ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරීනියක වන රාජපක්ෂ පතිරගේ සේපාලිකා සමන් කුමාරි, අධිකරණ අමාත්‍යාංශය සේවය කරමින් සිටිය දී අත්අඩංගුවට පත් වූ ඉහළම තනතුර දරණ නිලධාරියාය.
අල්ලස් කොමිසම විසින් නිකුත් කළ නිවේදනය අනුව ඇය අත්අඩංගුවට ගන්නේ පෙ.ව. 9.20 ට ය. ඒ මොහොත වන විට ඇය අධිකර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියකි. අධිකරණ අමාත්‍යාංශයේ දැනට සේවයේ නිරත වැඩිම කලක් සේවය කළ පරිපාලන නිලධාරිනිය ඇයයි. සහකාර ලේකම් තනතුරෙන් ඇරඹී ඇයගේ අධිකරණ අමාත්‍යාංශයේ වෘත්තීය ජීවිතය -- බර අදින, වැඩකරන නිලධාරිණියක් වූයෙන්, කරන්නට බැරි බොහෝ වැඩ පැමිණියේ ඇගේ මේසයටය. ප්‍රශ්නගත සිදුවීම සිදුවන විට ඇය අධිකරණ අමාත්‍යාංශයේ ආයතන තුනක ප්‍රධානියා ලෙස එක විට සේවය කරමින් සිටියේය. පරිපාලන සේවයේ 2000 කණ්ඩායමේ නිහඬ නිලධාරිනියකි. දුවලා-පැනලා වැඩ කරන කෙනෙකු ලෙස ඇඟයීමට ද, ගැරහීමට ද ලක්වී තිබුණි. -- සරළවට ඇය බුලට් එකකි.
අද සිලෝන් ටුඩේ පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තියට අනුව මහෙස්ත්‍රාත්වරයා ඇයට ඇප නියම කර ඇත්තේ, treating her long tenure in public service, the fact that she did not gain any personal advantage, and that she was not serving in that position at the time of the payment as special circumstance.’
සිලෝන් ටුඩේ වාර්තාව සත්‍යය නම්, ඇය මෙම තනතුරේ වැඩ බලන්නට කටයුතු කර ඇත්තේ කෙටි කාලයකි. ගෙවීම සිදු කරන විට ඇය එම තනතුර දරා ද නැත. මුදල් ගෙවීම ගැන පහලම වගකීම ඇත්තේ පොදු 35 ට අත්සන් කර ඇති ද? යන්නය.
රනිල් වික්‍රසිංහ ගේ විදේශ සංචාරයට අදාළ ගෙවීමේ දී හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක අවම වශයෙන් පොදු 35 වවුචරය දැක හෝ අත්සන් කර හෝ තිබුනේ නැත. සේපාලිකා ද, පොදු 35 වව්චරයට අත්සන් තබා නොමැති බවත්, අවම වශයෙන් සිය තනතුර දරණ කාලයේ එය දැක හෝ නොමැති බවත් පුවත්පත් වාර්තාව සත්‍යය නම්, පැහැදිලිය.
අල්ලස් කොමිසමේ පුවත්පත් නිවේදනයට අනුව ඇය අත්අඩංගුවට ගැනීමේ දී එල්ල කර තිබූ චෝදනාව ‘.............. හානිපූර්ණ කාර්යාලයේ නිලධාරීන් පෙළඹවීමෙන් දුෂණය නැමති වරද හා පොදු දේපල පනතේ සාපරාධී සාවද්‍ය පරිහරණය යන වරද සිදු කිරීමට ආධාර අනුබල දීම යන චෝදනාය.සිලෝන් ටුඩේ වාර්තාව අනුව, ඇයට එල්ල වී ඇති චෝදනාව දුෂණ විරෝධී පනතේ 133, 135 සහ 11 වගන්ති යටතේ වන චෝදනා ය.
පුවත්පත් වාර්තාවට ඇය වෙනුවෙන් පෙනී සිට ඇත්තේ ජනපති නීතිඥ සුහඳ ගම්ලත් මහතා ය. සුහද ගම්ලත් යනු යුධ සමයේ ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ ලංකා රාජ්‍ය බේරාගත් කීර්තිමත් නිලධාරියෙකි. නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා ය. ඉහළම පුටුව ආසන්නයේ දී ම මුල් පුටුව අහිමි වූ අයෙකි. මාගේ මතකය නිවැරදි නම්, සුහද ගම්ලත් අධිකරණ ලේකම්වරයා වන විට ද, සේපාලික අමත්‍යාංශයේ නිලධාරිනියකි.
