ඔන්න ඕක තමා මේ දවස් වල ටිකක් අඩුවට වාහනයක් ගන්න බලාගෙන ඉන්න අයට තියෙන ලොකුම ප්‍රශ්නය.සමහර අයගේ ඔලුව හෙනම අවුල් ජාලයක් වෙලා ගන්න ඕනෙ වාහනය හිතාගන්න බැරි නිසා.මටත් එහෙම වුන නිසාම තමයි මේක ලියන්න හිතුනේ.
මම දැන් අවුරුදු තුනක ඉදන් වාහනයක් ගන්න බලාගෙන හිටියෙ.ඒත් පරණ එකක් ගන්න තරම් මට හිත දුන්නෙ නෑ.එක හේතුවක් තමා ලංකාවෙ පාවිච්චි කරපු වාහන ගන්නවා කියන්නෙම තනිකරම අවධානමක්.ඉතින් අන්තිමට වාහන ලංකාවට ගේන්න පටන් ගත්තාට පස්සෙ මම ගන්නවා කියලා ඉස්සෙල්ලම හිතාගත්ත වාහන කිහිපයක් තිබ්බා.හැබැයි ඒ වාහන අතරේ fronx තිබ්බෙ නෑ.හේතුව මම ඉස්සරහට කියන්නම්.මගේ බජට් එක උනේ ලක්ශ 100 - 120 අතර ප්‍රමාණයක්.ඉතින් ඔය ගාණට ලංකාවෙ brand new වාහන තියෙන්නෙ කිහිපයක් විතරයි.
BYD Dolphin
Toyota Raize ( Toyota Lanka version එක)
Nissan Magnite Tekna + CVT
Toyota Wigo/ Perodua Axia
Toyota Yaris hatchback
ඊට අමතර මම එහෙන් මෙහෙන් Kia Sonet,Suzuki Wagon R,Toyota Roomy,Perodua Bezza වගේ වාහනත් බැලුවා.
හැබැයි ඔන්න ඔය වාහන ඔක්කොම අත ඇරලා අන්තිමට මම තෝරගත්තෙ fronx එක.ඉස්සෙල්ලම කියලා ඉන්නම් මම අනික් ඒවා මගේ ලිස්ට් එකෙන් අයින් කරේ ඇයි කියලා
මේක තමා මම ඉස්සෙල්ලම ගන්න ගියපු වාහනය.ලොකුම හේතුව තමා toyota කියන නම සහ ජපානයෙම හදපු වාහනයක් වීම.ඔය Toyota නම ලංකාවෙ කවදාවත් මකන්න බැරි නමක් නේ.ඒ වගේම ජපන් වාහන කියලා කිව්වම අපි හිතන්නෙ හෙනම මරු වාහන කියලා නේ.ඉතින් ජපානයේ හදපු Toyota brand new,low mileage වාහන වලින් මට තිබ්බෙ එකම option එක තමා yaris එක. yaris කියන්නෙ vitz එක වෙනුවට එන වාහනයක්. ඉතින් yaris එකට තියෙන්නෙත් vitz එකට තිබ්බ හුරුබුහුටි පෙනුමමයි.හැබැයි Yaris එක මම ගත්‍තෙ නැති හේතු කිහිපයක් තිබ්බා.
1. ලංකාවෙ sales කාක්කො නිසාම තමා මට Yaris එක ගන්න හිතුනේ නැත්තෙ. Yaris එකෙ X,G,Z කියලා වර්ග තුනක් තියෙනවා.ඕවා වල තියෙන options සහ ගාණ වෙනස්.මම ගන්න ගියේ G එක.හැබැයි එක එක sales වල එක එක G වාහන තියෙන්නෙ.සමහර ඒවා වල 360 කැමරා නෑ,සමහර ඒවා වල alloy wheel නෑ,සමහර ඒවා වල reverse කැමරා නෑ,සමහර ඒවා වල Infotainment display එක නෑ.
ඉතින් එක එක තැන් වල තියෙන options වෙනස් සහ එක එක තැන් වල ගාණ ගොඩාක් වෙනස්.මොකා ඇත්‍ත කියනවාද කියලා හිතාගන්න බෑ.ඕවා එක්ක හැප්පෙන්න මට බෑ.ඒ නිසාම මම yaris එක අත ඇරලා දැම්මා.
