මේ දවස්වල රටේ ඇතිවෙලා තියන දේශපාලන වර්ධනයන් එක්ක අත්‍යවශ්‍ය මාතෘකා කීපයක් මඟහැරිලා තියනවා.මේ දවස්වල නැගලා යන දේශපාලන මාතෘකා බවට පත්වෙලා තියෙන්නේ මිද්දෙණියේ අයිෂ් කන්ටේනර් දෙක සහ මහින්ද ඇතුළු හිටපු ජනාධිපතිවරුන් කීපදෙනෙකු නිල නිවෙස්වලින් පන්නලා වරප්‍රසාද අහිමිකිරීම වගේ මාතෘකා.
ඇත්තටම රටේ ආර්ථිකය වගේ අත්‍යවශ්‍ය මාතෘකා සම්බන්ධ තියෙන්නේ අඩු අවධානයක්.දැන් අපි ඉන්නේ මේ අවුරුද්දේ අවසන් මාස හතර ඇතුලේ.මේ අවුරුද්ද වෙනුවෙන් සක්ෂාත් කරගන්න ඕනි ආර්ථිකය ඉළක්ක ගැන සංවාදයක් තවමත් නෑ.ආණ්ඩුව ඒ සංවාදය හිතාමතා වහනවාද කියලත් එක වෙලාවකට සැක හිතෙනවා.ගොඩක් දෙනෙක් රට යන මේ ආර්ථික ගමන ගැන දැනුවත් නෑ.
ඒ ගැන ලොකු උනන්දුවකුත් නෑ.ආණ්ඩුව තමන්ගේ සාමාජිකයන්ට මේ දවස්වල පලිගැනීමේ පාඨමාලාවක් හදාරන්න දීලා තියෙන්නේ.ඒ වෙනුවෙන් බොරු මයාවකින් රටේ ආර්ථික වහලා දාලා තියනවා.පොලොන්නරුවේ ටී.බී සරත්ට අනුව රටේ ආර්ථික වර්ධන වේගය 8.3%යි.ඩඩ්ලිට අනුවත් රට දැන් නියම ට්‍රැක් එකේ දුවනවා.සිරසට අනුවත් රට සංවර්ධනය වෙලා. ලෝකයෙන් පැසසුම් ගලාගෙන එනවා.
හැබැයි ඇත්ත ඒක නෙවෙයි.මේ අවුරුද්ද සදහා වෙන්කරපු ප්‍රාග්ධන වියදම්වලින් 30%කට වැඩිය වියදම් කරලා නෑ.ඒවා අවිච්ජේද විදිහට ආයෙත් මහා භාණ්ඩාගාරයට එන්න නියමිතයි. වැඩිම උනොත් ප්‍රාග්ධන වියදම්වලින් 40%:ක් ආර්ථිකයට එකතුවෙයි.ඒ කියන්නේ ආණ්ඩුව වියදම් කරලා නෑ.ඒක නිසා මිනිස්සු අතේ සල්ලි නෑ.ඒ කියන්නේ රට සංවර්ධනය වෙන්නේ නෑ, ආර්ථිකය ප්‍රසාරණය වෙන්නේ නෑ.මේක හරියට ගෙදර තියන සල්ලි ටික කන්න බොන්න විතරක් වියදම් කරනවා වගේ වැඩක්.
ආදයමක් එන වැඩකට වියදම් කරන්නේ නෑ.ඒ වගේම ඔයාලා දන්නවා අපි ඉන්නේ IMF එකත් එක්ක යන විස්තීර්ණ ණය වැඩසටහනක.ඒක අවුරුදු හතරක වැඩසටහනක්.2028 වෙනකොට අපි ඉළක්ක සම්පුර්ණ කරලා ණය ගෙවීම ආරම්භ කරන්න ඕනි.ඒ වෙනුවෙන් අවුරද්දෙන් අවුරුද්ද ඉලක්ක තියනවා. 2023/2024 අවුරුදුවල ඉලක්ක අපි ජයග්‍රහණය කළා.හැබයි 2025 ඉළක්කයට අපිට කිට්ටු වෙන්නවත් බෑ.
ඒක කියන්නේ රටේ රාළ නෙවෙයි.අනුරගේ මුදල් අමාත්‍යාංශයෙන්. මුදල් අමාත්‍යාංශ කියන්නේ මේ අවුරද්දේ සංවර්ධන ඉලක්කයට එන්න බෑ කියලා.රනිල් අත්පත් කරලා දුන්න 5% ආර්ථිකය සංවර්ධන වේගය 3.1%කට කඩා වට්ටලා තියෙද්දී තමයි අනුර කියන්නේ හැම රුපියලක් පළදායි විදිහට යොදවනවා කියලා.ඒ යෙදවීමේ ප්‍රතිඵල තමයි මේ තියෙන්නේ.ඇත්තටම අනුර තවත් ලැජ්ඡා නැතිව කයිවාරු ගහනවා.
දැන් මුදල් අමාත්‍යාංශ බරපතල අරාජික තැනකට පත්වෙලා. මෙහෙම වෙන්නේ 2026 අයවැය කට මුල තියාගෙන.ඒ ගැන සංවාදයක් රටට ඕනි.පහුගිය පාර්ලිමේන්තු සතියේ ඒ සංවාදය උඩට ගන්න එජාප මන්ත්‍රී රවී කරුණානායකගේ පැත්තෙන් උත්සහයක් දරනවා දැක්කා.එතනදී රවී අපේ ආර්ථිකය ඇස්බැන්දුමකින් වහලා තියන හැටි පෙන්නුවා.ඇත්තටම මේ මායාවෙන් මිදුනේ නැත්තං අපි ආයෙත් අමාරුවේ වැටෙනවා.
විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) යටතේ 2025 දෙසැම්බර් වන විට ශ්‍රී ලංකාවේ විදේශ සංචිතය අමෙරිකානු ඩොලර් බිලියන 7.2ක් දක්වා ඉහළ නංවන්න අවශ්‍යයි.හැබැයි ගිය අගෝස්තු මාසය අවසාන් වෙනකොට නිල සංචිත අමෙරිකානු ඩොලර් බිලියන 6.1ක මට්ටමේ තමයි තිබුණේ.ඒ කියන්නේ ඉදිරි මාස තුන හමාර ඇතුළත සංචිතය 7.2ට ගේන්න ඕනි.ඒක කරන්න තව අමතර අමෙරිකානු ඩොලර් බිලියන 1.1ක් හොයාගන්න ඕනි.
මේක කීයටවත් කරන්න බෑ.එතකොට මෙතනදී රවී මතු කරන වැදගත් තර්ක කීපයක් තියනවා.එකක් මේ සංචිත ගොඩනගන්නේ කොහොමද කියන එකයි.ඒවා ගොඩනැගීමේදී අපනයන ආදායම,සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම, විදේශ ප්‍රේෂණ සහ විදේශ සෘජු ආයෝජන වගේ සැබෑ ආදායම් මාර්ගවලින්ද එහෙමත් නැත්තං “සංචිත මායාවක්” (reserve illusion) මවලද පෙන්නන්න හදන්නේ කියන ප්‍රශ්නය රවී අහනවා.
ඒ කියන්නේ කෙටි කාලීන ණය අරගෙන සංචිතය පෙන්නනවා.ඒ වගේ වැඩවලින් නං වෙන්නේ ඉලක්කයේ ශක්‍යතාව සහ තිරසාරභාවය පිළිබඳ බරපතල අභියෝගකට ලක්වීම විතරයි. එහෙම තාවකාලික මූල්‍ය ශිල්ප ක්‍රම භාවිතා කරලා ගන්න ස්වයංවින්දනයෙන් වෙන අනතුර ගැනත් රවී පෙන්වලා දෙනවා.ඒ හේතුවෙන් පොලී අනුපාත ඉහළ යන්න පුළුවන්,කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ණය සීමාවන් පැනවෙන්න පුළුවන්.
දැනටමත් ඉහළ ජීවන වියදමෙන් පීඩා විඳින පවුල්වල බර තවත් වැඩිවෙනවා.ඒ හරහා මෙරට පවුල් ඒකක සහ කුඩා ව්‍යාපාර සඳහා විශාල පිරිවැයක් දැරීමට සිද්ධවෙනවා.සංචිත ආරක්ෂා කරගැනීම සහ වැඩිකර කරගැනීම අත්‍යවශ්‍යයි.ඕනි නං ඒක ආනයන සීමා දැමීම වගේ දැඩ් මුදල් ප්‍රතිපත්තියක් භාවිතා කරමින් කරන්නත් පුළුවන්.
එතතකොට ඒක රටේ හංවර්ධනයට හා පාරිභෝගික සුබසාධනයට කරන්නේ ලොකු හානියක්.ඊළගට ඩොලර් බිලියන 7.2 ඉලක්කයට සංචිතය ගේන්න බැරිවුනොත් 2028 දක්වා යන අපේ සැලැස්ම සම්පුර්ණයෙන්ම බිඳ වැටෙනවා.ඒ තුලින් තවත් අතුරු විපාක රාශියක් සහ ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොලේ ශ්‍රී ලංකාව සම්බන්ධ විශ්වසනීයත්වය බරපතල විදිහට බිඳවැටෙන්න පුළුවන්.ඇත්තටම මේ අවධානම රට ඉස්සරහා තියනවා.
රවී ව්‍යාපාරිකයෙක් නිසා මේ අවධානම වැඩිපුර දැනෙනවා කියලා කාටහරි තර්ක කරන්න පුළුවන්.එහෙම වෙන්නත් පුළවන්.හැබැයි රටේ රාළ නං ඒ තත්වය දකින්නේ ඊට වෙනස් විදිහට.එකක් රවී මුදල් ඇමැතිවරයෙක් විදිහට මේ අද්දැකීමට මුහුණ දිලා තියනවා. රවී IMF එකත් එක්ට වැඩ කරලා තියනවා.ඒ අද්දැකීම ඇතුලේ රවී සාර්ථකවෙලා තියනවා.අනික රවී කියන්නේ එක රාමුවකට කොටු වෙන්නේ නැතිව out of the box හිතන කෙනෙක්.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල,මහ බැංකුව වගේ ආයතනවල ආධිපත්‍යයට යට වෙන්නේ නැතිව ඒවත් එක්ක යන මාවතක් රවී කියනවා.රවී එක්ක දේශපාලන මත ගැටුම් ඔයාලට වගේම අපටත් තියනවා.හැබැයි ආර්ථික සම්බන්ධව මේ අර්බුදය ඇතුලේ දැනට නිරවුල් පාරක් කියන්නේ රවී විතරයි.රවී ප්‍රශ්නය කියලා උත්තරයත් කියනවා.ඒක නිසා මේ රටේ ආර්ථික ක්ෂේත්‍රයට රවීගෙන් ගන්න වැඩක් තියනවා.
ඒක අනුරට තේරෙනවද නැද්ද කියලා කියන්න අපි දන්නේ නෑ. අනුර සහ රවී කියන්නෙත් ඉස්සර අනුර සහ රනිල් වගේම හොඳ යාළුවෝ දෙන්නෙක් කියලත් ආරංචියි.
Lanka Newsweek © 2025