Wednesday 22nd of April 2026

English Tamil
Advertiesment


කමෙනිගේ මරණින් පසු ඉරානය


2026-03-01 14900

 

රටේ රාළගේ සටහන

 

දැන් ඉරාන අධ්‍යාත්මික නායක අයතොල්ලා අලි කමෙනි මෙලොව හැර ගිහින්.

කමෙනි ඊශ්‍රායල - ඇමරිකානු පළවෙනි ප්‍රහාරයේ ගොඳුරක් වුනා.

මේ තරම් ඝාතන තර්ජණ තිබුණ කමෙනි ඒ මොහෙතේ විවෘත නිවසක රැඳී හිටියේ ඇයි?

ඇත්තටම කමෙනි ඒ වෙලාවේ ඉන්න ඕනි පොලොව යට රහසිගත ආරක්ෂිත බංකරයක.

කමෙනි පහසු ඉලක්කයක් වීමෙන් එක දෙයක් පැහැදිලියි.

බොහෝ වෙලාවට කමෙනි ඉලක්ක නොකරන බවට සහතිකයක් අභයන්තරිකව ඇමරිකාවෙන් දීලා තියෙන්න ඇති.

ඇමරිකාව කමෙනි ඉලක්ක කළේ නෑ.

ඒත් ඊශ්‍රායලය ලවා ඉලක්කය ගත්තා.

ඒ තමයි ඇමරිකන්කාරයා.

කමෙනි ඝාතනය කළා කියලා ඉරාන රෙජිම එකපාරට වැටෙන්නේ නෑ.

රෙජීමයට නායකත්වයට දෙන්න පුලුවන් තව ස්ථර ගණනාවක් ඉරානයේ ඉන්නවා.

වෙන්න පුළුවන් එක දෙයයි.

දැන් ඒ රෙජීම බිත්තියටම හේත්තු වෙලා.

ඒ නිසා එයාලත් කරන්න පුළුවන් හැමදේම කරනවා.

ඒක නිසා ඉරාන ප්‍රහාරය තවත් බිහිසුණු සහ මාරාන්තික වෙන්න පුළුවන්.

මොකද ඉරානය මේ කරන්නේ අවසන් සටන.

ආධ්‍යාත්මික ඉරානයක් නැති ලෝකයක් ඉතිරි නොකරන්නට එයාලා කරන්න පුළුවන් හැමදේම කරන්න ඉඩ තියනවා.

මැදපෙරදිග කලාපයේ සිටින ශ්‍රී ලාංකිකයින් ඒක තරයේ මතක තියාගන්න ඕනි.

 

- RRMC -

 

 

Advertiesment