රනිල්ගේ ඊළඟ පියවර මොකද කියන එක සම්බන්ධව කාගෙත් අවධානය හැදිලා තියනවා. සැප්තැම්බර් 06 වෙනිදා රනිල් කියන්න යන්නේ මොකක්ද කියන උභතෝකෝටිකය දැන් කා තුලත් තියනවා.රනිල්ට එල්ලවුන චෝදනාවලට අදාලව තිබුණ ගොඩක් ප්‍රශ්නයක් දැන් බොහෝ දුරට නිරවුල්වෙලා තියනවා.
රනිල්ට බ්‍රිතාන්‍යයේ WOLVERHAMPTON විශ්ව විද්‍යාලයෙන් එවපු ආරාධනා පත්‍ර සහ ලිපිය සත්‍ය පිටපත් බව ඒ විශ්ව විද්‍යාලයෙන් සහතික කරලා තියනවා.ඒ ආරාධනාව රනිල්ට ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා විදිහටයි.ඒ ලිපි හුවමාරුවෙලා තියෙන්නේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාල සහ ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යාංශය හරහායි.මේ සත්‍යය තහවුරුවීමත් එක්ක රනිල් කරන ප්‍රකාශයේ බර තවත් වැඩිවෙනවා.
දැනටත් පැලවත්තට සහ ජනාධිපති ලේකම් කාර්යාලයට රනිල් කරන්න යන ප්‍රකාශයේ රශ්නය දැනිලා තියනවා.රනිල්ට එරෙහිව එල්ලවෙලා තියන චෝදනාව සමාජ සාධාරණය ඉස්සරහා කොච්චර උස්සන්න පුළුවන්ද කියන තැනට පැලවත්ත දැන් මාරුවෙන්න උත්සහ දරමින් ඉන්නවා.ප්‍රශ්නය තියෙන්නේ ඒ කියන සමාජ සාධාරණත්වය අනුරගේ පැත්තෙන් කොයිතරම් දුරට ඉෂ්ඨ වෙනවාද කියන එකයි.
තොරතුරු දැන ගැනිමේ පනත යටතේ ඉල්ලපු අනුරගේ මාධ්‍ය ඒකකයේ තොරතුරු දෙන්නේ නැති, අනුර මේ දක්වා ගිය දේශීය සංචාරවලවත් තොරතුරු දෙන්නේ නැති අනුර ඒ සමාජ සාධාරණය ඉෂ්ඨ කරයි කියලා දෙන්න තියන සහතිකය මොකද්ද?ඒ තොරතුරු නොදීමෙන් අනුර තමන්ගේ පෞද්ගලික ජීවිතය ඇතුලෙත් වංචා කරන කෙනක් කියලා කාටහරි තර්ක කරන්න පුළුවන්.අනුරත් අර සුදා කියන ජාතියේ අලි මොකකින්ද ආපු කෙනෙක් නෙවෙයිනේ.එයත් මේ රටේ නීතියට යටත් පුද්ගලයෙක්.
අනුර කියන්නේ අපේ බදු මුදලෙන් නඩත්තු වෙන කෙනෙක්.ඒකට සරිලන සේවාවක් අනුර කරනවාද කියන ප්‍රශ්නය අහන්න මේ රටේ ජනතාවට අයිතියක් තියනවා.රනිල් කරන්න හදන ප්‍රකාශය ගැන පැලවත්ත සහ මාලිමාව මේ තරම් කළබලවෙලා තියෙන්නේ ඇයි කියලා රටේ රාළ හොයලා බැලුවා.මොකද ඉතින් ජවිපෙ ඉන්නේ කාටවත් බය නැති පොරවල් කියලනේ කියන්නේ.
ඒක නිසා එයාලා මෙච්චරට කළබලවෙලා තියෙන්නේ මොකද කියලා හොයලා බැලුවට කමක් නෑ.රනිල්ට එල්ල කරපු මේ චෝදනාවත් එක්ක රාජ්‍ය දේපල,පොදු දේපල සම්බන්ධව බරපතල සංවාදයක් ඇතිවෙලා තියනවා.පොදු දේපල යොදා ගන්නේ කොහොමද කියන ඒක සම්බන්ධව සංවාදයක් නිර්මාණය වෙලා තියනවා.නිල කාර්යන්ට පොදු දේපල යොදා ගැනීම සම්බන්ධව විරෝධයක් අපේ සමාජයේ නෑ.හැබැයි නිල කටයුතුවලට පොදු දේපල යොදා ගනිද්දී ඒක අරපිරිමැස්මෙන් කරන්න ඕනි කියන සාකච්ඡාව සමාජයේ තියනවා.
ඒ වගේම පෞද්ගලික කටයුතු සහ දේශපාලන කටයුතුවලට පොදු දේපල යොදාගැනීම ගැන බරපතල විවේචනයක් සමාජය ඇතුලේ තියනවා. ජවිපෙන්ම ඒකට උදාහරණයක් ගත්තොත් තමන්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විදිහට පරිහරණය කරන්න දුන්න වාහනයෙන් හරක්ට තණකොළ ඇදපු පාර්ලිමේන්තු මන්ත්‍රීලා ඉන්නේ ජවිපෙ.ඒ වගේම මේ වෙනකොට මාලිමාවේ පලාත් පාලන සභාපතිලා පලාත් පාලන ආයතනවල වාහන ඇතුළු පොදු දේපල බරපතල අවභාවිතාවකට ලක් කරමින් ඉන්නවා.
