Monday 20th of April 2026

English Tamil
Advertiesment


ලංකාවට පැමිණි ඉන්දීය උප ජනාධිපති කෙලින්ම විපක්ෂ නායක හමු වෙයි 


2026-04-19 1222

 

ඉතිහාසයේම නැති තරම් ඉන්දියාව විපක්ෂ නායක සමඟ සාකච්චා ඉදිරියටම ගෙනියයි 

 

ඉන්දීය උපජනාධිපතිවරයා දිවයිනට පැමිණි දිනයේදීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව මුණ ගැසීම දේශපාලන ලෝකයේ මේවන විටත් දැඩි කතා බහක් නිර්මාණය කර ඇත. 

ප්‍රධාන වශයෙන්ම දෙරට අතර ආර්ථික සම්බන්ධතා පුළුල් කිරීම කෙරෙහි යොමු වී ඇති මෙම සාකච්චාව පිළිබඳව විපක්ෂ නායකවරයා තැබූ X සටහන පහත පරිදි වේ.

"වෙළඳාම පුළුල් කිරීම, ආර්ථික සබඳතා ගැඹුරු කිරීම සහ අපගේ ජාතීන් දෙකටම ප්‍රයෝජනවත් විය හැකි ප්‍රායෝගික අවස්ථා විවෘත කිරීම පිළිබඳව අපි ඵලදායී සාකච්ඡා පැවැත්වුවෙමු.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යනු අසල්වැසියන් පමණක් නොව, බෙදාගත් ඉතිහාසයක්, බෙදාගත් අභියෝග සහ බෙදාගත් අනාගතයක් ඇති සැබෑ හවුල්කරුවන් වෙමු. සියලුම පුරවැසියන් සඳහා මෙම හවුල්කාරිත්වයේ ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා අපි වැඩි අභිලාෂයක්, අභිප්‍රායයක් සහ විශ්වාසයක් ඇතිව ගමන් කිරීමට කාලයයි."

 

Advertiesment