Thursday 30th of April 2026

English Tamil
Advertiesment


රනිල් කාල්ටන් නිවසේදී මහින්ද හමුවෙයි


2025-09-30 14888


Viii වැනි විධායක  ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්වරුන් අතර හමුවක් තංගල්ල කාල්ටන් නිවසේදී ඉරිදා (28) පෙරවරුවේ පැවැත්විණි. ඉහත හමුව සිදුවූයේ රනිල් වික්‍රමසිංහ මහතා කතරගම සිට කොළඹ බලා පැමිණෙන අතරවාරයේදීය.

තමන් සිරගත කළ අවස්ථාවේ කළ කාර්යභාරය සම්බන්ධයෙන් ඉහත හමුවේදී රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාට  ස්තුතිය පළ කළ බව වාර්තා වේ. කාල්ටන් නිවසට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ සැප සනීප සම්බන්ධයෙන් විමසා බැලීමටද පියවර ගෙන ඇත.

මේ සම්බන්දයෙන් සිය නිල Face Book ගිණුමේ සටහනක් තබමින් V වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පුද කර තිබුණි. එම සටහන පහත දැක්වේ.

"හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මා අතර හමුවක් ඊයේ (28) දින තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්විණි. එහිදී අපි දෙදෙනා ඉතා සුහද පිළිසඳරක යෙදුණෙමු. දේශපාලනමය වශයෙන් වෙනත් මතයන් දරද්දීත්, ජාතික වගකීම් ඉටුකරමින් අන්‍යෝන්‍ය ගෞරවය පවත්වා ගත හැකි වූ දේශපාලනය සංස්කෘතියක අප දෙදෙනාම සමකාලීනයන්ය. හිතවත් රනිල් වික්‍රමසිංහ මහතාගේ පැමිණීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙමි. මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියවද ගෞරවයෙන් සිහිපත් කරමි."

Advertiesment