Tuesday 21st of April 2026

English Tamil
Advertiesment


එන්තරාවාසිය ලාල්ට පාරවළල්ලක් වෙන හැටි


2026-04-21 1245

 

ලාල් කාන්ත හිරු නාලිකාවට එරෙහිව ලොකු වන්දියක් ඉල්ලලා එන්තරවාසියක් යවලා.ලාල් ආයෙත් ඉල්ලං කන්නයි හදන්නේ. ගිය පාර අනුරට විරුද්ධ ටිල්වින්ගේ පැත්ත අරන් ඉල්ලං කෑවා.මේ පාර ස්වෝත්සාහයෙන් ඉල්ලං කන්න හදන්නේ.ලාල්ගේ වත්කම් ප්‍රකාශ සම්බන්ධ හිරු නාලිකාවෙන් කරපු වරද එයාලා නිවැරදි කරලා තිබුණා.හැබැයි ලාල් එන්තරාවාසිය විඩ්රෝ කරගෙන නෑ

අනුරගේ එන්තරාවාසියෙන් එකක් තේරෙනවා.ලාල්ට වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරද්දි 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනත ගැන මෙලෝ අවබෝධයක් තිබිලා නෑ.

ඊට හිරු නාලිකාවට එන්නතරා වාසිය යවද්දිත් දුෂණ විරෝධී පනත ගැන මෙලෝ අදහසක් තිබිලා නෑ.සමහරවිට ටිකලෝ වටගල වගේ ටිකක් ලෝ දන්න කෙනෙක් ගෙන් උපදෙස් ගත්තද දන්නේ නෑ.ලාලෝ....ලංකාවේ නින්දා අපහාස (Law of Defamation) සිවිල් නීතිය යටතට වැටෙන ක්‍රියාවලියක්.මෙතන තියන නීතිම තත්ත්වය මෙහෙමයි.එක,සිවිල් නින්දා අපහාස නීතිය (Civil Defamation)​ලංකාවේ දැනට අපහාසය සාපරාධී වරදක් නෙවෙයි (Criminal Defamation 2002 දී අහෝසි කරන ලදී) ඒක සිවිල් වරදක් (Tort).

යම් පුද්ගලයෙකු පිළිබඳව අසත්‍ය ප්‍රකාශයක් ප්‍රසිද්ධ කිරීමෙන් එම පුද්ගලයාගේ කීර්තිනාමයට හානියක් සිද්ධවෙලා තියනවා නං ඊට එරෙහිව වන්දි ඉල්ලා නඩු පවරන්න පුළුවන්.හැබැයි ලාලෝ නඩුවක් ඔප්පු කිරීමට අවශ්‍ය මූලික කරුණු ටික පැමිණිලිකාර පාර්ශවය,ඒ කියන්නේ ලාල් විසින් අධිකරණයේදී ඔප්පු කරන්න ඕනි.අදාළ තොරතුරු මගින් සමාජය ඉදිරියේ ලාල්ගේ ප්‍රතිරූපයට හානියක් උන බව,ඒ ප්‍රකාශවලින් සෘජුව ලාල් ඉලක්ක කරපු බව.

ඒ තොරතුරු අදාල ආයතනය ද්වේෂ සහගතව තෙවන පාර්ශවයකට (මහජනයාට) සන්නිවේදනය කරපු බව.ඊළඟට විත්තිකාර පාර්ශවයටත් (නාලිකාවට)මේ චෝදනාවෙන් නිදහස්වීමට නම් සාමාන්‍යයෙන් මේ පහත කියන කරුණු ඔප්පු කරලා පෙන්නන්න ඕනි.තමන් ප්‍රකාශ කළ තොරතුරු සත්‍ය සහ මහජන යහපත උදෙසා පළ කරපු බව.තමන් ඉදිරිපත් කළ කරුණු පොදු උනන්දුවක් ඇති කරුණක් මත පදනම් වූ සාධාරණ මතයක් බව.යම් නිල වාර්තාවක් හරි ප්‍රකාශයක් හරි මත පදනම්වෙලා වාර්තා කරපු බව පෙන්වා දෙන්න ඕනි.