2. මේකෙ ඉඩ ගොඩාක් අඩුයි.ඔය fronx එකට සමහර අය බනිනවා නේ අඩි හයක් උස අයට යන්න බෑ කියලා.හැබැයි මේකෙ අඩි පහයි අගල් 7 ක් උස මටත් යන්න බෑ.එච්චරටම පාතයි.Leg room එක ඉතාමත් අඩුයි.පිටිපස්සෙ යන්න පුලුවන් දෙන්නෙක්ට විතරයි. ඉතින් ලක්ශ 100 ක් 120ක් දීලා මෙච්චර හුංඩුවක් ගන්නවාට වඩා හොඳයි Alto එකක් අරන් ඉතුරු සල්ලි ටික Fixed Deposit දාගන්න එක.
3. Warranty අනන් මනන් නෑ මේවාට. මම ලොකු ගාණක් දීලා warranty නැති බඩු ගන්නෙ නෑ.ඉතින්.yaris කියන්නෙ අවධානමක් මට අනුව.
4.මේ වාහන සහ Wagon R වගේ වාහන ජපානයෙ වයසක සහ දුප්පත් මිනිස්සු පදින වාහන.ලංකාවෙ තියෙන සිස්ටම් එක නිසා මේවාට ලොකු තැනක් හම්බෙලා තිබ්බට මේ වාහන වල හරි වටිනාකම ලක්ශ 40 ක් වගේ.අපි ලක්ශ 100 ක් වගේ ගෙව්වාට අන්තිමට අපිට හම්බෙන්නෙ මුදලට වටින්නෙ නැති වාහනයක්.ඒ නිසා second hand market එක හොඳයි කියලා හිතලා ගෙවන මුදලට නොවටින ජපන් වාහන ගන්න එක මෝඩ වැඩක්.ජපන් වාහන කියන්නෙ ඉතාමත් හොඳ වාහන.හැබැයි ලංකාවෙ සිස්ටම් එකට අනුව ජපන් වාහන කියන්නෙ තනිකරම මාෆියාවක්.
ඉතින් ඔය හේතු මත මම Yaris එකට ගියෙ නෑ. මම බලපු අනික් වාහන වලට සාපේක්ශ Yaris එක නම් මම කාටවත් recommend කරන්නෙ නෑ. ජපන් වාහනයක් ඕනෙමයි නම් ගත්තාට කමක් නෑ.
ඇත්තටම සුපිරි වාහනයක් මේක.මම yaris එකට පස්සෙ ගන්න හිතාගෙන ගියේ මේ වාහනය. Interior Features එහෙම තනිකරම luxury වාහන වලටත් වඩා ඉහලින් තියෙනවා.ගෙවන ගාණට වඩා advance features වාහනයේ තියෙනවා.ලක්ශ 107 ට එච්චර features අනන් මනන් දෙන වාහනයක් ලංකාවෙ නෑ මම දන්න තරමින්.ඒ වගේම මේකත් Fronx එක තරම් වගේ දිගයි. හැබැයි BYD ගන්න එක මට අනුව අවධානමක්.ඒ ඇයි කියලා මම කියන්නම්.
1. ලංකාවෙ තාම Electric වාහන වලට හරියට පහසුකම් නෑ.ඒ නිසා දුර ගමනක් යනවා නම් අනිවාර්යෙන් ම plan කරලා යන්න ඕනේ.එහෙම ගියෙ නැත්නම් අනාථයි.හැබැයි City එකෙ භාවිතයට නම් හොඳ වාහනයක්.
2. Charge වෙන්න යන වෙලාව විනාඩි 30 ක් කියලා කිව්වට ඒක අදාල වෙන්නෙ Charging stations වලට විතරයි.ගෙදර Charge කරනවා නම් පැය හයක් වගේ යනවා.එහෙම කාලය ගත වෙන ගැටලුවක් නැති අයට BYD හොඳයි.
