Sunday 9th of November 2025

English Tamil
Advertiesment


විරහව 


2025-10-11 1255

 

(සුජිත් මංගල ද සිල්වා)


පෙරුම් පුරා පෙමින් බැඳී 

ඇතුළු වෙලා අකුරු කළා 

හදේ මෙමා වළලු නිමා 

ඇඳුරුතුමිය පුළුල් කළා 

දෙඅත හුවා හිස අත ගා 

උකුළට ගෙන මා සනසා 

තදින් වැළඳ මා නළවා 

දඬුවම් දී එළියේ දමා 

දොර වැසුවේ කියනු කිමා..! 

Advertiesment