Mega Cash-Mega Loan හෙවත් Megafin Lanka (pvt) Ltd යන නයීජිරායනූ ජාතික හොරෙකු විසින් පවත්වා ගෙන යනු ලබන Online ණය මුදල් ලබා දෙන ගණිකා නිවාසයේ සේවය කරන පිරිමි ගණිකාවන් සහ ගැහැණු ගණිකාවන් වෙතටයි.
නුඹලා ආර්ථික දරිද්‍රතාවයෙන් පෙළි සිටින අහිංසක මිනිස්සුන්ට ගිනි පොලියට ණය මුදල් ලබා දී ඔවුන්ට නැවත ණය මුදල නිසි දිනට නිසි පරිදි ගෙවා ගැනීමට නොහැකී වූ විට ලබා ගත් ණය මුදලට වැල් පොලී එකතු කර එමගින් ද නොනැවතී නුඹලා විසින් ණය මුදල් ලබා ගත් මිනිසුන්ගේ ජංගම දුරකථයන Clone කර එහි තිබෙන දුරකථන නාමාවලිය සහ ණයකරුගේ සේවා ස්ථාන වෙත දුරකථන ඇමතුම් ලබාදි ණය මුදල් ලබා ගත් පුදගලයා සොරකු සේ හංවඩු ගසමින් දුරකථන ඇමතුම් ලබාදී ලැජ්ජාවට පත් කරන්නේ කිනම් අයෙකුගේ හයීයකින්ද..?
ණය මුදල් ලබා ගත් පුද්ගලයාගේ ඡායාරූප Megafin Lanka නමැති facebook පිටුව හරහා සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හරින බවට තර්ජනය කරමින් අමු තිත්ත කුණු හරුපෙන් බණිමින් මිනිස්සුන්ට වධ දී මේ රටේ නීතිය හෑල්ලුවට ලක් කරන්නේ රටේ නීතිය නුඹලාගේ අම්මා අප්පාගේ යැයී සිත ගෙනද..?
නුඹලාගේ මේ අසික්කිත ක්‍රියා හේතුවෙන් මීට දින කිහිපයකට පෙර මෙලොවින් සමු ගත් හිමායා සෙව්ව්න්දි නම් තරුණියගේ වටිනා ජීවිතයට වගකීමට සුදානම් වන ලෙසද දන්වන්නෙමු. ඊට අවශ්‍ය නීතිමය කටයුතු මේ වන විට සැකසෙමින් පවතී. නුඹලා හැංගි හැංගි වෙස් බැන්දාට රටේ නීතිය ඉදිරිපිට නටන්න වෙන්නේ එළිපිටය.
නුඹලා එළිපිට නටන කාලෙට නුඹලගේ ගණිකා නිවාසයේ පාලකයන් නුඹලාගේ සහයට අසලකවත් සිටින්නේ නැත. එවිට Megafin Lanka (pvt) Ltd නම් ගණිකා නිවාසයේ ලොක්කන්ගේ පව්වලට කර ගහන්න වෙන්නේ ලොක්කන්ගේ ඉදුල් කන සොක්කන් වන නුඹලාටය. එම දවස වැඩි ඈතක නැත. එම නිසා ලොක්කන්ගේ පදයට නටන්න පෙර ලොක්කන්ගේ ඉදුල් කන සොක්කන් වන නුඹලා දෙවරක් සිතා බලනු මැනවි.
Lanka Newsweek © 2026