3. චීන වාහන කියන්නෙ නිතරම වෙනස් වෙන දෙයක්. අද තියෙන තාක්ශණය නෙමෙයි තව මාස හයකින් තියෙන්නෙ.ඒ වගේම තමා මේ BYD වගේ වාහන වලට අවුරුදු දෙකෙන් තුනෙන් වගේ අලුත් facelift එනවා. එතකොට තමන් ගත්ත වාහනය අවුරුදු දෙක තුනක් ඇතුල හෙන පරණයි වගේ දැනෙන්නෙ. චීන electric වාහන කියන්නෙ තනිකරම phone වගේ දේවල්. ඒ නිසා ලංකාව වගේ අවුරුදු අට දහය වාහන පාවිච්චි කරන අයට එච්චර මේක ප්‍රායෝගික නෑ සහ අලුතින් එන එන model එක ගන්න තරම් ලංකාව තාම දියුණු හෝ පොහොසත් නෑ
4. මේකෙ battery එකට අවුරුදු අටක warranty එකක් දෙනවා කියලා කියනවා.එතකොට අවුරුදු අටකට පස්සෙ battery එක ආයේ දාන්න වුනොත් කීයක් ගෙවන්න ඕනේ ද කියන එක කව්රුත් කියන්නෙ නෑ.දැනට ආරංචි වුන විදිහට ලක්ශ 20 ක් විතර වෙනවා battery එක.මම හිතන්නෙ නෑ එච්චර ගාණක් වාහනයක බැට්‍රි එකට වෙන් කරන එක ලංකාව වගේ රටකට ප්‍රායෝගිකයි කියලා. BYD ගත්ත අය නම් කියන්නෙ ඕක හිතන්න එපා කියලා.ඒත් ලංකාව වගේ රටක වාහනයක් ගන්නවා නම් අනාගතය ගැන හිතලා ගන්න ඕනේ.
ඉතින් ඔය හේතු මත මම BYD Dolphin එක ගත්තෙ නෑ.හැබැයි මේ තියෙන්නෙ මට ආපු ප්‍රශ්න.මේ ප්‍රශ්න ගැටලුවක් නැති අය BYD ගත්තාට කමක් නෑ.
මෙන්න මේ වාහනය හදන්නෙ ඉන්දුනීසියාවෙන්.ඒ නිසා ලංකාවෙ ජපන් raize පදින අය මේකට සෑහෙන්න බනින නිසාම මම මේ වාහනය ගැන හොයලා බැලුවා සහ සල්ලි ගෙවන්නත් ගියා.ඉස්සෙල්ලම කියන්න ඕනේ ජපන් ද ඉන්දූනිශියන් ද කියන එක මට අදාල වුනේ නෑ. කොහෙ හැදුවත් Toyota කියන්නෙ Toyota.ඒකෙ වෙනසක් නෑ.ඔය ජපන් වාහන තමා හොඳම කියන එක ලංකාවෙ sales කාක්කො හදාගත්ත දෙයක්.
අනික් එක තමා මේ ඉන්දූනිසියාවේ හදන Toyota Raize එක තමා international version එක. ඒ කියන්නෙ අනික් හැම රටකටම යවන්නෙ මෙන්න මේ made in indonesia වාහනය. ඔය ජපානයේ හදන වාහන හදන්නෙ ජපානයට ගැලපෙන්න මිසක් අනික් රටවල් වලට නෙමෙයි. ඒ නිසාම Toyota එක වෙනම international version එකක් හදනවා එක එක රටවල් වලට ගැලපෙන විදිහට.
මේ Indonesian Raize එක ජපානයේ හදපු Raize එක වගේමයි.මේක හැබැයි ජපන් එකට වඩා චුට්ටක් ලොකුයි. එකම Quality එක තියෙන්නෙ.හැබැයි options වෙනස්.ජපන් Raize එකෙ 1.0L,1.2L,1.5L capacity එක තියෙන options වගේම hybrid option එකත් තියෙනවා.හැබැයි ලංකාවට එන indonesian raize එකෙ තියෙන්නෙ 1.0L ,Turbo, Non hybrid, 3 cylinder version එක.ඒකත් මට ගැටලුවක් නෙමෙයි.හැබැයි මට ආපු ගැටලු තමා;
1. ලක්ශ 119 ට වටින්නෙ නෑ මේ වාහනය.මේක විතරක් නෙමෙයි ලක්ශ 150 ට යන ජපන් raize එකත් ඒ ගාණට වටින්නෙ නෑ.
2. මේකෙ Auto Break,Cruise control,360 Camera,Lane departure,Lane assist වගේ ඒවා නෑ.Auto break,Lane departure වගේ ඒවා fronx එකෙත් නෑ.හැබැයි fronx එකෙ cruise control තියෙනවා. Cruise control කියන්නෙ මට අත්‍යාවශ්‍ය දෙයක්.හැබැයි 2025 හදන ලක්ශ 119 ක වාහනයක 360 camera නෑ කියන්නෙ එතන ලොකු ගැටලුවක් තියෙනවා ඉතින්. ඕවා අලුත් වාහනයක අනිවාර්යෙන් තියෙන්න ඕනේ basic දේවල් ඉතින්.
