රජිනිකාන්ත් ප්‍රධාන රංගනයෙන් දායක වෙන coolie චිත්‍රපටය නිකුත් වීමටත් පෙරම විශාල රෙකෝඩ්ස් කීපයක් බිද දමා තිබෙනවා..
1975 අගෝස්තු මස රජිනිගේ පළමු චිත්‍රපටය නිකුත් වෙනවා..ඉන් වසර 50ක් නික්ම යනවාත් එක්ක මේ වයස 75 මනුස්සයා මතින් ගොඩයන්න මුලු කොලිවුඩය බලන් ඉන්නවා කියන්නේ මාරයි..
තමන්ගේ සමකාලීන දැවැන්ත රංගධරයෙක් වෙන අමිතාබ් බච්චන්ලා ශාරුක්ලාගේ නැගීසිටීමත් සමගම පියාගේ චරිත,සීයාගේ චරිත රගදක්වමින් තමාගේ කාලය අවසන් වෙමින් යන බව 2000 වසරෙ මුල් භාගයේම අපිට හැගෙව්වා..ප්‍රේක්ශ්කයාත් එය පිලිගත්තා..
ඒත් රජිනිකාන්තට එසේ උනේ නෑ.රජිනි කොච්චර වයසට ගියත් දක්ශ තරු ගුණ සහිත නලුවන් කොලිවුඩයෙන් කොපමණ බිහි උනත් රජිනිගේ තැන ලබාගැනීමට හැකි වූයේ වත් රජිනිට ඇති රසික ආදරය අඩු වූවෙත් නෑ..
ඇතැම් නලුවන්ගෙ කැරියර් පීක් එකේ යද්දිත් දැන් රජිනිගේ කාලය ඉවරයි කියා විව්ධ හේතු උවා දැක්වුවත් ඒ සියල්ලම බොරුයැයි කලින් කලට ඔප්පු කරන්නට රජිනි සමත් උනා.
විජේ,අජිත්,සූර්‍යා වික්‍රම් වගේ තරුණ නලුවන් දක්ශ ෆිල්ම් ඉදිරිපත් කරත් කොලිවුඩයේ පළමු කෝටි 100 එන්නේ රජිනිගෙන්..
නැවතත් කෝටි 200 යේ පළමු ෆිල්ම් එක එන්නේ රජිනිගෙන්..ඔය විදියට කෝටි 500,600 ක්ලබ් මුලින්ම ආරම්භ වෙන්නේ රජිනිගෙන්..
ඉන් පසුව තමා අනිකුත් නලුවන් ඒවා කඩ කරන්නට හෝ එය අබිබව යන්න උත්සහ කරන්නේ..
මේක ඇත්තටම රජිනිගේ වාසනාවක්..තමන් වයසට යද්දිත් මේම ප්‍රේක්ශක ආකර්ශනයක් ලැබෙනවා කියන්නේ තමන්ගේ පෙර පිනක් වෙන්න ඕනේ..මිනිස්සුන්ගේ ආදරය නිරතුරුව ලබා ගන්න හැමෝටම බෑ..කොලිවුඩයෙ දක්ශම නලුවා රජිනි නෙමේ.ඒක රජිනිත් දන්නවා..කියලත් තියෙනවා..ඔහුම පිලිගන්නවා ඔහුගේ කාලයෙත් දක්ශම නලුවා කමල් හසන් කියලා..ඒත් කමල්ට මේ තරම් රසික ආදරයක් නෑ..
රජිනි coolie චිත්‍රපටය නිකුත් වෙන්න පෙරම අලුත් වාර්තාවක් තබනවා..ඒ තමා චිත්‍රපටය නිකුත් වීමට ප්‍රථම දෙමළ චිත්‍රපටයක් ලැබූ ඉහලම ආදායම වාර්තා කරමින්..
කෝටි 100කට එහා ගිය pre sale එකක් coolie චිත්‍රපටය ලබාගන්නවා..
විශේශත්වය වන්නේ hrithik,ntr වැනි තරුණ නලුවන් දායක වෙන ඉන්දියාවේ බලාපොරොත්තු සහගත spy universe එකේ ෆිල්ම් එකක් සමග ක්ලෑශ් වීම..
වැඩිහිටියන්ට පමණක් වෙන චිත්‍රපටයක් වීම...
මන්දගාමී ට්‍රේලර් එකක් නිකුත් වීම...
මේ කරුණු වලට හාත්පසින්ම වෙනස් කරුණු ටිකක් leo චිත්‍රපටයට තිබිලත් ඒ චිත්‍රපටයටද කෝටි 100ක් (ඇඩ්වාන්ස් බුකින් වලින්) වෙන් කරගන්න බැරි උනා..
ලියෝ තමා දැනට දමිළ ඉතිහාසයේ වැඩිම පළමු දින ආදායම ඉපයූ චිත්‍රපටය..ඒ කෝටි 148ක්..
මේ බුකින් ප්‍රමාණයත් සමග මේ ඉතා පහසුවෙන් කැඩිය හැකි ඉලක්කයක් බව පෙනී යනවා..
චිත්‍රපටය මික්ස් රිවීව්ස් ආවත් කෝටි 600ක් 700ක් දක්වා යාමෙ හැකියාව තියෙනවා සහ මික්ස් රිවීව් වලට එහා පොසිටිව් ආවොත් අනිවාරෙන් නිල වශයෙන් රජිනිගේම 2.0 චිත්‍රපටය අහිබවා දමිළ සිනමාවේ ඉහලම ආදායම ලැබු චිත්‍රපටය බවට පත්වෙනවා..
ඉතින් වසර 50ක් සපිරෙන super star rajini ගේ සිනමාදිවිය දමිළ සිනමාවේ රන් අකුරින් ලියවෙන චිත්‍රපටයක් වේවා කියා දෑස් දල්වාගෙන බලාගෙන ඉන්නවා..
Lanka Newsweek © 2026