Sunday 9th of November 2025

English Tamil
Advertiesment


බර්ජ් කලීෆා මුදුනේ සිටගත් - නිකොල් ස්මිත්


2025-07-24 1474

 

(චමින්ද ලක්මාල් කළුබෝවිල) 

 

සියලු බාධක මැද: එමිරේට්ස් ගුවන් සේවා වෙළඳ දැන්වීමක් සඳහා බර්ජ් කලීෆා (Burj Khalifa ) මුදුනේ සිටගත් කාන්තාව, නිකොල් ස්මිත්-ලඩ්වික් -Nicole Smith-Ludvik

වෘත්තීය අහස් පිහිනුම් (skydiver) ශිල්පිනියක සහ අවදානම් ක්‍රියා (stuntwoman) ශිල්පිනියක වන නිකොල් ස්මිත්-ලඩ්වික්, බලාපොරොත්තුව, ධනාත්මක බව සහ ධෛර්යය පිළිබඳ ඇගේ පණිවිඩය බෙදා ගත්තාය.

එමිරේට්ස් ගුවන් සේවය වෙනුවෙන් කළ වෙළඳ දැන්වීමක් සඳහා ඩුබායි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ල මුදුනේ සිටගෙන ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ නිකොල් ස්මිත්-ලඩ්වික්, "Entrepreneur Middle East Live" විසින් ඉදිරිපත් කළ "Against All Odds" (සියලු බාධක මැද) නම් webinar series මාලාවේ මෑතකදී විකාශය වූ වැඩසටහනකදී, තමන් ලොව පුරා මෙසේ මහත් කතාබහට ලක්වූ ආකාරය පිටුපස ඇති කතාව හෙළි කළාය.

 

 

"Entrepreneur Middle East" හි කළමනාකාර සංස්කාරක තමාරා පුපික් සමඟ කතා කරමින් ස්මිත්-ලඩ්වික්, මෝටර් රථ අනතුරකින් සිදුවූ බරපතල තුවාලයකින් පසු, ඇයට නැවත ඇවිදීමට තබා ජීවත් වීමටවත් නොහැකි වනු ඇතැයි වෛද්‍යවරුන් පැවසූ පසුබිමක, තමන් සුවය ලැබූ ආකාරය පිළිබඳ ඇගේ ආශ්වාදජනක කතාව බෙදා ගත්තාය. ඉන්පසු ඇය එක්සත් ජනපදයේ ප්‍රාන්ත 50 පුරාම අහස් පිහිනුම්(skydiving) කළ ලාබාලතම පුද්ගලයා ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමට ද සමත් වූවාය.

"මම බර්ජ් කලීෆා මුදුනට ගිය විට, මගේ දෑත්වලට හොඳටම දහඩිය දැම්මා, මගේ හද ගැස්ම වේගවත් වෙනවා මට දැනුණා. ඒ නිසා සිදුවෙමින් පවතින දේ ගැන මට යම් කාංසාවක් ඇතිවෙමින් පවතින බව හඳුනාගැනීමට මට හැකි වුණා," ඇය තවදුරටත් පැවසුවාය. "වැදගත්ම දේ තමයි ඇතිවන චිත්තවේගීය ප්‍රතිචාරය කුමක්දැයි පිළිගැනීමයි. මම නම්, මට මෙසේ හැඟෙන්නේ ඇයිද යන්න සහ ඒ මොහොතේ මා නුහුරු නුපුරුදු අවස්ථාවක සිටින බව තේරුම් ගැනීමට මගේ පිරික්සුම් ලැයිස්තුව (checklist) පරීක්ෂා කර බලනවා."

 

Advertiesment