Indonesian raize එක සම්බන්ධයෙන් මට තිබ්බ ගැටලු ඔච්චරයි. Company warranty එකත් මේකට හම්බෙනවා.ඒ වගේම Raize කියන්නෙ ලංකාවෙ ප්‍රසිද්ධ වාහනයක්.ඒ නිසා හොඳ second hand market එකක් මේකටත් තියෙනවා.ඔයා බලන්නෙ Toyota SUV එකක් නම්,company warranty එකත් එක්කම Toyota Lanka එකෙන් raize එකක් ගන්න එක ප්‍රායෝගික දෙයක් මට හිතෙන විදිහට. Sales වලට ලක්ශ 150 ක් දීලා ජපන් raize එකක් ගන්න එක බොරු වැඩක්.
Toyota Wigo සහ Perodua Axia කියන්නෙ Daihatsu Ayla එකෙ rebadge වාහන දෙකකට.හැබැයි ඔය වාහන තුනෙන් ලංකාවෙ ප්‍රසිද්ධම perodua axia එක.Toyota Lanka එකෙන් එන Wigo එකත් හදන්නෙ ඉන්දූනිසියාවේ. Perodua Axia නම් මැලේශියාවේ.
මට නම් හිත ගියේ Toyota Wigo එකට.Toyota Wigo එකෙ face එක ලස්සනයි අනික් වාහන දෙකට සාපේක්ශව.ඒ වගේම Yaris එකට වඩා ලොකුයි සහ ඉඩ තියෙනවා තියෙනවා.Perodua Axia එක නම් හොඳ reliable වාහනයක් සහ හොඳට පෙට්‍රල් කරනවා.
හැබැයි ඔය දෙකම මම පැත්තකට දාපු හේතුව තමා මේ ගාණට ඉන්දුනීසියාවේ හො මැලේශියාවේ හදපු hatchback වාහනයක් ගන්නවාට වඩා features වැඩියෙන් තියෙන Nissan Magnite SUV වගේ එකක් ගන්න එක ගෙවන ගාණට වටිනවා කියලා මට හිතුනා. Wigo,Axia දෙකම ගෙවන ගාණට වටින්නෙ නෑ.දෙකම හරිම basic වාහන දෙකක්.Auto break අනන් මනන් එහෙමත් මේවා වල නෑ.
මේ දෙකෙ තියෙන්නෙ airbags දෙකක්. 2000 වර්ශයේ හදපු ලඩි වලත් airbags දෙකක් තියෙනවා.ඉතින් 2025 හදන වාහනයක airbags දෙකක් තියෙනවා කියලා කියන්නෙ එතන ගැටලුවක් තියෙනවා.
ඉතින් ලක්ශ 86-89 ක් දීලා ඔය දෙක ගන්නවාට වඩා brand new Alto එකක් අරගෙන ඉතුරු ගාණ පොතේ දාගන්න එක හොඳයි. හැබැයි.අඩු ගාණකට Toyota brand new වාහනයක් හොයන කෙනෙක්ට wigo කියන්නෙ හොඳ option එකක්.ඒ වුනාට wigo වලට වඩා ලංකාවෙ ප්‍රසිද්ධ perodua axia එක.ඉතින් axia එකෙ second hand market එක දැනටමත් ශක්තිමත් එකක්.spare parts එහෙම ඕනේ තරම් හොයාගන්නත් පුලුවන්.
ඉස්සෙල්ලම කියන්න ඕනේ මම ඉන්දියාවේ හිටපු කෙනෙක්.මම වැඩ කරපු company එක අපිට එහෙ මෙහෙ යන්න දීලා තිබ්බෙ ඉන්දියාවෙම හදපු Suzuki Vitara වගේ SUV වාහන.ඉතින් ඒ වාහන හොඳ නෑ කියලා ලංකාවෙ අය කිව්වට මට නම් මම පාවිච්චි කරපු වාහන වල කිසිම ගැටලුවක් නෑ. මම ඉන්දියාවේ හයිද්‍රාබාද් වල ඉදන් නේපාලය දක්වාම grand vitara එකක ගියා දෙපාරක්.කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ සහ වාහන වල කිසිම අඩුපාඩුවක් තිබ්බෙ නෑ.
ලංකාවට magnite එනවා කිව්ව නිසා ඉන්දියන් වාහන පාවිච්චි කරපු කෙනෙක් විදිහට මම ගියා magnite එක බලන්න.ඇත්තම කිව්වොත් ඒක ගන්න බලාගෙන ගියෙ.ඒ උනාට magnite එක මම පැත්තකට දාපු හේතු කිහිපයක් තියෙනවා.
1.වාහනේ පිටිපස්සෙ දොර අරිනකොට ඇහෙන ඒ "ටකස් " සද්දෙ නිසාම වාහනේ ගන්න හිත දුන්නෙ නෑ. ඒ සද්දෙ හෙනම cheap සද්දයක්.
2.Interior වල මම එහෙම අවුලක් දැක්කෙ නෑ. හැබැයි ඇතුලේ පාට කැතයි සහ cheap ගතියක් තියෙනවා.
3.Nissan කියන්නෙ බංකලොත් වෙන්න ඔන්න මෙන්න තියෙන ආයතනයක්.ඉන්දියාවේ Nissan තවම තියෙන්නෙ Magnite නිසා.ඒකත් නැත්නම් මෙලහකට ඉන්දියාවේ nissan plant එක වහලා දාලා. ඉතින් එච්චර අවධානමක් ගන්න තරම් මට හිත දුන්නෙ නෑ සහ වාහනයෙ තියෙන ඒ බාල ගතිය ගොඩාක් දැනෙනවා.
හැබැයි ලක්ශ 79-89 අතරේ වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට නම්, ලක්ශ 79 ට තියෙන Magnite accenta එක හෝ ලක්ශ 89 ට තියෙන Tekna+ AMT එක හොඳ option දෙකක්. ලක්ශ 96 ට තියෙන N-Connecta එක හෝ ලක්ශ 99 ට තියෙන Tekna + CVT එක ගන්න එක නම් මට අනුව හොඳ අදහසක් නෙමෙයි.
ඉතින් අන්තිමට ඔය ඔක්කොම පැත්තකට දාලා perodua bezza එකක් බැලුවා.Bezza එකෙ push start නෑ.යතුරෙන් තමා start කරන්න ඕනේ.2025 දි හදන වාහනයක් යතුරෙන් start කරනවා කියලා කියන්නෙ ඒ වාහනය හරිම basic සහ යල්පැන ගියපු වාහනයක්.
Wagon R සහ Toyota Roomy නම් දැන් three wheel වගේ හැම තැනම තියෙන නිසා ඒ දෙකම ගන්න හිතුනේ නෑ.ඒ වගේම sales කාක්කො එක්ක ඔය වාහන ගන්න හිතෙන්නෙත් නෑ.
ඉතින් අන්තිමට වාහනයක් එපා කියලා ඉද්දි තමා මට මතක් වුනේ fronx ගැන. Fronx ගැන මම කලින් දැනන් හිටියාට ලංකාවෙ AMW showroom වල fronx එක තිබ්බෙ නෑ.වාහනේ නොබලා fronx එක ගත්ත අය හිටියත් මට ඕනේ වුනේ වාහනේ ඉස්සෙල්ලම බලන්න.ඒ නිසා වාහනය ආපු දවසේම මම AMW ගිහින් වාහනේ බලලා advance එකක් ගෙව්වා.ඉතින් ඔය විදිහට fronx එකට මම advance කරන්න ගත්ත තීරණයට බලපාපු කාරණා කිහිපයක් තියෙනවා.ඒ තමා ;
1. මම ඉස්සෙල්ලම වාහනේ දොරවල් ඇරලා බැලුවා magnite වගේ සද්දයක් එනවා ද කියලා.කියන්න සතුටුයි කිසිම සද්දයක් නෑ.ඒ කියන්නෙ වාහනේ quality එක මම බලාපොරොත්තු වුන විදිහටම තියෙනවා කියන එක සහ first impression එකෙන්ම වාහනය ගැන මට ඇති වුනේ ධනාත්මක හැගීමක්.
