අනුර මේ දවස්වල තමන්ගේ දෙවෙනි අයවැය ඉදිරිපත් කරන්න බරටම වැඩ.දැනටමත් විසර්ජන පනතත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියනවා.ඇත්තටම මාලිමා ආණ්ඩුවේ පැවැත්ම ගොඩක් වෙලාවට තීරණය වෙන්නේ මේ ඉදිරිපත් කරන අයවැය මතයි.2025 වර්ෂයට අනුර ඉදිරිපත් කරපු අයවැයට ලොකු විවේචනයක් සමාජයෙන් එල්ලවුනේ නෑ.ආණ්ඩුව අලුත් ආණ්ඩුවක්වීම ඒක ප්‍රධාන හේතුවවුනා.
ඒ වගේම අයවැය බැලන්ස් කරන්න පුළුවන් ආර්ථික වටපිටාවක් රනිල් හදලා දීලා ගිහින් තිබුණා.අයවැයක් හදාගන්න පුළුවන් දැනුම තියන මහින්ද සිරිවර්ධන වගේ නිළධාරීන් මුදල් අමාත්‍යාංශයේ හිටියා.ඒක නිසා අනුරට ලොකු අමාරුවක් නැතිව ගේමක් ගහගන්න පුළුවන් වුනා.හැබැයි අනුර ඉදිරිපත් කරපු ඒ අයවැයෙන් රටේ අනාගතය සංවර්ධන ගමනකට අඩිතාලමක් දැම්මේ නෑ.මේ අවුරද්දේ රටට දැනෙන සංවර්ධන ව්‍යාපෘතික් නෑ.
ඔය බෝකුවක් හදපු එකක්,බස්ටෑන්ඩ් එකක් හදපු එකක්,එහෙමත් නැත්තං පාරක් කාපට් ඛරපු එකක් වගේ සූපින් වැඩ තමයි මේ අවුරද්දේ මේ තාක් සිද්ධවුනේ.මේ අවුරුද්ද ඉවර වෙන්න තියෙන්නේ තව මාස දෙකක් විතරයි.ඒක හින්දා මේ අවුරුද්දට කියලා විශේෂ දෙයක් කරන්න කාලයක් දැන් නෑ. මේ අයවැය හැදීමේදී අනුර අභියෝග දෙකකට මුහුණ දෙනවා.එකක් අයවැයක් හදා ඉදිරිපත් කිරීමේ අභියෝගය.ඒ කියන්නේ අනුරට පැහැදිළිවම ආර්ථික දැක්මක් නෑ.
මේ පාරේ යං කියලා කියන්න අනුර පාර දන්නේ නෑ. ඒ වගේම මේ පාරේ යං කියලා අනුරගේ අතින් අල්ලගෙන එක්ක යන්න මහින්ද සිරිවර්ධන කෙනෙකුත් නෑ.ඒ වෙනුවට ඉන්නේ හර්ෂණ සූරියප්පෙරුම කෙනෙක්.හර්ෂණගේ හැකියාවන් තවම කවුරුත් හදුනාගෙන නෑ.මුදල් අමාත්‍යාංශය පැත්තෙන් එන ආරංචිවල හැටියට නං මුදල් අමාත්‍යාංශයේ ජේෂ්ඨ නිලධාරීන්ට හර්ෂණවත් ඇඳගෙන තමයි ගමන යන්න වෙලා තියෙන්නේ. ඊළඟට රනිල් ගොඩනගලා ගිය මූල්‍ය ස්ථාවරත්වය ඒ විදිහටම දැන් නෑ.
මේ ප්‍රශ්න නිසා අනුර ඉස්සෙල්ලාම මුහුණ දෙන්නේ අයවැයක් හදා ඉදිරිපත් කිරීමේ අභියෝගයට.හරි කොහොම හරි ආදායම් වියදම් වාර්තාවක් ඉදිරිපත් කලා කියලා හිතමු.ඊළඟට තමයි ලොකුම අභියෝගය එන්නේ.ඒ අනුර ඉදිරිපත් කරන අයවැය අනුරලාගේ දේශපාලන ටාගට් එකත් එක්ක සහ රටේ ආර්ථික ඉලක්කයත් එකක් ගැලපෙනද කියන එකයි.එහෙම නැතිව අනුරම කියන විදිහට ණයක් අරන් පාලමක් හදන්න ජනාධිපති කෙනෙක් ඕනි නෑනේ.ඒක පිටකොටුව ඉන්න පොලී මුදලාලි කෙනෙකුට උනත් කරන්න පුළුවන්.
මෙතනදී අනුරට තියෙන දේශපාලන සහ ආර්ථික අභියෝගය මොනවද?අපි ඉස්සෙල්ලා ආර්ථික අභියෝගය දිහා බැලුවොත් අපි ඉන්නේ IMF එකත් එක්ක සිව් අවුරුදු විස්තීණය ණය වැඩපිලිවෙලක. ඒක ආරම්භයේදී හිටියේ රනිල්.රනිල් සියලු ටාගට් කවර් කරලයි අනුරට රට බාරදුන්නේ.රටේ ආර්ථික වර්ධන වේගය 5.1% කට ගෙනත් තිබුණා. විදේස් වත්කම් සංචිතය බිලියන 06 කට ගෙනත් තිබුණා. ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිලිවෙල 99% ක් අවසන් කරලා තිබුණා.අපි හැම අතින්ම ටාගට් පන්නලා තිබුණා.
ගොඩක් විදේශ රටවල් සහ ජාත්‍යන්තර මූල්‍ය ආයතන කිව්වේ ඒක ප්‍රාතිහාරයක් කියලා.රනිල් මොන ප්‍රාතිහාරය පෑවත් මේ රටේ ජනතාව රනිල් ගෙදර යවලා අනුර පුටුවේ වාඩි කළා.අනුර මුලදීම කියාගෙනමයි ආවේ මට ප්‍රාතිහාර පාන්න බෑ කියලා.හැබයි අනුර ඒ කතාව කිව්වේ බලය ගත්තට පස්සේ.ඉස්සෙල්ලා ඇහුවි අපි අරන් තියන ණය ණයක්ද කියලයි.රටේ ජනතාවත් අනුරගෙන් ප්‍රාතිහාර බලාපොරොත්තු වුනේ නෑ තමයි.හැබැයි ප්‍රාතිහාර කෙසේ වෙතත් අනුර මෙහෙම හායි කියලා බලාපොරොත්තු උනෙත් නෑ.
අනුරට විස්තීර්ණ ණය වැඩසටහනේ එකම ටාගට් එකකටවත් එන්න බෑරිවුනා.5%ක සීමාවේ තියාගන්න ඕනි ආර්ථික වර්ධන වේගය දැන් සියට හතරයි ගාණකට වට්ටලා තියෙන්නේ.අපි මේ වසර අවසාන් වෙනකොට එකතු කරගන්න ඕනි විදෙස් වත්කම් සංචිතය ඩොලර් බිලියන 7.2 ක්.අපි තවමත් ඉන්නේ රනිල් ගෙනත් දුන්න බිලියන 6 ට වඩා පොඩ්ඩක් උඩින්.ඒ කියන්නේ අපි ඉන්නේ ඉළක්කයට වඩා ගොඩක් පිටිපස්සෙන්.එතකොට ඒ අඩුවුන ගාණත් ඊට ඊළඟ අවුරද්දට එකතු වෙනවා.
