Monday 25th of May 2026

English Tamil
Advertiesment


සීනි බදු වංචාවට එහා ගිය අල ලූණු බදු වංචාව මෙන්න..! 


2025-09-03 14874

 

කන්ටේනර් 700ක් ලංකාවට ගෙනාවට පසු වසන්ත ගහපු බද්ද..!

 

වසන්තට දිගින් දිගටම දූෂණ චෝදනා - ජනපතිගේ සැමට ඉහලින් නීතිය සංකල්පය විපක්ෂයට විතරද..?

 

කෝටි 100ක ගජමිතුරු වසන්තය උදාවුණේ කාටද..?  වසරක් යද්දි මෙහෙමනම් හිතන්නකෝ පුනරුදයේ තරම 

 

(අචින්ත මධුර)

 

රටේ ආර්ථිකය දැවැන්ත ලෙස හැකිලීමකට ලක්ව, ජීවන වියදම අහස උසට ගොස් ඇති මොහොතක පවා ආණ්ඩුව තම ගජමිතුරු ව්‍යාපාරික පැලැන්තියට තුටු පඬුරු ලබා දෙමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙයි. අද (03) කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව ප්‍රකාශ කලේය.

ආණ්ඩුව ලූණු සහ අල සදහා ආනයන තීරු බදු ඉහළ නැංවූයේ කන්ටේනර් 700ක් පමණ ලංකාවට ගෙන්වීමෙන් පසුව බව දයාසිරි ජයසේකර මහතා පැවසීය.

මේ හරහා කෝටි 100ක් පමණ ගජමිතුරු ව්‍යාපාරිකයන්ට උපයා ගැනීමට ආණ්ඩුව ඉඩකඩ සපයා ඇති බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා ඒ හරහා වසන්තය උදාවූයේ කාටද යන්න පිළිබදව සොයා බැලිය යුතු බවද කියා සිටියේය.

Advertiesment