Monday 27th of April 2026

English Tamil
Advertiesment


සජබයේ ආණ්ඩු විරෝධී මැයි රැළියට එක් වන්නැයි විපක්ෂ නායක එජාපයට ආරාධනා කරයි


2026-04-27 1351

ජාත්‍යන්තර කම්කරු දිනය හෙවත් රටේ වැඩ කරන ජනතාවගේ දිනය සමරන මේ මොහොතේ මෙරට වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂා කරන, රටේ සමස්ත ජනතාවට සෞභාග්‍ය උදා කරන වැඩපිළිවෙළක් සඳහා ප්‍රධානතම පියවර තබන්නට සමගි ජන බලවේගය අපේක්ෂා කරන බව සහ දැනටමත් ක්‍රියාත්මක යල්පැනගිය මජර දේශපාලන සංස්කෘතියට තිත තබන දැනට ක්‍රියාත්මක දේශපාලන සූදුවෙන් ඉවත්ව ප්‍රතිපත්තිගරුකව රට ගොඩනගන මැද මාවතක් තුළින් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුළින් සමාජ වෙළෙදපොළ ආර්ථිය තුළින් ඉදිරියට යාමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මැයි දිනය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
 
එබැවින් මේ ගමන සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂයට, සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන්ට සේම රටේ දියුණුව උදෙසා කැපවි සිටින සියලුම ප්‍රගතිශීලී ජනතාවට ඉතා ගෞරවයෙන් ආරාධනා කරන අතර සමගි ජන බලවේගය සමඟ අත්වැල් බැඳ ගැනීමට මැයි 1 වැනි දා පී. ඩී. සිරිසේන ක්‍රීඩාංගනයට ලක්ෂ ගණනින් එකට එක්වන ලෙස ආරාධනා කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

Advertiesment