලා අවසන්

 

රජය අතින් වැරදි ගොඩක් සිදුව ඇති බවත් ඊට අමතරව මේ මරණය ගැන ඇත්ත වශයෙන්ම නිසි පරීක්ෂණ සිදු කර ඇත් ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් නිසි වැදගත්කමක් සමඟ මරණ පරීක්ෂණ සිදු කර ඇත් ද කියා සැකයක් පවතින බවත් එමෙන්ම කාර්ය මණ්ඩල වෙනසක් පවා සිදුව ඇති නිසා මේ ගැනත් දැනගන්න අවශ්‍ය බවත් පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ අවසාන වශයෙන් මේ ඇ. ඩොලර් ලක්ෂ 25 අහිමිවීමට වගකීම සහ වගවීම බාර ගන්නේ කවුද කියා දැන ගැනිමට අවශ්‍ය බවත්ය. 

 
මේ වගකීම ගන්නේ ජනාධිපති ද? රජය ද..? ලේකම් ද..?

 

එසේම මේ මුදල් අහිමි වීමේ වගකීම ගන්නේ ලේකම්වරයාද, ජනාධිපතිවරයා ද රජය ද කියා දැන ගැනීමට අවශ්‍ය නමුත් රජය සිදු කරන්නේ මේ සිදුවූ මුදල් අහිමි වීම රටේ ජනතාවගේ බදු මුදල් රටේ ජනතාවගෙන් සොරා කෑම රටට වංචා කිරීම හැකර්වරයකුට පවරා ඇති බවත් මේ හැකර්ලා හෝ වෙනත් පාර්ශ්ව මත වගකීම පටවා මේ වගකීමෙන් නිදහස් වීමට රජය දරනා උත්සාහයට සමගි ජන බලවේගය විපක්ෂයක් ලෙස විරුද්ධ බවත් දැන්වත් මේ අහිමි වූ මුදල් ගැන පැහැදිලි කිරීමක් කර සත්‍ය කරුණු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තවදුරටත් පැවසීය.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment