Tuesday 21st of April 2026

English Tamil
Advertiesment


මාලිමා මන්ත්‍රීට පහරදී රෝහලේ


2025-12-02 14890

 

ගංවතුරින් පීඩාවට පත් ජනතාවට ආහාර බෙදාදීමේ අවස්ථාවකදී ජාතික ජන බලවේග මන්ත්‍රීවරයෙකුට පහරදීමක් සිදුකර තිබේ.කඩුවෙල මහනගර සභා ජාතික ජන බලවේග නාගරික මන්ත්‍රීවරයකුට මෙම පහරදීම සිදුව ඇත්තේ අතුරුගිරිය තුන්අඳහෙන ප්‍රදේශයේදීය.සිදුවීම සම්බන්ධයෙන් නවගමුව පොලිසිය විසින් තරුණයන් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.පහර කෑමට ලක් වූ මන්ත්‍රීවරයා මේ වන විට හෝමාගම මූලික රෝහලට ඇතුළත් ඇතුළත්ව ප්‍රතිකාර ලබයි.

පුවතක්.

 

■ රටේ රාළගේ සටහන.

 

මේ පහරදීම රටේ රාළ අනුමත කරන්නේ නෑ. මාලිමාව සම්බන්ධව ජනතාව තුල ඇතිවෙලා තියන විරෝධය ගැන මාලිමා මන්ත්‍රීවරු දැනුවත් වෙන එක නම් හොඳයි. නැත්තං නායකයෝ කරපු වැරදිවලට ගුටි කන්න වෙන්නේ අහිංසක ප්‍රාදේශීය සභා,නගර සභා මන්ත්‍රීවරුන්ට.

ඇත්තටම ඔය පටන් ගත්තා විතරයි. දැනට රටේ තැන් කීපයක මෙහෙම සිදුවීම් වෙලා තියනවා. හෙට දවසේ ඔය තත්වය තවත් වර්ධනය වෙන්න පුළුවන්. ඒක නිසා රටේ රාළ මාලීමා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලන්නේ ජනතාව අතරට යනකොට කල්පනාවෙන් කියලයි.

අර ලක්ෂයක් මරලා හරි බලය රැක ගන්නවා කියපු කඩුවෙල නගරාධිපති සහෝදරයටත් මේ පණිවිඩය දෙන්න.

 

- RRMC -

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment