Thursday 30th of April 2026

English Tamil
Advertiesment


සජිත් යෞවන සමාජ - සාමාජික සාමාජිකාවන් හමුවෙයි


2025-08-01 14877

 

(අචින්ත මධුර)

 

අද වන විට රටේ ස්වාධීන, අපක්ෂපාතී තරුණ සංවිධාන ගණනාවක් වත්මන් රජයේ දේශපාලන බලය උපයෝගී කර ගෙන ජනතා විමුක්ති පෙරමුණේ ග්‍රහණයට ලක් කර ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්චා කිරීමට තරුණ සාමාජිකයින් රැසක් බ්‍රහස්පතින්දා (31) Citizens’ Voice වැඩසටහන යටතේ කටයුතු කරන ලදී. 

ඒ යටතේ යෞවන සමාජ සම්මේලනය, තරුණ සේවා සභාව ඇතුළු දශක ගණනාවක් පුරා තරුණ තරුණියන්ගේ කුසලතා දක්ෂතා ඔප්නැංවීමට අතහිත දුන් ආයතන පවා ජවිපේ මැති ඇමතිවරුන්ගේ හිතවතුන්ගේ ග්‍රහණයට ලක්ව තිබෙන බවත් මේ තත්ත්වයෙන් රටේ ස්වාධීන අපක්ෂපාතී ආයතන ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු ආකාරයත් පිළිබඳව මෙහිදී පැමිණ සිටි තරුණ තරුණියන් දැනුවත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරනු ලැබීය.

Advertiesment