එතකොට අනුරට මේ අවුරුද්දේ කොටෙයි ලබන අවුරුද්දේ ෆුල් එකයි කවර් කරන්න වෙනවා.අපි මේ යන්නේ 2028 දී ණය ගෙවීම පටන් ගන්නවා කියන කොන්දේසියකට පිට.දැනට අපි ගෙවන්නේ පොලිය විතරයි.ලබන අවුරද්දේ ඒ ඉලක්කය සම්පූර්ණ කරන්න අනූරගේ අයවැයට යෝජනා මොනවද?තවම අපි ඒක දන්නේ නෑ.ඊළඟ එක තමයි මේ අයවැයක් එක්ක ගැටගැහිලා තියන දේශපාලන අභියෝගය.එක පැත්තකින් අනුරලා එක්ක ආපු බලවේග සහන බලාපොරොත්තු වෙනවා.
විශේෂයෙන්ම අනුර කියපූ බදු සහන,වැටුප් වැඩිවීම් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙන් පිරිසක් ඉන්නවා.උදාහරණයක් විදිහට වතු කම්කරුවන්ට අනුර පොරොන්දුවක් දීලා තියනවා එයාලගේ දෛනික වැටුප රුපියල් 1750 ට ගේන්න. ඒ වගේම ඒ බලවේග තෘප්ත කරන්න බැරිවුනොත් අනුරට දැනට අහිමිවෙමින් තියන ජනපදනම සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා.ඒකෙන් පැලවත්තේ දේශපාලන ඉලක්කය සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා.
එක පැත්තකින් පලාත් සභා ඡන්දය එනවා.අනුරට පලාත් සභා තවත් කල්දාන්න ලේසියෙන් බෑ. මාලිමාවට පලාත් සභා ජන්දයට මුහුණ දෙන්න වෙනවා.ඇත්තටම ආණ්ඩුව පලාත් සභා පරදින එක ස්ථීරයි.යම් විදිහකින් එජාප සජබ එකතුවක් හදුනොත් ඒ සන්ධානයට පලාත් සභා දිනන්න තියන සම්භාවිතාවය ගොඩක් වැඩියි.මොකද අපේ රටේ මිනිස්සුන්ට වමේ කඳවුර එපාවෙලා තියෙන්නේ.ආයෙත් ජනතාව දකුණු ඉවුරට ඇදෙන්න තියන ඉඩ වැඩියි.
මාලිමාව යම් විදිහකින් පලාත් සභා පැරදුනොත් ආණ්ඩුව ගමන ඉතාමත් කෙටි කාලයකින් අවසන් වෙන්න පුළුවන්.මේ සියල්ල එකට හිරවෙන තැනක් විදිහටයි රටේ රාළ 2026 අවසන් කාර්තුව දකින්නේ.එක ඇතුලේ ටිල්වින්ගේ විසි අවුරුදු සිහිනයත් බොඳවෙලා යනවා.ඉතින් ඔය අභියෝගය අනුරට තියනවා.මේ අභියෝගය දිනන්න අනුරට පුළුවන්ද?පුළුවන් කියනවා නම් කෝ ඒකට තුරුම්පු.රටේ රාළ හිතනවා අනුර ළඟ හංගත්ත තුරුම්පු තියනවා නම් 2026දී ඇදලා අරින්න වෙනවා.
නැත්තං ගෝඨාභය ගිය මඟ ගිය දෙවෙනි නායකයා බවට අනුර පත්වෙනවා.අනුර අදින්න තියෙන තුරුම්පු තුනක් තියනවා.චීනයද නැත්තං ඉන්දියාවද.එහෙමත් නැත්තං ඇමරිකාව සහ ඉන්දියාව එකටද,ඒත් නැත්තං ඇමරිකාව එක්ක තනියමද?රටේ රාළ කියන්නේ අනුර ඉස්සරහා තියෙන බෝඩ් එකේ ඉත්තෝ පිහිටලා තියෙන්නේ ඔය විදිහට.බලමු අනුර ඉත්තෝ අදින්න කොහොමද කියලා.2027 ත් අනුර ඉන්නවද නැද්ද කියලා එතකොට කියන්නම්.
Lanka Newsweek © 2025