Thursday 18th of June 2026

English Tamil
Advertiesment


ඇමෙරිකාවේ දින 40 කට වැඩි Shutdown එකක්..?


2025-11-14 14923

 

ජනතාවගේ සෞඛ්‍ය ගැන ට්‍රම්ප් නම්‍යශීලී නොවීම තුළ මුදල් පනතක් සම්මත නොවීම ගැටලුවට මුල වේ

 

පඩි නොගෙවන නිසා රාජ්‍ය සේවය අඩපණ වේ

 

 පඩි නැතත් වැඩට එන්න.ට්‍රම්ප් ගෙන් තර්ජණ...?

 

(Ashoka Jayatunga)

 

ඔක්තෝබර් මුල ගෙනා රාජ්‍ය මුදල් වලට අදාළ පනත කොංග්‍රස් හා සෙනෙට් මණ්ඩල තුළ බහුතරයකින් සම්මත නොවීම තුළ ඇමෙරිකාවේ රාජ්‍ය අංශය බරපතල හිරවීමකට ලක්ව තිබේ.රාජ්‍ය සේවය පවත්වාගෙන යාම හා සේවකයන්ට පඩි නැති පසුබිම තුළ ඔවුන් දසලක්ෂ ගණන් සේවයට වාර්තා නොකරන පසුබිමක් නිර්මාණයවී රාජ්‍ය සේවය අඩපණව තිබේ.

පසුගිය දිනක ගුවන් ගමන් 2700 ක් අත්හිටුවීමට සිදුවීම ඊට නිදසුනකි. ආරක්ෂාව පවා යම් අනතුරකට ලක්ව තිබේ. වහා වැඩට හන ලෙස ජනපති ට්‍රම්ප් තර්ජණ කල ද දැන් වැඩ කරන අයට පසුව ඩොලර් 10,000 ක බෝනස් එකක් දෙන බව ඔහු කීව ද තත්වය සමනයවී නැත. හිග වැටුප් නොගෙවා යාමට ට්‍රම්ප් පාළනය කරන උත්සාහය තත්වය තවත් ව්‍යාකූල කොට තිබේ.

2018 දී ට්‍රම්ප් බලයේ සිටියදීත් දින 36 කට රට අක්‍රියවී තිබේ. ට්‍රම්ප් ගේ කාටත් නොනැමෙන ප්‍රතිපත්ති මෙම තත්වයට හේතුවන බවට විග්‍රහ වේ. ඇමෙරිකාවේ ජනතාවට නිසි සෞඛ්‍ය පහසුකම් ලබා දීමට හා සෞඛ්‍ය රක්ෂණය සාධාරණ මුදලකට ලබාදීමට පෙර පැවති ඩිමොක්‍රටික් පාළනය ගත් තිණ්දු ට්‍රම්ප් රජය බැහැර කිරීම තුළ මුදල් පනත සම්මත කිරීමට නොහැවී තිබෙන ව්‍යාකූල බවක් ගොඩනැගුණ බවට විග්‍රහ පවතී.සෞඛ්‍යයට රජයේ මුදල් වැයකිරීම අනවශ්‍ය බරක් බව ට්‍රම්ප් පාළනයේ ස්ථාවරය වේ.

කෙසේ නමුත් 2026 ජනවාරි 26 තෙක් අවශ්‍ය මුදල් අනුමත කිරීමට සෙනෙට් මණ්ඩලය තුළින් යම් කොළ එළියක් දැල්වෙමින් පවතී. එහෙත් දෙසැම්බරයේ දී ජනතාවගේ සෞඛ්‍ය හා රක්ෂණය ගැන විවාදයක් හා සාධාරණ තීන්දුවක් අවශ්‍ය බවට ට්‍රම්ප් පාළනයට සෙනෙට් හා කොංග්‍රස් වෙතින් විශාල බලකිරීමක් එල්ල වෙමින් තිබේ.නිව්යෝර්ක් නගරාධිපතිකම සංක්‍රමණික ඩිමොක්‍රටික් පාක්ෂික මුම්දානි ජයගැනීම හා මුදල් නොමැතිව රට අක්‍රියවීම තුළ ට්‍රම්ප් මේ වනවිට කරකවා අතහැර තිබෙන බව සමහරු විග්‍රහ කරති.

Advertiesment