සිලෝන් ටුඩේ වාර්තාව අනුව, ගම්ලත් මහතා අධිකරණයට පවසා ඇත්තේ ‘...... all the facts presented by the Bribery commission are distorted. It is a shame for lawyers to state such things. This institute has become highly politicized. She is being arrested because of Shasheendra Rajapaksa. She only covered the duties of the acting position in this office for four months. This payment was approved based on the recommendations presented. She doesn’t go and investigate who the payment is for. That approval comes after a long process. This payment was approved by a Parliamentary committee යනුවෙනි. මේ කරුණු සත්‍ය නම්, ඇය වැඩබලන නිලධාරියා ලෙස සේපාලිකා කර ඇත්තේ, එනම් කාර්යාලීය භාෂාවෙන් “Process the payment” වර්ගයේ වැඩකි.
ආයතන සංග්‍රහය, මුල්‍ය රෙගුලාසි යටතේ විසඳාගත යුතු මෙවැනි පරිපාලන ප්‍රශ්න අපරාධමය චෝදනා යටතේ අධිකරණයට හමුවට ඉදිරිපත් කිරීම, දැන් ලංකාවේ පවත්නා ව්‍යවහාරික නීතියක් වන දුෂණ විරෝධී පනතට අනුකූලය. එබැවින් එය අභියෝගයට ලක් කිරීමට හෝ චෝදනා කිරිමට හෝ නොහැකිය. තවත් අතකින් එය අල්ලස් කොමිසමේ රාජකාරියකි. වගකීමකි.
අනෙක් අතට, මහවැලි ඉඩම් බුක්ති විදින නමුත් ඔවුන්ට ලංකා ආණ්ඩුවේ ඉඩම් අයිතිය පිළිබඳ නෛතික ලියවිල්ලක් -- ඔප්පු නැත. මහවැලියේ ඔප්පුවක් ගන්නට අවම වශයෙන් වසර 10 ක් වත් ගතවන්නේය. නමුත්, ජනතාව ඒවායේ පදිංචි වී, ගොවිතැන් වගා කටයුතු කරමින්, නිවාස හදාගනිමින් ජීවිත ගත කරති.
මහවැලි අධිකාරිය සතු ඉඩම්වලින් අඩක් පමන තවමත් ඇත්තේ පූර්ණ අයිතිය නොමැති නමුත් වගාවට, පදිංචියට අවසර දී ඇති ඛාණ්ඩයේ ය. තඹුත්තේගම නගරය එයට හොඳම උදාහරණයයි. මාගේ අත්දැකීම නම්, අනවසරයෙන් සිටින පුද්ගලයින්ගේ ඉඩම් සන්තකය ආපසු ගැනීමට වඩාත්ම කාර්යක්ෂම ආයතනය මහවැලි අධිකාරියයි.
ප්‍රශ්නගත මහවැලි ඉඩම, සන්තකය ආපසු ගැනීමට පියවර ගෙන නැති ඉඩමකට සිදු කරන දීමනා, සහන, වන්දි ගෙවීම් නීත්‍යානුකුල ද? යන්න රාජ්‍ය පරිපාලන නිලධාරීන් විසින් පුළුල් හා ගැඹුරු ලෙස අවධානයට යොමු කළ යුතුය. මන්ද, අතිතයේ ද, වර්තමානයේ ද, අනාගතයේ දී වසරකට පුද්ගලයින් ලක්ෂ ගණනකට මෙවැනි ඉඩම් සඳහා සහන, දීමනා, වන්දි ගෙවීම රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකරන බැවිනි. අද නීතිය හා මේ දක්වා පැවති ව්‍යවහාරය අතර පරතරය ‘නීතියකින් - ලිඛිතව - චක්‍රලේඛන මගින්’ විධිමත්ව පියවිය යුතුය. එහ වහා සිදු විය යුතුය. අද රාජ්‍ය සේවයේ ප්‍රාග්ධන විදයම් වලින් 25% ක් වැය කර ගත නොහැකිව ඇත. මේ ප්‍රශ්නය වහා විසඳය යුතුය.