සියලු දෙනා එහෙම නැතත් මාලිමාවේ බහුතරය එහෙමයි.මේ ප්‍රශ්නයේදී අනුරගේ සහ මාලිමාවේ ඉහල පෙලේ නායකයන්ගේ පොදු දේපල භාවිතාව ප්‍රශ්න කරනවා.සමහරු අනුර පෞද්ගලික ගමන් යද්දී ආරක්ෂාව ගෙවලා ගන්න ඕනි වගේ කතාත් කියලා තිබුණා.නිල උනත්,පෞද්ගලික උනත්, දේශපාලන කටයුත්තක් උනත් රටේ නායකයාට ආරක්ෂාව දීම අනිවාර්යයි.රටේ නායකයාගේ ආරක්ෂාව ගැනෙන්නේ ජාතික ආරක්ෂාව යටතට. ඒ සම්බන්ධව විවාදයක් රටේ රාළට නෑ.
හැබැයි කොහොම උනත් අනුරලා විසින් රනිල්ගෙන් පලිගන්න ඕනි නිසා සහ රනිල්ට තියෙන බය නිසා ජනාධිපතිවරයාගේ නිල සහ පෞද්ගලික කටයුතු කියන බේදීම හදලා තියනවා.එහෙම නං රටේ රාළ කියන්නේ දේශපාලන කටයුතු කියන එකත් ඒකට ඇතුලත් වෙන්න ඕනි.අපේ රටේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගේ බලය සහ වගකීම් නිශ්චිත කරලා තියනවා.හැබැයි අපේ ව්‍යවස්ථාවට ඇමරිකාවේ ව්‍යවස්ථාවේ වගේ ජනාධිපතිගේ නිල කටයුතු,පෞද්ගලික කටයුතු සහ දේශපාලන කටයුතු කියන ඒවා සීමා මායිම් සහිතව විස්තර කරලා නෑ.
ඒවාට කරන්න පුළුවන් වියදම් සීමා ගැන පෙන්නලා දීලා නෑ.ජනාධිපති වැය ශීර්ෂයක් තියනවා.ඒ වැය ශිර්ෂයට යටත්ව ජනාධිපතිගේ වියදම් කරන්න පුළුවන්.ඇත්තටම ඒ සම්බන්ධව සීමා හැදෙන්න ඕනි.පොදු අරමුදල්වලින් නිල, පෞද්ගලික සහ දේශපාලන කටයුතුවලට කරන වියදම් වෙන් වෙන්නේ කොහොමද කියන නිර්දේශයක් ව්‍යවස්ථාවට එන්න ඕනි.දැන් තියන තත්වය යටතේ ජනාධිපතිවරයා කරන වියදම් අරපිරිමැස්මෙන් කරනවාද කියන සදාචාරය බැදිම විතරයි එයා දරන්නේ.
ඒ සදාචාරය බැදීම සම්බන්ධව කතා කරද්දී රනිල් සහ අනුර සන්සන්දනය කලොත් අනුර තමයි ඒ සදාචාරය බරපතල විදිහට උල්ලංඝණය කරලා තියෙන්නේ.පලවෙනි එක තමයි අනුර තවමත් ජනාධිපතිවරයාගේ පෞරුෂය සම්බන්ධව තේරුම් අරන් නෑ.අනුර හිතන්නේ එයගේ තියන ලෙවෙල් එකේ පෞරුෂයක් ජනාධිපතිවරයෙකුට තිබුනොත් ඇති කියලා වෙන්න ඕනි. උදාහරණයක් ගත්තොත් අනුර හිතන්නේ ජනාධිපති මන්දිරයේ ඉන්නේ නැතිව කාගේ හරි ගෙදරක නැත්තං විලා එකක නිදියන එක තමයි ජනාධිපතිගේ පෞරුෂය කියලා.
ඒ වගේම අනුර හිතනවා ඇත්තේ රාජ්‍ය නායකයෙක් පිටරටකට ගියහම කොහේ හරි තෝෂේ කඩේකින් කාලා,කාගේ හරි ගෙදරක හිටලා,සම්මාදම් කරලා ගුවන් ටිකට් එකට සල්ලිත් හොයාගෙන, මෙහෙන් වියදම් කරන්න දීපු ගාන ආපහූ ගෙනත් දෙන එක තමයි ජනාධිපතිගේ පෞරුෂය කියලා.අනුර දැන ගන්න ඕනි මේ වැඩවසම් යුගය නෙවෙයි කියලා.අපි ඉන්නේ කාර්මික ධනවාදයටත් එහා තියන තාක්ෂනික ධනවාදයටත් පියවර තියමින්.ඒක නිසා අනුර දැන්වත් ඔය ග්‍රාම්‍ය ගතියෙන් ඈත් වෙන්න ඕනි.
නැත්තං ලෝකය ඉස්සරහා රටක් විදිහට අපි හෑල්ලු වෙනවා. ඇත්තටම රාජ්‍ය නායකයෙක්ගේ වියදම බලන්න ඕනි එයා ඒ වියදම කරලා රටට ගේන ප්‍රතිලාභවලට සාපේක්ෂවයි.එහෙම නැතිව ජනතා මුදල්වලින් පැලෙන්න කාලා ගහන කයිවාරුවලට සාපේක්ෂව නෙවෙයි.ඇත්තටම අනුරට පෞරුෂ වර්ධනය ගැන ටියුෂන් දෙන්න ඕනි.
Lanka Newsweek © 2026