2. වාහනේ ලුක් එක ඇත්තටම ලස්සනයි. මේක SUV කියලා කිව්වාට ඇත්තටම මේක crossover එකක්.Raize එකට වඩා චුට්ටක් පාත වුනාට අර හැම SUV එකකම දකින්න තියෙන පෙට්ටි ලුක් එක මේකෙ නෑ. Fronx එකට තියෙන්නෙ Suzuki Baleno hatchback ලුක් එකක්.ඒ ලුක් එක තියෙන SUV තවම ලංකාවෙ නෑ ලොකුවට.ඉතින් වාහනයේ තියෙන්නෙ unique ලුක් එකක්.
3. Fronx එක හදලා තියෙන්නෙ suzuki baleno platform එකෙන්. සරලවම කිව්වොත් Baleno කියන්නෙ hatchback එකක්.ඔය baleno එකෙ එන්ජිම සහ අනන් මනන් සේරම අරගෙන SUV එකකට සෙට් කරලා එව්වා වගේ වැඩක් තමා මෙතන වෙලා තියෙන්නෙ.මම Baleno එකත් පාවිච්චි කරපු කෙනෙක් නිසා Baleno එක එහෙන් මෙහෙන් වෙනස් කරලා හදපු fronx එක ගැන මට තිබ්බෙ හොඳ හැගීමක්. Baleno කියන්නෙත් හොඳ reliable වාහනයක්.
4. Suzuki කියන්නෙ අපි දන්න brand එකක්. ඔය swift,wagon R වගේ වාහන දිහා බැලුවාම හිතාගන්න පුලුවන් නේ brand එකෙ වාහන හොඳ ද නැද්ද කියලා. Suzuki එක කොහොමත් හදන්නෙ මනුස්සයෙක්ට පාවිච්චි කරන්න පුලුවන් වාහන.ඉතින් ලංකාවෙ අපිට හුරු පුරුදු brand එකකින් වාහනයක් ගන්න එක නුවණට හුරු වැඩක් කියලායි මට හිතෙන්නෙ.
BYD ලෝකයෙ එකපාරටම ප්‍රසිද්ධ වුනේ එයාලා එකපාරම වාහන වල ගාණ අඩු කරපු නිසා.ඒක එයාලගේ marketing plan එකක්. ඉතින් ගාණ අඩු කරලා aggressive marketing strategy එකක් කරපු BYD වල වඩා suzuki කියන්නෙ අපිට දන්න brand එකක් සහ suzuki වාහනයක් repair කරන්න එහෙම ඉතාමත් ලේසි. BYD වල පොඩි repair එකක් ආවත් company දාලා මාස ගණන් බලාගෙන ඉන්න ඕනේ.
5. Fronx කියන්නෙ smart hybrid වාහනයක්.ඒ කියන්නෙ wagon R එකෙ තියෙන hybrid system එක වගේම එකක්.ලක්ශ 102 ට මම හිතන්නෙ නෑ ලංකාවෙ Smart hybrid තියෙන SUV තියෙනවා කියලා.ඉතින් Fronx මෙතනදි අපිට ලොකු වටිනාකමක් ලබා දීලා තියෙනවා අපි ගෙවන ගාණට.
6. Magnite එක ඉන්දියාවේ හදන්නෙ nissan කියන ජපන් company එකෙන් වුනාට,magnite එක ජපානයට ගෙන්නන්නෙ නෑ ජපන්නු විසින්.හැබැයි fronx එක ජපානයටත් export කරනවා ඉන්දියාවෙන්. ජපන්නු එහෙම ලේසියෙන් පිටින් වාහන ගෙන්නන ජාතියක් නෙමෙයි. ජපානය විසින් fronx එක එහාට ගේනවා කියන්නෙ fronx එක හොඳ වාහනයක් කියන එක.ඉතින් මෙතනදි මගේ හිතේ ඇති වුනේ ලොකු විශ්වාසයක්.
7. Toyota එක විසින් fronx එක rebadge කරලා Toyota Taisor කියලා මාකට් එකට එවනවා කියලා ගොඩාක් අය දන්නවානේ.හැබැයි ගොඩාක් අය දන්නෙ නැති දෙයක් තමා toyota sales වලින් 40% ක් ම හැදෙන්නෙ suzuki rebadge වාහන වලින් කියලා. Fronx එකට අමතරව Toyota එකෙන් rebadge කරලා එවන suzuki වාහන කිහිපයක් මම සඳහන් කරන්නම්
Suzuki Baleno = Toyota Glanza
Suzuki Grand Vitara = Toyota Urban Cruiser
Suzuki Ertiga = Toyota Rumion
Suzuki Invicto = Toyota Hycross
ඒ වගේම Toyota sales වලින් තව වැඩි හරියක්ම එන්නෙ Daihatsu rebadge වාහන වලින්. Toyota Raize එකත් හදන්නෙ Daihatsu එකෙන්. ඉතින් ලංකාවෙ මිනිස්සු Toyota කියලා උඩ දාගෙන හිටියාට Toyota එකත් දුවන්නෙ rebadge වාහන නිසා. ඒ වගේම Toyota එකෙන් මොකක් හරි වාහනයක් rebadge කරනවා කියලා කියන්නෙ ඒ වාහනය හොඳ වාහනයක් කියන එක.
