Wednesday 22nd of April 2026

English Tamil
Advertiesment


හතුරුගෙන් හතුරු කමක්..?


2025-12-17 14909

 

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නඩු පවරා තිබෙනවා. එලෙස හතුරුසිංහ නඩු පවරා තිබෙන්නේ පළමු අවස්ථාවට නොවීම වීම ද විශේෂත්වයක්.

මීට ප්‍රථමයෙන් ද ඔහු මෙලෙසම නඩු පැවරීමට කටයුතු කළේ තමන් සමග එකඟ වූ කොන්ත්‍රාත් කාලයට ප්‍රථමයෙන් එය අවසන් කිරීම නිසා සිදු වූ අපහාසයට සහ මූල්‍යමය පාඩුව පිළිබඳ සලකා බැලීමෙන් අනතුරුවයි.

ස්විට්සර්ලන්තයේ පිහිටා තිබෙන අන්තර්ජාතික ක්‍රීඩා බේරුම්කරන අධිකරණයේදී මෙලෙස ඔහු මෙම නඩුව ගොනුකර තිබෙනවා. මෙයට ප්‍රථමයෙන් ද ඔහු නඩු පැවරුවේ මෙම අධිකරණයේමයි.
චන්දික හතුරුසිංහ 2017 සිට 2019 දක්වා කාලය වනතුරු ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වශයෙන් කටයුතු කළා. 

Advertiesment