ලාල් බිලියන ගණනක වන්දි ඉල්ලුවට වන්දිය තීරණය කරන්නේ අධිකරණයෙන්.ඒ සදහා ගරු අධිකරණය කරුණු කිහිපයක් සැලකිල්ලට ලක් කරනවා.එකක් පැමිණිලිකාර පුද්ගලයාගේ සමාජ තත්ත්වය.එයාට සිදුවී ඇති හානියේ ස්වභාවය සහ ප්‍රමාණය.අදාළ ප්‍රකාශයට ලැබුණු ප්‍රචාරණය වගේ පැති.මෙතනදී පළවෙනි පියවර වෙන්නේ එන්තරවාසියක් (Letter of Demand) යැවීමයි.එමගින් අදාළ ආයතනයට නියමිත කාලයක් ලබා දෙන අතර,ඒ කාලය තුළ වන්දි ගෙවීමක් හෝ සමාව ගැනීමක් සිදු නොවන්නේ නම් පමණක් සිවිල් අධිකරණයේ (Distict Court) නඩුවක් ගොනු කරන්න පුළුවන්.

ඇත්තටම මේක දීර්ඝකාලීන නෛතික ක්‍රියාවලියක්.නඩුවේ තීන්දුව රඳා පවතින්නේ ඉදිරිපත් කරන සාක්ෂිවල ප්‍රබලතාව මතයි.ලංකාවේ වත්මන් නීති රාමුව ඇතුළේ විශේෂයෙන්ම 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත බලාත්මක වීමත් එක්ක,මැති ඇමතිවරුන්ගේ වත්කම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම සහ ඒවා විමර්ශනය කිරීම සම්බන්ධයෙන් නව ප්‍රවණතා කිහිපයක් තියනවා.ඇමති කෙනෙක්ගේ වත්කම් ගැන පවතින නීතිමය තත්ත්වය මෙහෙමයි.

මේ නව දූෂණ විරෝධී පනත යටතේ,වත්කම් හා බැරකම් ප්‍රකාශවල මහජන පිටපතක් (Redacted version) ප්‍රසිද්ධ කිරීමට අවස්ථාව තියනවා.අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය හරහා ජනාධිපති,අගමැති සහ මැති ඇමතිවරුන්ගේ වත්කම් ප්‍රකාශ මහජනයාට බලාගත හැකි විදිහට පල කිරීම දැන් සිද්ධවෙනවා.බැංකු ගිණුම් අංක වගේ පෞද්ගලික තොරතුරු නැතුව එයාලගේ නිශ්චල හා චංචල දේපල, ආයෝජන සහ කොටස් පිළිබඳ තොරතුරු දැන ගැනීමට මහජනයාට මේ පනත යටතේ අයිතියක් තියනවා.

යම් පුද්ගලයෙක් "හදිසියේ ධනවත් වීම" (Unexplained Wealth) පිළිබඳව සාධාරණ සැකයක් තියනවා නම්,ඒ ගැන විමර්ශනය කරන්න ආයතන කිහිපයකට බලය තියනවා.අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව (CIABOC) ඕනෑම කෙනෙකුට සාක්ෂි සහිතව පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැකියි.ලාල් නීත්‍යානුකූල ආදායම් මාර්ගවලින් බැහැරව වත්කම් උපයාගෙන තියනවාද කියලා පරීක්ෂා කරනවා.බැංකු පද්ධතිය හරහා සිදුවන සැකකටයුතු විශාල මූල්‍ය ගනුදෙනු සම්බන්ධව මූල්‍ය විමර්ශන ඒකකය (FIU) හරහා පරීක්ෂණ කරනවා.

මෙතනදී ලාල් විසින් පවරන අපහාස නඩුවෙන් ලාල්ටත් අවදානමක් තියනවා.මොකද ​නඩුවේ විත්තිකාර පාර්ශවය (හිරු රූපවාහිනිය) විසින් තමන් ඉදිරිපත් කළ තොරතුරු සත්‍ය බව ඔප්පු කිරීම සඳහා "සොයාගැනීමේ නියෝගයක් " (Discovery Orders) මගින් ඇමතිවරයාගේ වත්කම් වාර්තා අධිකරණයට කැඳවීමට ඉල්ලන්න පුළුවන්.​එහිදී ලාල්ගේ වත්කම්වල විනිවිදභාවය පිළිබඳව විවෘත අධිකරණයේ ප්‍රශ්න කෙරෙනවා.