ප්‍රංශ විප්ලවයෙන් පසුව (Reign of Terror) රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් ඝාතනය විය. එය ඔවුන්ගේ වරදක් හෝ විප්ලවයේ වරදක් ද නොවේ. සංක්‍රාන්ති සමයක ප්‍රතිඑලයකි. ලංකා පරිපාලන සේවය -- රාජ්‍ය සේවය සංක්‍රාන්ති සමයක වින්දිතයා බවට පත් නොවිය යුතුය. රාජ්‍ය පරිපාලන, ඉඩම්, අධිකරණ, මහවැලි, ස්වදේශ කටයුතු නිලධාරීන් අද පවත්නා නීතිය හා මේ දක්වා පැවති ව්‍යවාහාරය අතර පරතරය චක්‍රලේඛන - උපමාන - උපදෙස් පත්‍රිකා මගින් ලිඛිතව පියවිය යුතුය. චක්‍රලේඛන මගින් උපදෙස් දී රාජ්‍ය නිලධාරීන් රැක ගත යුතුය! අවශ්‍ය නම් පාර්ලිමේන්තුව මගින් නව නීති පැනවිය යුුතුය.
ජයභූමි, සාරභූමි ඉඩම් ද, උරුමය වැනි අනෙකුත් බලපත්‍රලාභී ඉඩම් පිළිබඳ නීති හා ව්‍යවහාරයන් අනුව මහවැලි ඉඩම් හා සමාන වේ. රක්ෂණ සමාගම් ඇතුළු පුද්ගලික අංශය ද මෙවැනි පූර්ණ අයිතිය නැති ඉඩම්වල ඉදිකිරීම් සඳහා වන්දි ගෙවනු ලබයි. රාජ්‍ය චක්‍රලේඛන, රෙගුලාසි අනුව දීමනාවක්, සහනාධාරයක්, වන්දියක් හෝ වෙනත් ගෙවීමක් සිදු කරයි. මේ සියළු ගෙවීම් සඳහා කුමන හෝ පියවරක දී සම්බන්ධ වන ග්‍රාම නිලධාරි, ජනපද නිලධාරි, කේෂ්ත්‍ර නිලධාරි, තක්සේරුකරුවන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පලාත් ආයතන නිලධාරීන් ද සටහන් තබයි. අත්සන් යොදයි. රාජ්‍ය සේවකයින්ට ඇති අවදානම එයයි.
අධිකරණ අමාත්‍යාංශය මේ රටේ යුක්තිය පසිඳලිමේ ක්‍රියාවලියේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන ආයතනයයි. අතිරේක ලේකම් සේපාලිකා නොදන්නා අයෙකු අධිකරණ සේවා කොමිසම, නීතිපති කාර්යාලය, ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය සහ එයට සම්බන්ධ ආයතනයක නැති තරම්ය. ලේකම්ට පසුව බලවත්ම තනතුර අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධූරයයි. නීතිඥයෙකු ද වන සේපාලිකා සිය වෘත්තීය ජීවිතයේ වැඩිම කලක් ගෙවා ඇත්තේ මේ හා සම්බන්ධ පුද්ගලියන් සමඟය. අධිකරණ සේවයේ කටයුතුවලය. එවන් තැනක සිටින සේපාලිකා අත්අඩංගුවට පත් වන්නේ නම්, මහවැලි ඉඩමකට, බලපත්‍ර ඉඩමකට, හවුලේ ජීවත්වන ඉඩමකට, හිමිකම වෙනස් කිරීමට ලේඛන කටයුතු සිදු කරමින් සිටින අතර සිදුවන කාර්යයකදී, මැදිහත්වන නිලධාරියෙකුට සිදු විය හැකි අතුරු ආන්තරාව සිතා ගැනීමට පවා අපහසුය.
වාසනාවකට අධිකරණය මගින් ඇප ලබාදීම නිසා, ඇය වැඩතහනමකින් බේරුණි. සරළවම -- දුෂණය නැමති වරදට අත්අඩංගුවට පත්වීමට පොදු 35 ට අත්සන් කිරීමවත් අවශ්‍ය නැත! නීතිය හා ව්‍යාහාරය අතර පවතින පරතරය පියවීම වහා මැදිහත්වීම ආණ්ඩුවේ ත්, ඉහළම රාජ්‍ය නිලධාරීන්ගේත් වගකීමකි. ගෞරවණීය අඛණ්ඩ රාජ්‍ය සේවයකට එය අත්‍යවශ්‍ය කොන්දේසියකි.

Lanka Newsweek © 2025