අගමැති සහ අධ්‍යාපන ඇමති හරිනිගේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නිසා රටම අවුල් ජාලයක් වෙලා.හරිනිවත් දන්නැති හරිනිගේත් නොවෙන මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට හරිනි කරගැහුවේ ඇයි?ඒක කාටත් තියන ප්‍රශ්නයක්.හරිනි කළේ අනුන් හදපු එකටට තමන්ට කැමති කෑලි ඇතුලත් කරපු එකයි. ඔය එක එක වෙලාවට මතුවෙලා අතුරුදන්වෙලා ගිහින් ආයෙත් මතුවෙන LGBTQ කෑලි කියන්නේ ඒවට.
මේ දක්වා හරිනිට කියලා සමාජමය වශයෙන් යම් වටිනාකමක් ඉතිරිවෙලා තිබුණා නං දැන් ඒ සියල්ල දැන් බිමටම සමතලාවෙලා ඉවරයි.සාමාන්‍යයෙන් ඔහොම උනහම ගමේ ගොඩේ කියන්නේ රෙදි ඉල්ලේ කියලා.හරිනි විතරක් නං මොකද හරිනි වෙනුවෙන් පෙනි ඉන්න ගිහින් අපේ රටේ උගත් බුද්ධීමතුන් 58 දෙනෙක්ගෙත් රෙදි ඉල්ලේ කරගෙන.ඒ අතර ආණ්ඩුව හොඳ නැති හරිනි විතරක් හොඳ ආචාර්ය නිර්මාලුත් ඉන්නවා කියලයි ආරංචි.
හරිනිගේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් මේ දක්වා උනේ අපේ රටේ අධ්‍යාපනයේ තිබුන ගුණාත්මක බව පහලම ලෙවෙල් එකට වැටුන එක විතරයි.එකක් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අසභ්‍යයි, අනික අසංස්කෘතියි.ඒ කියන්නේ ළමා වයසට නොගැලපෙන කුණුහරප මේකේ තියනවා.අපේ රටේ බෞද්ධ සභ්‍යත්වට ගහන්න හදපු වැඩපිලිවෙලක් මේක ඇතුලේ තියනවා.ඒ වගේම මේවායේ තියන කරුණුවල විශ්වන්සනීයභාවය සම්බන්ධව බරපතල ප්‍රශ්නයක් තියනවා.
ඒ මුලාශ්‍ර ජාතිකව හරි ජාත්‍යන්තරව පිලිගත්ත ඒවා නෙවෙයි. අධ්‍යාපනය කියන විෂයට රටක් විදිහට සහ පුද්ගලයෝ විදිහට අපි තියලා තියන බර මේ ප්‍රතිසංස්කරණය ඇතුලේ නෑ. සල්ලිවලට,දේශපාලන බලයට අධ්‍යාපන සුදුසුකම් හදාගන්න පුළුවන්කම මේ හරහා නිර්මාණය වෙන්න පුළුවන්.ඇත්තටම ජෙප්පෝ වගේ ගිරාපෝතක මැට්ටෝ ටිකක් තමයි මේ ප්‍රතිසංස්කරණ හරහා එලියට එන්නේ.හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සංවාදය දවසින් දවස වෙනස් තලයකට ගමන් කරමින් තියනවා.
ඒකට හේතුව හරිනි මේක ඇතුලේ හංගලා තියන නිරාගමික කුමන්ත්‍රණය සහ සමරිසි සංකල්ප කියලා රටේ රාළ විශ්වාස කරනවා.ඔය වැඩෙන් රටේ ජනතාව කලප්පු වෙන්න පුළුවන්.ඇතිවෙන තත්වයන්ට ඒ ඒ අවස්ථාවේදී මුහුණ දෙන හැටි ගැන හිතමු.අද රටේ රාළ කියන්න හදන්නේ හරිනි අපේ රටේ පාසැල් පද්ධතිය ඇතුලේ හදලා තියන අවුල ගැනයි.ජනවාරි 05 පාසැල් පටන් ගන්නවත් එක්ක 01 ශ්‍රේණියට සහ 06 ශ්‍රේණියට අදාලාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා.
ඒ මොහොතේ පටන් පාසැල් පද්ධතිය සම්පුර්ණයෙන්ම අවුල්වෙලා.ළමයි සහ ගුරුවරු නන්නත්තාර වෙලා,රටේ රාළ කියන මේදේ සිද්ධවෙලා නැත්තං ගුරුවරුන්ට පුළුවන් මේක නිවැරදි කරන්න.රටේ රාළ වැරදියි නං හෙට ඉඳන් ලිපිය ලියන එක නතර කරනවා.විශේෂයෙන් ගුරුවරුන් බරපතල ප්‍රශ්න රාශියකට මුහුණ දීලා.මීට කලින් ඉස්කෝල 2ට අරින්න තීරණය කරලා තිබුණත් ආපහු ඒක 1.30 ට ගෙනවා.
හැබැයි පීරියඩ් එකක කාලය සහ පීරියඩ් ගණන වෙනස් කළා. පරණ කාල සටහනට අනුව පීරියඩ් 8ක් තිබුණා.එක පීරියඩ් එකක් විනාඩි 40යි.
