මෙය සංඛ්‍යාවක් පමණක් නොව, රටේ ආර්ථිකයටත් බදු ගෙවන ජනතාවටත් සෘජුව බලපාන ගැටලුවකි.
රැකියා නියුක්තව නැති පුද්ගලයෙකු බදු ගෙවන්නේ නැත. නමුත් ඔහු පොදු සේවා භාවිතා කරයි. අවසානයේ ඔහු නඩත්තු කර පවත්වාගෙන යන්නේ රැකියා කරන ජනතාව විසින් ගෙවන බදු මගිනි.
එම නිසා, රැකියා විරහිතභාවය වැඩි වීමත් සමඟ බදු බරද වැඩි වේ.
ඉතින් විසඳුම බදු වැඩි කිරීමද?
කිසිසේත්ම නැත.
නිවැරදි විසඳුම වන්නේ රැකියා අවස්ථා නිර්මාණය කර ආදායම් උත්පාදනය කිරීමයි.
ලෝකයේ දියුණු රටවල් කළේද එයයි. ඔවුන් බදු වැඩි කිරීම මත රැදී නොසිට රැකියා අවස්ථා උත්පාදනය කිරීම මත ආර්ථිකය ශක්තිමත් කළාය.
ශ්‍රී ලංකාවටද දැන් අවශ්‍ය වන්නේ එම මාර්ගයයි.
රැකියා නොමැති ඕනෑම පුද්ගලයෙකුට රජය මැදිහත් වී කාලීන රැකියාවක් ලබාදෙන “අනිවාර්ය රැකියා පද්ධතියක්” හඳුන්වා දිය යුතුය.
මෙවැනි පද්ධතියක් යටතේ, පුහුණුවක් නැති හෝ කෙටි පුහුණුවකින් කළ හැකි රැකියා විශාල වශයෙන් නිර්මාණය කළ හැක.
උදාහරණ වශයෙන් :-
* සමූහ ගොවිපල හා ගෘහ උද්‍යාන නඩත්තුව
* සත්ව පාලනය හා කුඩා පශුපාලන ව්‍යාපෘති
* නගර අලංකරණය, පරිසර නඩත්තු හා වන වගාව
* මාර්ග, කාණු හා පොදු යටිතල පහසුකම් නඩත්තු
* නිවාස සහ ගොඩනැගිලි ඉදිකිරීම් සේවා හා ගොඩනැගිලි නඩත්තු
* කසළ කළමනාකරණය හා ප්‍රතිචක්‍රීකරණය
* වාරිමාර්ග හා ජල ව්‍යාපෘති
* පාසල්, රෝහල් හා රාජ්‍ය ආයතන සමාජ සේවා
* වැඩිහිටියන් රැකබලා ගැනීම සහ community care සේවා
* ආහාර සැකසීම, පොදු ආහාර සේවා හා පෝෂණ වැඩසටහන්
* මූලික ඩිජිටල් කටයුතු (data entry, digitization)
මෙවැනි රැකියා අවස්ථා රැකියා නැති අයට ආදායම් ලබාදෙනවා පමණක් නොව, රටට වටිනාකමක්ද එක්කරයි.
අද අප කරන්නේ බදු වැඩි කරමින් රැකියා නැති අය නඩත්තු කර පවත්වාගෙන යාමයි.
නමුත් කළ යුත්තේ, ඔවුන්ට රැකියා අවස්ථා සකසාදී ආදායම් ඉපැයීමේ අවස්ථාව සලසා දීමයි.
සරලව:
රැකියා ඇති වෙද්දී බදු ගෙවන්නන් වැඩි වේ.
බදු ගෙවන්නන් වැඩි වූ විට බදු බර අඩු කළ හැක.
අවසානයේ,
“බදු මත පදනම් වූ සමාජ ආරක්ෂක පද්ධතියක්" වෙනුවට
“රැකියා මත පදනම් වූ ආර්ථිකයක්” වෙත මාරුවීමෙන්
ශ්‍රී ලංකාවට අවශ්‍ය තිරසාර විසඳුම ලබා ගත හැක.
රැකියා නිර්මාණය කිරීම — එයම බදු බර අඩු කිරීමේ සැබෑ මාර්ගයයි.
Lanka Newsweek © 2026