Friday 1st of May 2026

English Tamil
Advertiesment


ශ්‍රී ලාංකික මධ්‍යම පාන්තික බොඳවූ සිහිනය - Toyota Raize


2026-05-01 1294

 

- Toyota Raize කතා වස්තුව -

 


වර්තමානයේ මහා මාර්ග වල සුලභව මෑත දී ලියාපදිංචි කල Toyota Raize රථ  දැකිය හැක. වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු වැඩිපුරම ලංකාවට ගෙන්වා ඇත්තේ Raize රථ විමට වැඩි සම්භාවිතයක් ඇත. මෙයට හේතු කීපයක් බලපා තිබෙන බව පෙනී යයි. 

 

* ශ්‍රී ලංකාවේ පවතින මුග්ධ බදු ප්‍රතිපත්ති.

* ආර්ථිකයේ කඩා වැටීමට වැඩි වශයෙන් ගොදුරු වූ කොට්ටාසය ලංකාවේ මධ්‍යම පන්තිය වීම.

* මධ්‍යම පාන්තිකයා යනු  බඩට නොකෑවත් ලෝකෙට උජාරුව පෙන්වන අහිංසකයකු වීම.

* තත්ත්වය පෙන්වීමට අවශ්‍ය වාහන සියල්ලක්ම පාහේ ලක්ෂ 150 කට වඩා වැඩිවීම.

 

 

ඔන්න එතකොට මධ්‍යම පාන්තිකයාට ලොකුවට පේනවා Toyota Raize එක. මේකටත් හේතු කීපයක් තියෙනවා.
 

 

* Lifted hatchback එකක් උනත් SUV (Sports Utility Vehicle) එකක වගේ පෙනුමක් තියෙන එක.

* පෙනුම වගේම performance එකක් තියෙනවා ඇති බවට කරන උපකල්පනය.

* පිටත පෙනුම වගේම interior quality එකත් ඇති බව සිතීම

* ශ්‍රි ලංකාවේ තියෙන රළු මාර්ග වලට හොඳට ඔරොත්තු දෙයි කියලා හිතන එක.

* SUV එකක ඇති සැප පහසුව (comfort) ඇති කියලා කරන උපකල්පනය.

 

ඉතින් මිත්‍රවරුනි ඔය කරුණු කාරණා සලකා බලලා අපේ උදවිය ගන්නවා Toyota Raize එකක් ! අර ගෙන ටික දවසක් පදිනකොට මොකද වෙන්නේ ? සිහින බොඳ වෙනවා. ඇයි ඒ..? Classy වාහනයක් කියලා හිතපු Raize එක tipical budget vehicle එකක් කියලා තේරුම් යනවා. අවබෝධ වෙන කාරණා පහත පරිදි ය:

 

* මුලු dash board එකම plastic බවත් soft touch කඳුලක් වත් නොමැති බව සහ ඉදිරි දොරවල් දෙකේ අත තියෙන තැන පමණක් soft touch කඳුලක් පමණක් ඇති බව.

* Dash board එකේ (සමහර වාහන වල door interior පවා) full time දෙදරිල්ලක් (vibration එකක්) තියෙන බව.

* High bass තියෙන සිංදුවක සද්දේ වැඩි කරපු ගමන් speakers දෙදරන බව.

* පිටත ශබ්දය (outside noice), vehicle cabin එක ඇතුලට එන බව.

* BSM (Blind Spot Monitoring ) / ADAS (Advance Driver Assist System) වල alarms සම්පුර්ණයෙන් off කලේ නැත්තම් සිංදු වෙනුවට alarm beeps අහගෙන යන්න වෙන බව.

* BSM (Blind Spot Monitoring ) / ADAS (Advance Driver Assist System) වල over sensitivity හෝ ජපානේ පාරවල් වල අපේ වගේ කකුල් දෙකේ හරක් නැති නිසා හෝ අනවශ්‍ය තැන්වල auto brakes/ABS එහෙම සුලභව වැදිලා drive කරන එක එපා කරවන බව.

* Aerodynamically අන්තිම fail විදිහට design කරලා තියෙන නිසා high speed වල දී unstable බව.

* Toyota Raize කියන්නේ over priced කරපු, Rebadged Daihatsu Rocky එක බව.

 

 

ඉතින් එකී මෙකී කරුණු කාරණා සලකා බැලුවහම එකක් තේරෙනවා. Toyota Raize එකක් නැති කෙනාට ඒක සුපිරි වාහනයක් කියලා හිතෙනවා. ඇතුලේ යන කෙනා හිතෙන් වැලපෙනවා, දුක හංගන් උජාරු මූණක් මවාගෙන drive කරනවා. මොකද ඇතුලේ යන කෙනා දන්නවා, එලියේ යන කෙනා මේ යතාර්ථය දන්නේ නෑ කියලා 

 

- Toyota Raize කතා වස්තුව -

 

Advertiesment