7,8,9 ශ්‍රේණිවල ගණිතය,විද්‍යාව,ඉංග්‍රීසි,සිංහල ප්‍රධාන විෂයන් වෙනුවෙන් සතියට පීරියඩ් 5ක් වෙන් කරලා තිබුනා.අනෙක් විෂයන්ට සතියට පීරියඩ් 2ක් වෙන්වුනා.එතකොට ප්‍රධාන විෂයන් සඳහා සතියකට විනාඩි 40×5 = 200 ක කාලයක් වෙන්වුනා. අනිකුත් විෂයන්වලට විනාඩි 40×2= 80ක කාලයක් වෙන්වුනා. හරිනිගේ නව ප්‍රතිසංස්කරණවලට අනුව ආපු අළුත් කාල සටහනේ පීරියඩ් ගාණ 7 යි.
7,8,9 ශ්‍රේණිවල ප්‍රධාන විෂයන්වලට (ගණිතය, විද්‍යාව,ඉංග්‍රීසි, සිංහල ) පීරියඩ් 4කුත් අනිත් විෂයන් සදහා පීරියඩ් 01කුත් වෙන් කරනවා.හරිනිගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව දැන් පීරියඩ් 1ක් විනාඩි 45යි.එතකොට ප්‍රධාන විෂයන් සදහා සතියකට විනාඩි 45×4=180 යි.අනෙක් විෂයන් සදහා විනාඩි 45 යි.7,8,9 ශ්‍රේණිවල ප්‍රධාන විෂයන්වලට සතියකට විනාඩි 20 කුත් අනෙක් විෂයන්වලට සතියකට විනාඩි 35 කුත් අඩුවෙනවා.
හැබැයි සිලබස් එක පරණ එකමයි.දැන් ඒ සිලබස් එක උගන්නන්න තියන කාලය අඩු කරලා.දීලා තිබුණ සාධාරණ කාලය ගුරුවරයන්ගෙන් උදුරගත්තට පස්සේ බාහිර වැඩත් එක්ක දරුවන් විභාගවලට ලෑස්ති කරන්නේ කොහොමද?ප්‍රධාන විෂයන්ට සතියකට විනාඩි 20 ගානේ මාසෙකට විනාඩි 100 කට කිට්ටු ප්‍රමාණයක් දරුවන්ට උගන්නන්න තියන කාලය ගුරුවරුන්ගෙන් උදාරගත්තම වෘත්තීයමය වශයෙන් ගුරුවරු මොනතරමී පීඩාවට පත්වෙනවද?
ඊට අමතරව 10,11 ශ්‍රේණිවල ගණිතය,විද්‍යාව විෂයන්වලට ඉස්සර සතියකට පීරියඩ් 7 ක් තිබුණා.ඉංග්‍රීසි,සිංහලවලට පීරියඩ් 6ක් තිබුණා දැන් ගණිතය,විද්‍යාවට තිබුණ පීරියඩ් 07 ත 06ට බස්සලා.ඉංග්‍රීසි සහ සිංහලවලට තිබුණ පීරියඩ් 6ය 5කට බස්සලා.දැන් ගුරුවරු කොහෙන්ද අමතර කාලය හොයන්නේ. විභාගයට දරුවන් සූදානම් කරන්නෙ කොහොමද?මේ තනිකරම පිස්සු විකාරයක්.
දැන් 10 ,11 ශ්‍රේණිවලට විනාඩි 45×6=270යි.ඉස්සර විදියට 40×7 = 280 යි.10 ,11 නුත් සතියකට විනාඩි 10ක් උදුරගෙන.එහෙම කාලය උදුරගෙන ලේකම් කියනවා පළවෙනි වාරේ විභාගය නොතියා සිලබස් එක කවර් කරන්න කියලා.හරි පළවෙනි වාරේ විභාග නොතියා කරා කියන්නකෝ.ඉතිරි වාර දෙකේ මොකද්ද කරන්නේ, කළු වැව ගෙවල්වලට ගිහිල්ලා උගන්නනවාද?පරණ ක්‍රමයයට පීරියඩ් එකකට විනාඩි 40යි,පීරියඩ් 08 ක් තියෙද්දී සිලබස් කවර් කළේ කොච්චර අමාරුවෙන්ද?
හැබැයි දැන් ඒ කාලයත් උදාරගෙන.ඇත්තටම ගුරුවරු කොච්චර අමාරුවෙන්ද 10,11දී ගණිතය ,විද්‍යාව,ඉංග්‍රීසි සිලබස් එක ඇද ගන්නෙ.උඩින් පල්ලෙන් නම් කරන්න පුලුවන්.අපේ රටේ පාසැල් අධ්‍යාපනය තියෙන්නේ ගුරුවරු අතේ.ගුරුවරු කියන්නේ මාලිමාකාරයෝ වගේ පිං පඩිකාරයෝ නෙවෙයි.ලොකු මහන්සියක් වෙන පිරිසක්.කොහොම හරි අවුරුද්ද අන්තිමට දරුවෝ ටික ගොඩදානවා.ඇයි ගුරුවරයාට පාඩම සදහා අනුමත පීරියඩ් ගාන සහ වෙලාව නොදෙන්නේ.
ඇයි මෙහෙම ගුරුවරුන්ගෙන් හරිනි පලිගන්නේ.මේ අර්බුදය දවසින් දවස වැඩිවෙනවා.මේ ප්‍රතිසංස්කරණවලට විරුද්ධ නොවී පිලබස් කවර් කළේ නැත්තේ ඇයි කියලා අවුරුද්ද අන්තිමට ගුරුවරුන්ගෙන් අහන්න එපා.ඒකට වගකියන්න ඕනි හරිනි අමරසුරිය මිසක ගුරුවරු නෙවෙයි.
Lanka Newsweek © 2026