Wednesday 15th of April 2026

English Tamil
Advertiesment


ඊයේ නිදාගෙන ඉද්දි ගෑස් මිල ලොකු ගානකින් ඉහල ගියේ මෙහෙමයි


2026-04-05 1279

 

ලාෆ්ස් 1070 කින් - ලිට්‍රෝ 775කින්

 

ඉරිදා (5) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්‍රෝ ගෑස් මිල ඉහළ නංවන බව එම සමාගම නිවේදනය කර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 775කින් ඉහළ දැමෙන අතර, එහි නව මිල රු. 4,765කි.

කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 308කින් ඉහළ නැංවෙන අතර, එහි නව මිල රු. 1,910ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 140කින් ඉහළ නැංවෙන අතර, එහි නව මිල රුපියල් 890කි.

මේ අතර අප්‍රේල් මාසය සඳහා ඇනවුම් කර ඇති මෙට්‍රික් ටොන් 38,000ක තොග මේ වනවිට, සම්පූර්ණයෙන්ම මාලදිවයිනේ පාවෙන ගබඩාවේ (Floating Storage) ඇති බවත්, ඒ හේතුවෙන් මෙම මාසයේදී ද දිවයින පුරා අඛණ්ඩ සැපයුමක් ලබා දිය හැකි බව එම සමාගම පවසයි.

ඊට අමතරව මෙට්‍රික් ටොන් 20,000ක් රැගත් නෞකාවක් දකුණු අප්‍රිකාව හරහා මාලදිවයින වෙත ළඟා වෙමින් පවතින බවත් එම නිවේදනයේ දැක්වේ.

එමෙන්ම මෙට්‍රික් ටොන් 20,000ක් සමග තවත් නෞකාවක් දකුණු අමෙරිකාවේ සිට පිටත්ව ඇති හෙයින්, මැයි මාසයේ දීද අඛණ්ඩ ගෑස් සැපයුමක් පවත්වා ගෙන යාමට අවශ්‍ය තොග පවතින බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

යුධමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළ LP ගෑස් මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවත්, ආනයනික වියදමද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් මෙම නිවේදනයේ දැක්වේ.

ෙම් අතර අද (5) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් මිලද ඉහළ දමා තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,070කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 5,700ක් වේ.

එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 418කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රු. 2,280කි.

Advertiesment