Wednesday 1st of April 2026

English Tamil
Advertiesment


අනුර ජපුරේ 1001වෙනි ඇඳ යට


2026-03-26 1309

 

පහුගිය 24වෙනිදා ජපුර රෝහලේ පැවති විවෘත කිරීමේ උත්සවයකට සමාන්තරව ජනාධිපති මාධ්‍ය ඒකකයන් විශේෂ නිවේදනයක් නිකුත් කරලා තිබුණා.ඒ නිවේදනයෙන් කියවුනේ ජපුර රෝහල ඉඳිකරද්දී ජපන් ජාතිකයන් විසින් ජනාධිපති ජේආර් ජයවර්ධන වෙනුවෙන් නිර්මාණය කරපු 1001 වෙනි ඇඳ සහිත විශේෂ කාමරය ජනාධිපති අනුර කුමාරගේ සංකල්පයකට අනුව ජනසතු කරපු බවයි.

මාලිමා ආණ්ඩුව ඇවිත් ටික දවසකින් ජපුර රෝහල විනාශ කරන්න පටන් ගන්නවත් එක්කම තමයි රටේ රාළ ජපුර සටන අතට ගත්තේ.ජපුර සටනේ ඉන්න කෙනෙක් විදිහට අනුරගේ සංකල්පයකට අනුව ජේආර්ගේ ඇඳ අනුර ජනසතු කිරීමට හිනාවෙන්න ඕනි කොතනින්ද කියලා හිත ගන්න බැරිවුනා. ඇත්තටම මේක අංක එකේ මෝඩ තීරණයක්.හැබැයි මෙතනදී අනුර රටේ රාළට ලොකු උදව්වක් කරලා තියනවා.

රටේ රාළ ජපුර වෙනුවෙන් කරන සටන සාධාරණ එකක් බව අද අනුර විසින් ඔප්පු කරලා තියනවා.ඒ කියන්නේ ජපුර විනාශ කරන්න ජඩලත්ලා විතරක් නෙවෙයි,අනුරලත් කරන්නේ ඒකම බව ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක් ගහලා ඔප්පු කරලා තියනවා.අනුරගේ මේ ඔලමොට්ටල වැඩේට එරෙහිව ජපුර සටනට තවත් ගොඩක් අය එකතුවෙයි.අනුර කරපු වැඩේට සමාජ මාධ්‍යවල දාලා තියෙන කොමෙන්ට්ස් දැක්කම ඇත්තටම දුක හිතෙන්නේ අනුර ගැන නෙවෙයි අනුරගේ දෙමව්පියන් ගැන.

ඒ වැඩේට පැහැදිලි ජනතා විරෝධයක් තියන බව සමාජ මාධ්‍ය හරහා එල්ලවුන විරෝටයෙන් පේනවා.අනුර තවදුරටත් පජාත වුනා.ඇත්තටම මේ තීරණය කාගේද කියලා රටේ රාළ හොයලා බැලුවා.ඔයාලා හිතන්නේ කවුරු කියලද?ඔයාලා හිතපු විදිහ හරි. ඔව්...ඒක පිටිපස්සේ ඉන්නෙත් අර තුට්ටු දෙකේ විදුලි කාර්මික ජඩලත්.ජඩලත්ලා තවමත් ඉන්නේ "ජේ ආර් මරමු " කියන සටන් පාඨයේ බව පේනවා.

ජෙප්පන්ගේ ඇට මිදුලු දක්වා කාවැදිලා තියන ජේආර් පිළිබඳව කැකෑරෙන වෛරය තවමත් එහෙමයි."නහී වේරේන වේරානි.... අවෛරයෙන් වෛරය සන්සිදෙයි කියන බුදුන් වදන මුල් කරගෙන බිහිවෙන ජපුරේ ඓයිතිහාසික කතාව මකලා දාන්න අද මාලිමා දේවදත්තලා ක්‍රියාත්මක වෙමින් ඉන්නවා.එක බුදු වදනනින් එදා ජාතියක් සුවපත් කරන්න ජේආර්ගේ විශිෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකත්වයට පුළුවන් වුනා,ඊට කෘතගුණ සලකන්න ජපන් රටෙන් අපිට පරිත්‍යාග කරපු ශ්‍රී ජයවර්ධනපුර රෝහල දවසගානේ විනාශ කරන දේවදත්තලා බවට ජඩලත් - ෆර්මිලා - දම්මික - තමරලා අද පෙල ගැහිලා ඉන්නවා.

ඒ දේවදත්තලාට සහය දෙන අජාසත්තලාත් ඔයාලා දන්නවා.ඒ අධයක්ෂක මණඩල පට්ටම් ගහගෙන ඉන්න මල්ලව - රාජිත - අඹවත්තලායි." ජපුර එක්දාස් එකේ කාමරේ " කියන්නේ ඔයාලගෙ හරි රටේ රාළගේ හරි ගෙදර කාමරයක් නෙවෙයි.පැලවත්තේ කාමරයකුත් නෙවෙයි.ඒ වගේම සාමාන්‍ය රජයේ රෝහලක හරි නවලෝක - ආසිරි - ලංකා හොස්පිටල් වගේ ඉහල පෙලේ පෞද්ගලික රෝහලක කාමරයකුත් නෙවෙයි.හුදු රෝහලක කාමරයක් කියලා ඒක ලඝු කරන්න බෑ.