8. Fronx එකෙ ඇතුලේ interior එහෙම හොඳ quality එකෙ ඒවා. ඉන්දියන් වාහන quality නෑ කියලා මිනිස්සු කිව්වට 95% ක් අවස්ථා වල ඉන්දියන් වාහන වල quality එක හොඳයි. Magnite එකෙ ඒ quality එක නෑ. Magnite Interior වල සහ Fronx interior වල ඉතාම ලොකු වෙනසක් තියෙනවා දෙකම ඉන්දියන් වුනාට.ඉතින් fronx එක magnite එකත් එක්ක සංසඳනය කරනවා කියන්නෙම ටිකක් අමාරු දෙයක්.මොකද fronx එක magnite එකට වඩා ගොඩාක් ඉස්සරහින් ඉන්නෙ.
9. Fronx එකෙ තියෙන technology එක සහ features අනන් මනන් හරිම හිත්ගන්නාසුලු දේවල්. විශේෂයෙන්ම head up display එක එහෙම සාමාන්‍යයෙන් මාකට් එකෙ නැති feature එකක්.ඒ වගේම suzuki boosterjet එන්ජිම ගැන අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.එහෙම ලෙඩ ගේන එන්ජිමක් නෙමෙයි ඕක.Turbo Boosterjet එන්ජිමක් එක්ක,smart hybrid SUV වාහනයක් මේ ගාණට හම්බෙනවා කියන්නෙ අපි ගෙවන වටිනාකමක් හම්බනවා කියන එක.
ඉතින් ඔය කාරණා සහ තව මූල්‍යමය කාරණා මත මම තීරණය කරා fronx එක ගන්න.මූල්‍යමය කාරණා කියලා කිව්වෙ තියෙන සබ්බ සකලමනාවම වියදම් කරලා ණයවෙලා වාහන ගන්න එක මට අනුව ප්‍රායෝගික දෙයක් නෙමෙයි. වාහනයක් වුනාම අපි ගෙවන ගාණට වටින එකක් වෙන්න ඕනේ.හදපු රටට වඩා වැදගත් වෙන්නෙ අන්න ඒක.
ඒ නිසා මට අනුව ලංකාවෙ දැනට අපි ගෙවන ගාණට වටිනාකමක් දෙන වාහන තියෙන්නෙ දෙකයි.එකක් BYD Dolphin එක.අනික Suzuki Fronx එක.
ඒ වුනාට ඔය දෙක අතරෙන් ලංකාවට ප්‍රායෝගිමක සහ සුදුසුම වාහනය තමා Suzuki Fronx කියන්නෙ.Fronx එකට හොඳ මාකට් එකක් ලෝකෙ වටෙන්ම හැදිලා තියෙන්නෙ දැන්.ලංකාවෙත් මේ වෙද්දි වාහන 2000 කට කිට්ටු වෙන්න order කරලා තියෙන්නෙ.දැන් තව ගොඩාක් මිනිස්සු fronx එක ගැන දැනගෙන තියෙන්නෙ.ඉතින් ඉස්සරහට තව ලොකු ඉල්ලුමක් ඇති වෙලා second hand market එකක් ශක්තිමත් වෙයි කියලා කියන්න පුලුවන් මේ යන විදිහට නම්.
ඒ වගේම තමා අපි වාහනයක් ගන්න ඕනේ අපේ මට්ටමට ගැලපෙන්න සහ අපේ අවශ්‍යතාවයන් වලට ගැලපෙන විදිහට.ඒ නිසා එක එක්කෙනා කියන negative දේවල් හිතන්න එපා.හැමෝම කියන දේවල් ශේප් එකෙ අහගෙන ඔයා කැමති වාහනය ගන්න.
Lanka Newsweek © 2025