Tuesday 21st of April 2026

English Tamil
Advertiesment


දගගෙයි දඬුවම් සියුමැලි වැඩි නම් අලුගෝසුවනේ එල්ලාපන්.. පඩික්කම් කටාගේ ඉරණම..?


2025-09-01 14880

 

සෞඛ්‍ය ඇමතිකමෙන් හොදම හොරාවීම රාජිත අතහැරීම..?

 

සෞඛ්‍ය හරහා දෙකෝටියකට ජීවය දුන් රාජිත හොරා..?

 

පඩික්කමා නැව් හිමියෙකු වූ අයුරු..?

 

බලපත්‍ර ඉඩම් කට්ටි ලක්ෂ 17 ක් ජනතාවට පැවරූ හොර රාජිත..!

 

තැලසීමියා හා බිහිරි දරුවන් ලක්ෂ ගණනකට ජීවය දුන් හැටි..?

 

හෘද ස්ටෙන්ත් හා අක්ෂි කාච නොමිලේ දී පිළිකා රෝගීන් ගේ මරණය ද කල් දැමීම..?

 

 

 

(අශෝක ජයතුංග)

 

වෛද්‍ය රාජිත යනු පඩික්කම් කටෙකු බව සමහරු කියති.ඔහු මගේ මිතුරෙකු නොවෙි. එහෙත් ලංකාදීපයේ මා සේවය කරන අතරේ සම්මුඛ සාකච්ඡා සදහා ඔහු කිහිප විටක් හමුවී රාජකාරි මට්ටමේ සබදතා පවත්වා තිබේ.

රාජිත හොද කතාකාරයෙකි. විනෝදයට බර පරණ දේශපාලන කතා හා මෙන්ම ගැඔුරු විග්‍රහ ද ඔහු කල කී දේවල පුරාජේරු ද එමටය. මගේ මතකයේ තිබෙන ඉන් කිහිපයක් සටහන් තැබීම හොද බව හැගෙන නිසා සති දෙකකින් මිනිසුන් කල සේවය අමතක කරන ලාංකිකයන්ට ඒවා මතක් කරදීම වටිනවා යයි සිතේ.

රාජිත කල මුල් ඇමතිකම ඉඩම්ය.  ඒ 2001 ය. එහිදී බලපත්‍රලාභීන්ට ඉඩම් කට්ටි ලක්ෂ 17ක් පවරා දෙන්නට ඔහු කල මෙහෙය අද ඒවා භුක්ති විදින අයටත් මතකදැයි නොදනිමි.

ධීවර  ඇමතිකම හරහා සාමාන්‍ය ධීවරයන්ට ඔහු කල මෙහෙය අපමනය.රාජිත නැව් ගත්තා කියන්නේ ධීවර බෝට්ටු 2 – 3 ක් එම ව්‍යාපාරයේ යෙදවීම නිසා බව මා අසා තිබේ.

රාජිත රටටම දැනෙන වැඩක් කළේ සෞඛ්‍ය ඇමතිකම හරහා නිසා ලංකාවේ හොදම සෞඛ්‍ය ඇමති ඔහු බව විරුද්ධවාදීන් පවා පිළිගන්නා සත්‍යයකි.

වසර කිහිපයකින් පිළිකා රෝගීන්ට දෙන ඖෂධ නවතා ඔවුන්ට දුකසේ මියයන්නට තිබූ පසුබිමට තිත තබා මියෙනතුරු ඖෂධ දීම ඇරඔුවේ රාජිතය.තැලසීමියා දරුවන්ට  ඉන්දියාවේ දී රු මිලියන ගණන් වැයකොට කල යුතු ප්‍රතිකාර ලංකාවේ පටන් ගත්තා පමණක් නොව එතෙක් ජර්මනියෙන් ගෙනා කෝටි ගණන් වන රුධිර පාරවිලයන යන්ත්‍ර නාවික හමුදාව සමග එක්ව ලංකාවේ නිපදවා එම දරුවන්ට ජීවය දීමට ද රාජිත වැඩ කළේය.රටපුරා ජංගම රථ හරහා එවැනි දරුවන් හදුනා ගැනීම කළේ ද රාජිත ගේ අදහසක් මතය. තැලසීමියා පමණක් නොව කරණශංකය බද්ධකොට දරුවන් දහස් ගණනකට ජීවය දීමද ඒ හරහා ලක්ෂ ගණනක් රටේ දරුවන් නිරෝගී කිරීම රාජිතලා ගේ වැඩය.

රු ලක්ෂ 3 – 4 වැය කල යුතු හෘද රෝගී ස්ටෙන්ත් හා රු 30,000 ක් වන අක්ෂි කාච දස ලක්ෂ ගණනක් නොමිලේ දුන්නේ රාජිත ය.ඖෂධ වර්ග 77 ක මිල බාගෙට බස්සවා ඖෂධ මාෆියාව සමග ගැටුණේ, දුම්බීමෙන් මියයන පිළිකා හැදෙන රූප සිගරැට් පෙට්ටි වල ඇතුලත් කළේ ද රාජිත දැවැන්ත අභියෝග මැදය.පැණි බීම වල අධික සීනි පෙන්වන රතු ලේබල් යොදා ජනතාව දියවැඩියාවෙන් බේරාගන්න ද ඔහු කල මෙහෙය අසාමාන්‍යය. රාජිත මේවා කළේ රටේ මුදල් තිබිලා නොවේ. ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානය සමග හැපිලා ලබාගත් රු බිලි 850 කට ආසන්න මුදලින් එකී බොහෝ දේ කල හැටි මට මතකය.රාජිත හොරෙකු නම් සෞඛ්‍ය ඇමතිකම හරහා  ලොකුම හොරා වීමේ හැකියාව තිබිණ. අද එල්ලවී ඇත්තේ වෙනත් සිල්ලර චෝදනාවකි. ඊට අදාළව අධිකරණය යුක්තිය ඉටු කරනු ඇත. එහෙත් රටට නිර්මාණාත්මකව යමක් කලවුන් ට හොර ලේබල අලවා හිරේ දැමීම රටට වැඩක් කරගන්නට බැරිව ලතැවෙන පිරිසකගේ දේශපාලන පළිගැනීමක් බව කියන අය ද එමටය.

Advertiesment