මේ එක් දහස් එකේ කාමරේ මහා ගාම්භීර කතාවක් ලෝකයට කියා දෙන තැනක්.ලෝක ඇතුලේ ශ්‍රී ලංකාවේ අභිමානය සනිටුහන් කළ ඓතිහාසික ස්මාරකයක්.ඒ අභිමානවත් කතාවේ කතා නායකයා ජූනියර් රිචඩ් ජයවර්ධන නම් විසල් රාජ්‍ය තාන්ත්‍රිකයායි.1951 ලෝක සමුළුව අමතා තරුණ ජේආර් කරපු ඓතිහාසික කතාව නිසා මුලු ලෝකයේම වෛරයට පාත්‍රවෙලා හිටපු ජපානයේ ඉරණම වෙනස් වුනා.

ලෝක සිතියමෙන් අතු ගෑවෙන්න නියම කරලා තිබුන ජපානයට නව ජීවයක්,නැවත නැගී සිටීමට අවස්ථාවක් ලබාදීමට ලෝක බලවතුන් එකඟතාවයකට ගේන්නේ මේ තරුණ ජේ ආර් ජයවර්ධනගේ කතාවෙන්."නහී වේරේන වේරාණි" ලෙස ඇරඹුණු ඒ සුවිශේෂී කතාවෙන්.ජපානයේ ගෙවල්වල ජේආර්ගේ පොටෝ රාමු කර එල්ලා තැබූ යුගයක් තිබුණා.ඒ ජපනුන් කළගුණ දත් ජාතියක් හින්දයි.ජේආර්ගේ කතාව ජපනුන්ට අමතක කරන්න බැරි වටිනාකමකින් යුක්ත කතාවක්.

පසු කාලිනව ජේආර් ජනාධිපතිධූරය හොබවද්දී ජේආර් ජපානය වෙනුවෙන් කරපු අමිල මෙහෙවරට කෘත ගුණ සැලකන්න ජපන් රජය අමතක කරන්නේ නෑ.ඒ අනුව ජේආර්ගේ ඉල්ලීම ඉටු කරමින් අංග සම්පුර්ණ රෝහලක් ජපානයෙන් අපට ලැබෙනවා.ඒ රෝහලේ 1001 වැනි ඇඳ මේ මහා මිනිසා වෙනුවෙන් වෙන් කිරීමට ජපන් රජය තීරණය කරනවා.ඓතිහාසික ලෝක ස්මාරකයක් සනිටුහන් කළ මේ ජපුරේ 1001 ඇඳට කවුරුත් අත තියන්න හිතුවේ නෑ.

පහුගිය අවුරුදු 42ක පුරාම ඒ ඉතිහාසයට තිබුණ ගරුත්වය දේශපාලන භේදයකින් තොරතව ආරක්ෂා කරන්න හැම රජයක්ම කැපවුනා.හැබැයි දේශපාලන වෛරයේ තෝතැන්න බවට පත් වෙලා තියන පැලවත්තේ බත් මුට්ටි ජෙජ්පෝ ලෝක ස්මාරකයක් විනාශ කරලා අවුරුදු 42කට පස්සේ ජේආර්ගෙන් පලි අරන් තියනවා.ජේඅර් මරමු කිව්වට එදා ජෙප්පන්ට ජේආර් මරන්න බැරිවුනා.ජේආර් අවුරුදු 90 ක් ජීවත්වුනා.හැබැයි ජේආර්ගේ ගැන මතකය යලි යලිත් ආවර්ජනය කරපු 1001 කාමරත ඉතිහාසයෙන් මකා දාන්න ජඩලත්ගේ වෛරී මනසට පුළුවන් වුනා.

ඒකට වගකියන්න ඕනි පතෝල තමර වගේ බෙලහීන සභාපතිලායි.නිහාල් ජයතිලක - සාරංග අලහප්පෙරුම වගේ මනා දැනුමකින් පුද්ගල පෞරුෂයකින් හෙබි පාලකයන් අහලින් තියන්න බැරි තමර සභාපති පුටුවෙ වාඩි කරවලා ජඩලත් වගේ ත්‍රස්තයන්ගේ උවමනා එපාකම් ඉෂ්ඨ කරගන්න ජපුර බිළිදෙමින් ඉන්නවා.මේ ගැන ජපුරේ සේවකයන් බහුතරය ඉන්නේ බලවත් සිත් තැවුලෙන්.

මහ ජනතාවට ලබා දුන්නා කියලා breaking news දාපු ජපුරේ 1001 කාමරේ දවසේ ගාස්තුව රුපියල් 70,000 ක් හෝ ඊට වැඩි වෙන බව රෝහල් ආරංචි මාර්ග කියනවා.මේ වෙනකොට ජපුරේ කාමර 1001 න් 472 ක රෝගීන් නේවාසිකව ප්‍රතිකාර ගන්නවා. Bed occupancy rate එක 50% වඩා අඩුවෙන් යන ජපුර රෝහලේ "1001" ඇද මහජනතාවට ලබා දෙන එකේ ඇත්ත අරමුණ මොකද්ද?

ඉතුරු ඇදන් ටික පුරවා ගන්න ක්‍රමවේදයක් සොයනවා වෙනුවට ඩෝබිලා චූන් කරන්න ගිහින් අනුර තව පාරක් පජාත වුනා. රුපියල් 60ක ඇන්ටිබයෝටික් එකක් ගන්න රුපියල් 70000 ක් ගෙවාගෙන ඔය කාමරේට එන මිනිස්සුන්ට මුලින්ම කරන්න ඕනි මානසික සෞඛ්‍ය පරීක්ෂාවක් කරන එකයි.ඊට ඉස්සෙල්ලා ඔය වගේ තීරණයක් ගත්ත අයට ඒ පරීක්ෂණය කරන්න ඕනි.හැබැයි psychiatry කියන ඒ පරීක්ෂණ කරන්න පහසූකම් ජපුරේ නෑ.

 

- රටේ රාළ -
Advertiesment