Wednesday 22nd of April 2026

English Tamil
Advertiesment


ශුබ්මන් ගිල් නිසා ඉන්දියාව කැළඹෙයි..?


2025-12-24 14897

 

ඉන්දිය 20-20 උපනායක Shubman Gill,

2026 T20 ලෝක කුසලාන සඳහා වූ අවසන් 15 දෙනාගේ සංචිතයට ඇතුළත් නොවීම මුළු ඉන්දියාවම කළඹන ලද පුවතක්.

Shubman Gill ගේ ජාත්‍යන්තර 20-20 stats දිහා බැලුවොත් තරඟ 36 කදී නොදැවීම් 5 ක් සහිතව ලකුණු 869 ක් ලබා ගනිමින් Average එක 28.03 ක් සහ Strike rate එක 138.59 ක් ලෙස සටහන් වෙනවා. අර්ධ ශතක 3 ක් සහ නොදැවී ලකුණු 126 ක් ලෙස සටහන් වන ශතකයක්ද ඔහුගේ 20-20 වාර්ථාවට අයත්.

ඔහුගේ ජාත්‍යන්තර 20-20 debut එක 2023 ජනවාරි 03 වෙනිදා Wankhede ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාවට එරෙහිව වාර්ථා වෙද්දී ඉන්දියාවට ලකුණු 2 ක ජයක් හිමි කරදුන් තරඟ ප්‍රතිඵලය වෙනුවෙන් ඉන්දීය පිතිකරණයට ඔහුගෙන් ලැබුණේ පන්දු 5 කින් ලකුණු 7 ක් පමණයි. ඉන් අනතුරුව සිය 6 වන ජාත්‍යන්තර 20-20 තරඟයේදී ඔහු තම ප්‍රථම ශතකය වාර්ථා කරගැනීමටත් සමත් වුණා.

2024 T20 ලෝක කුසලානය සඳහාද Traveling reserve player කෙනෙජ් විදියට තෝර ගෙන තිබුණු Gill ට කිසිම තරඟයක් ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුණෙ නෑ.

ඊට පස්සෙ අවුරුද්දක් විතර ජාත්‍යන්තර T20 තරඟ ක්‍රීඩා කරන්නෙ නැතුව ඉඳලා කෙළින්ම කණ්ඩායමේ Vice Captain විදියට Asia cup එකේදි තමයි නැවතත් T20 කණ්ඩායමට එන්නෙ.

South Africa එක්ක තිබිච්ච T20 series එක අතරතුරදිත් ඔහු ලෝක කුසලානය සඳහා මානසිකව සහ ශාරීරිකව ඉතා විශ්වාසයෙන් සූදානම් වෙමින් සිටි බව තමයි වාර්ථා වෙන්නෙ.

2024 දි වගේම මෙවරත් එක්ක පිටපිටම දෙවරක් ඔහුට T20 ලෝක කුසලානයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව මග හැරෙනවා.

The Prince of Indian cricket ලෙස බොහෝ දෙනෙක් හඳුන්වපු ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් නායකයාට T20 ලෝක කුසලානය ක්‍රීඩා කිරීම අහිමි වන්නේ ඇයි?

මතභේදාත්මක කරුණු රැසක් මේ සම්බන්ධව ඉන්දියාව තුල එහෙට මෙහෙට දෝලනය වන බවක් පේන්න තියෙනවා.

Gill ගේ recent form එකේ අවුල හේතුවක් විදියට සමහරු දකිනවා. ඉන්දිය ක්‍රිකට් තේරීම් කමිටු සභාපති Ajit Agarkar කියන්නෙ Sanju Samson සහ Abhishek Sharma 20-20 ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරන බව.එයට හේතුව මේ මොහොතේ Gill ගේ Out of form එක කියල ඔහු කියනවා.

නමුත් ඉන්දිය Social media තුල දැඩි බෙදීමක් මේ දවස් ටිකේම මේ සම්බන්ධව පේන්න තියෙනවා.

සමහරු කියන්නෙ මේක ඉතා සාධාරණ තීරණයක් කියල. හේතුව Gill මේ මොහොතේ T20 form එකේ නැති වෙලාවක එයාව team එකට දාන එක තමන්ගෙ රටේදි ඉන්දියාවට World cup එකක් දිනන්න තියෙන ඉඩ යම් ප්‍රමාණයකට හරි දෙගිඩියාවකට ලක් කිරීමක් කියල.

Out of form හේතුව නම් Captain Suryakumar Yadav ට එක හැන්දකිනුත් Vice captain Shubman Gill ට තවත් හැන්දකිනුත් බෙදන්නට හේතුව මොකද්ද කියලත් කථා බහක් යනවා. ඒකට හේතුව විදියට පෙන්වල දීල තිබුනේ sky captain නිසා captain ව ලෝක කුසලානයට දින 50 ක් තියෙද්දි ඉවත් කිරීම මුලු team එකේම combination එකට බලපාන නිසා ඒ ගැන හිතන්නවත් බැරි බවයි.

ඉන්දියාවේ පැතිරෙමින් තිබෙන ඇතැම් වාර්ථාවල තියෙන්නේ නම සඳහන් නොකළ ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු මේ සම්බන්ධව රහසිගත කරුණක් හෙළි කර ඇති බවයි. ඒ අනුව දකුණු අප්‍රිකානු T20 තරඟාවලිය අතරතුර නායක Sky විසින් පුහුණුකරු ගාම්බීර් වෙත පුද්ගලිකවම පැමිණ Gill ව සංචිතයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා ඇති බව එම වාර්ථාවල සඳහන් වෙනවා. Gill සහ Gambhir අතර ශක්තිමත් අවබෝධයක් පැවතීම නිසා ඔහුව ඒ සඳහා කැමති කර ගැනීම පහසු නොවූ බවත් captain SKY හා Gambhir අතර උණුසුම් සංවාද මේ සම්න්ධව පැවති බවත් තවත් වාර්ථාවල දැක්වුණා.නමුත් මේ ගැන නිල වශයෙන් තාමත් තහවුරු වීමක් නෑ.

කොහොම නමුත් ලෝක කුසලානයට නම් කරන ලද අවසන් 15 දෙනාගේ සංචිතය ගැන නායකයා වශයෙන් තමන් සතුටු බවත් හොඳ combination එකක් මේ සංචිතය තුල පවතින බවත් නායක sky සඳහන් කර තිබුණා.

Gill වගේ Top class player කෙනෙක් වුණත් form එකේ නැතිවුණ ගමන් කොච්චර නමක් තිබුණත් drop කරල අවශ්‍ය replacement එක කරන්න ඉන්දියාවට හයිය තියෙන්නෙ ඔවුන්ගෙ තියෙන player rotation system එකත් එක්ක ඕනම මොහොතක players ලව international mind set එකකින් සූදානමින් තියා ගැනීම. කොච්චර කාලෙකට පස්සෙ අවස්ථාව හම්බවුණත් ඔවුන් අවශ්‍ය standard එකෙන් ready වෙලා ඉන්නෙ.

Sri Lanka Cricket අපිටත් මේ වගේ strong back up players ල squad එකක්, හරි rotation එකක් එක්ක හදාගන්න පුළුවන් වෙන දවස වෙනකන් Kusal Mendis ල දිගින් දිගටම බැනුම් අහන බවනම් Sure!

Advertiesment