මෙතනදී ලාල් ඇමතිවරයෙක් විදිහට තමන්ට ලැබෙන වැටුපට සහ දීමනාවලට වඩා අතිවිශාල වත්කම් ප්‍රමාණයක් රැස් කරගෙන ඇති බවත්,ඒවා උපයාගත් ආකාරය ඔප්පු කිරීමට අපොහොසත් උනොත්,දූෂණ විරෝධී පනත යටතේ ලාල්ට වසර ගණනාවක සිර දඬුවම් ලැබෙන්නත් බැරි නෑ.මෙතනදී වැදගත් වෙන්නේ ලාල් බිලියන ගණනක වන්දි ඉල්ලා නඩු පැවරීම හරහා ලාල්ගේ වත්කම් පිළිබඳ තොරතුරු සමාජය තුළ තවදුරටත් විමර්ශනයට ලක්වීමත් ඒවායේ නීත්‍යානුකූල භාවය සහ නිවැරදිභාවය ලාල්ට අධිකරණයට ඔප්පු කරන පෙන්නන්න සිද්ධ වෙන එකයි.

ලාල් හොල්මන් වෙන්නේ හිරු නාලිකාව හරි වෙන කවුරු හරි (දැනටමත් දාලා)මේ ගැන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට (CIABOC) පැමිණිල්ලක් කලොත් තමයි.ලාල් මෝඩයෙක් උනාට හිරු මෝඩ නැති නිසා අනිවාර්යයෙන්ම ඒ පැමිණිල්ල දාලා ඇති.ඕනෑම පුද්ගලයෙකුට හෝ සංවිධානයකට ඇමතිවරයෙකුගේ වත්කම් සම්බන්ධයෙන් පවතින සැකය පිළිබඳව කොමිෂන් සභා ලිපිනයට තැපැල් මගින්,සෘජුව කොමිෂන් සභා කාර්යාලයට ගිහින්,1954 යන ක්ෂණික ඇමතුම් අංකය හරහා.

විද්‍යුත් තැපෑල (Email) හෝ වෙබ් අඩවිය හරහා, අන්තර්ජාලය ඔස්සේ පැමිණිලි කරන්න පුළුවන්.​පැමිණිල්ලක් විමර්ශනයක් දක්වා ගෙනියන්න නම් පැමිණිල්ල තුල සාධාරණ පදනමක් තියෙන්න ඕනි. විශේෂයෙන්ම "හදිසියේ ධනවත් වීම" වැනි චෝදනාවකදී අදාළ පුද්ගලයා සතු බව කියන දේපල,ව්‍යාපාර හෝ බැංකු ගිණුම් පිළිබඳ හැකිතාක් තොරතුරු,එයාගේ දන්නා ආදායම් මාර්ගවලට වඩා වැඩි බව පෙන්වීමට ඇති කරුණු ලබා දෙන්න ඕනි.​පැමිණිලල ලැබුණට පස්සේ කොමිසම අදාල ​පැමිණිල්ලේ සත්‍යතාවය හොයලා බලන්න මූලික පරික්ෂණ කැදවනවා.

ඇමති ලාල් ඉදිරිපත් කරලා තියෙන වත්කම් බැරකම් ප්‍රකාශ සහ ලාල්ගේ සැබෑ වත්කම් අතර පරස්පරතාවයක් තියනවද කියලා බලනවා. අධිකරණ නියෝග හරහා බැංකු වාර්තා සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ වාර්තා ගන්නවා.නව දූෂණ විරෝධී පනතේ ඇති ප්‍රබලම අංගය තමයි ලාල් යම් වත්කමක් උපයාගත් ආකාරය ඔප්පු කරන්න බැරි උනොත් වත්කම් රාජසන්තක කිරීමට අධිකරණයට නියෝග කරන්න පුළුවන්.ඊට අමතරව දඩ මුදල් සහ සිර දඬුවම් නියම කරන්න පුළුවන්.

ලාල්ට එරෙහිව මෙවැනි විමර්ශනයක් ආරම්භ කළොත්,ලාල් පවරා ඇති අපහාස නඩුව දුර්වල වීමට ඉඩ තියනවා.මොකද අපහාසයක් වෙලා තියනවද කියලා තීරණය කරන්න ඉස්සෙල්ලා ලාල්ට එරෙහිව තියන වත්කම් සම්බන්ධ චෝදනා ඇත්තද, බොරුද කියලා අධිකරණයට තහවුරු කර ගන්න සිද්ධ වෙන නිසයි.ඒ අනුව,මාධ්‍ය ආයතනයකට එරෙහිව බිලියන ගණනක වන්දි ඉල්ලා නඩු පැවරීම,ලාල්ගේ වත්කම් පිළිබඳ මහජන විමර්ශනයක් ඇති කිරීමට ලැබුණු හොඳම අවස්ථාවක් විදිහටයි රටේ රාළ නං සළකන්නේ.

 

- රටේ රාළ -
Advertiesment