Sunday 9th of November 2025

English Tamil
Advertiesment


රුසියානු ජනපති දෙසැම්බර් මස ඉන්දියාවේ සංචාරයක


2025-10-03 1255

 


රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එළැඹෙන දෙසැම්බර් මාසයේ දී ඉන්දියාවේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ පැවැත්වෙන විශේෂ සමුළුක් සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙලෙස ඉන්දියාවේ සංචාරයක යෙදෙන  අතර, බොහෝ දුරට එම සංචාරය දෙසැම්බර් 5-6 දිනවල සිදු කරනු ඇති බව සඳහන් වේ.

2025 අගෝස්තු මාසයේ දී ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩෝවාල් සිදු කළ රුසියානු නිල සංචාරයේ දී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දියාවේ සංචාරයකට එක් වන බව සඳහන් වුවද, කාල සීමාව පිළිබඳ නිල සඳහනක් නොතිබුණි.

කෙසේ නමුත් මීට පෙර චීනයේ පැවති ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ  රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යන මහවරු හමු වූහ.  එහිදී නායකයින් දෙදෙනා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ ලිමොසින් රථයේ ගමන් කර ඇති අතර, පැයක පමණ කාලයක් සංවාදයක ද නිරතව තිබේ.

කෙසේ නමුත් ඉන්දියාව රුසියාවේ තෙල් මිලදී ගැනීමට විරෝධය පළ කරමින් අමෙරිකාව විසින් මේ වන විට ඉන්දියාවට දඬුවම් තීරු බද්දක් පනවා තිබේ. එවන් පසුබිමක දී රුසියානු ජනපතිගේ මෙම සංචාරය ඉන්දු-ඇමරිකානු ද්විපාශ්වික සබඳතාවලට තව දුරටත් බලපෑමට ලක්වීමට ඉඩ තිබෙනු ඇතැයි ද සඳහන් වේ.


 

Advertiesment