ජපානයේ පාලක පක්ෂය වන ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ නව නායකත්වයට හිටපු ඇමැතිවරියක වන 64 හැවිරිදි සනේයි ටකඉචි පත්වූ බවත්, ඇය මේ මස මැද භාගයේදි එරට පළමු අගමැති ධුරයට පත් වනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ මස 15 වැනිදා අගමැති ෂිගේරු ඉෂිබා ධුරයෙන් ඉවත් වීමෙන් පසු පාර්ලිමේන්තු ඡන්ද විමසීමකින් නව අගමැති පත්වීමට නියමිත බව ද වාර්තා වන ඇත දක්ෂිණාංශික දේශපාලනඥවරියක වන සනේයි ටකඉචි මීට පෙර ෂින්සෝ අබේ සහ ෆුමියෝ කිෂිඩාගේ පාලන කාලයේදී ඇමැති ධුර රැසක කටයුතු කරමින් එරට පාර්ලිමේන්තුවේ පාලක පක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසකගේ විශ්වාසය දිනා සිටින්නීය.
ජපානයට නව අගමැතිවරයකු තෝරා පත් කර ගැනීමට සිදුවී ඇත්තේ වත්මන් අගමැති ධුරයෙන් ඉවත් වන බව පසුගියදා නිවේදනය කිරීම හේතුවෙනි. මේ අතර සනේයි ටකඉචි සමඟ එම පක්ෂයේ තවත් ජනප්‍රිය දේශපාලනඥයකු වන ෂින්ජිරෝ කොයිසුමි අතර ලිබරල් ඩිමොක්රටික් පක්ෂයේ නායකත්වය සඳහා පසුගියදා පැවති ඡන්ද විමසීමේදී ඡන්ද 185- 156ක් ලෙස ජය ගැනීමට ඇය සමත්වූ බව ද වාර්තා වේ.
Lanka Newsweek © 2025