අද දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණ ඊයේ කැබිනට් මණ්ඩලයේදී සම්මත කළ සහන පැකේජයක් ජනතාවට ඉදිරිපත් කරන බව සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම කළ බලපෑම් හමුවේ අවසානයේදී ජනතාව වෙනුවෙන් සහන පැකේජයක් ලබා දීමට ආණ්ඩුව තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. විපක්ෂ නායකවරයා ඊයේ දිනයේදීද සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් පෙන්වා දුන්නේ හදිසියේ බල ශක්ති මිල ඉතා විශාල ප්‍රතිශතයකින් ඉහල යාම ජනතාවට දරා ගත නොහැකි බවත් රටේ දරිද්‍රතාවය දිගින් දිගටම ඉහල යන බවත්ය. එම නිසා භාණ්ඩාගාරය පිරී ඇති බවට උදම් වනනවා වෙනුවට එම මුදල් වලින් යම් කොටසක් භාවිතා කර ජනතාවට සහන සලසන්නැයි විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.
Lanka Newsweek © 2026