Tuesday 26th of May 2026

English Tamil
Advertiesment


විපක්ෂ නායක ජපන් තානාපති හමුවී ලංකාව වෙනුවෙන් ආධාර ඉල්ලයි


2025-12-01 14899

 

දිත්වා සුළි කුණාටුවත් සමඟ ඇති වූ පවතින ආපදා තත්ත්වය නිසා බිඳ වැටුණු රට නැවත නගා සිටුවීමට උපකාර කරන ලෙස අද (01) පාර්ලිමේන්තුවේ දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජපාන තානාපති Akio Isamota මහතා හමු වූ අවස්ථාවේදී ඔහුගෙන් ඉල්ලා තිබේ.  

එහි දී මාර්ග පද්ධතිය, දුම්රිය පද්ධතිය මෙන්ම අත්‍යාවශ්‍ය සේවා නැවත සක්‍රීය කර ගැනීම සඳහා දායකත්වය ලබා දෙන ලෙස ඉල්ලා ඉල්ලා ඇති අතර පසුගිය කාලයේ දී ශ්‍රී ලංකාව විවිධ අසීරු තත්ත්වයන්ගෙන් පසුවන විට එම අසීරු තත්ත්වයන් මගහරවා ගැනීමට සහාය වූ සමීප මිතුරකු වූ ජපානය මේ අවස්ථාවේ දී ද මානුෂීය ආධාර සහ සහන සේවා කණ්ඩායම් යොමු කිරීම සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවත් මෙහි දී ජපාන තානාපතිවරයා හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසා ඇත. 

Advertiesment