Thursday 18th of June 2026

English Tamil
Advertiesment


ඇල්පිටිය මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතකරණය කැඩී මාස 6ක්


2025-07-17 14882

 

à¶´à·Š‍රදේශවාසීන් දැඩි අපහසුතාවයක 

 

(ජයකාන්ත ලියනගේ - බළපිටිය)

 

ඇල්පිටිය මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ මලසිරුරු තැන්පත් කරන ශිතකරණය à¶šà·Š‍රියාවිරහිත වී මාස 06 à¶šà¶§ à¶…à¶°à·’à¶š කාලයක් ගත වී ඇතත් මෙතෙක් එය අලුත්වැඩියා කිරීමට කටයුතු නොකිරීමෙන් à¶´à·Š‍රදේශවාසීහු දැඩි අපහසුතාවයට à¶´à¶­à·Š à·€ à¶­à·’à¶¶à·š.

මේ හේතුවෙන් ඇල්පිටිය මූලික රෝහලේදී මිය යන රෝගීන්ගේ මල සිරුරු බළපිටිය මූලික රෝහලට හෝ කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන යෑමට සිදුවන බවද රෝහල් බලධාරීහූ à¶´à·Š‍රකාශ කරති. මෙම ගැටළුව නිසාවෙන් මියගිය පුද්ගලයින්ගේ ඥාතීන්ට මලසිරුරු බළපිටියෙන් හෝ ගාල්ලෙන් ලබාගෙන නැවත ඇල්පිටියට රැගෙන ඒමට විශාල මුදලක් වැය කිරීමට සිදුවන බවද රෝහල් බලධාරීහූ රජයට පෙන්වා දී à¶­à·’à¶¶à·š. මේ හේතුවෙන් හදිසි මරණ පරීක්ෂණ සදහා එම රෝහල් වෙත යෑමට වැඩි වියදමක් දැරීමට සිදුව තිබෙන බවද à¶´à·Š‍රදේශවාසීන් à¶´à·Š‍රකාශ කරයි. මලසිරුරු à¶´à·Š‍රවාහනයට වැය වන මුදලද වැඩි වී තිබෙන බවද à¶´à·Š‍රදේශවාසීන් à¶´à·Š‍රකාශ කරයි.

ඇල්පිටිය දිස්ත්‍රික් රෝහල, මුලික රෝහලක් බවට à¶´à¶­à·Šà¶šà¶» ඇත්තේ 2005 වසරේ දීය. එවකට නියමිත පරිදි මෘත ශරීරාගාරය සකස් නොකිරීම හේතුවෙන් ඇල්පිටිය මූලික රෝහල සතුව ඇත්තේ ඉතා කුඩා මෘත ශරීරාගාරයකි. ඇල්පිටිය මුලික රෝහලේදී මියයන රෝගීන්ගේ මල සිරුරු තැන්පත් කිරීමට කන්ටේනර් පෙට්ටියක් ශිතකරණයක් ලෙස භාවිතා කරමින් තිබිය දී à¶‘à·„à·’ දොර දිරාපත් වීම නිසාවෙන් රත් වූ වාතය ඇතුලට ගමන් කිරීම මත එයද භාවිතයට ගැනීමට නොහැකි වී à¶­à·’à¶¶à·š.

මේ සම්බන්ධයෙන් ඇල්පිටිය මුලික රෝහලේ à¶´à·Š‍රධාන වෛදය නිලධාරි à¶’ à¶‘à¶ à·Š කුරුප්පු ආරච්චි මහතා ඇල්පිටිය සම්බන්ධීකරණ කමිටුවේදී මෙසේ පැවසීය.

මෘත ශරීරාගාරයේ ශීතකරණ වැඩ කරන්නේ නැහැ. කන්ටේනර් පෙට්ටියේත් දොර අබලන් වෙලා. මේ හේතුවෙන් මල සිරුරු බළපිටිය රෝහලට හෝ කරාපිටිය රෝහලට ගෙනි යන්න සිද්ධ වෙලා තිබෙනවා. ඇල්පිටිය මූලික රෝහලේ මෘත ශරීරාගාරය, මූලික රෝහලකට ගැලපෙන්නේ නැහැ. මම වෛද්‍ය ශිෂයෙක් ලෙස ඉගෙන ගන්නා 1990/1992 කාලයේ මහ මෝදර රෝහලේ මීට වඩා හොද මෘත ශරීරාගාරයක් තිබුණි. à¶Šà¶§ වසර 35 à¶šà¶§ පස්සෙත් මූලික රෝහලක මෘත ශරීරාගාරය මෙතරම් à¶´à·Š‍රාථමික මට්ටමක තිබීම කණගාටුදායකයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් මෙසේ පැවසීය.

දකුණු පළාතේ රෝහල්වල මෘත ශරීරාගාර සමග බැලුවම ඇල්පිටිය මෘත ශරීරාගාරය ඉතාම පහල මට්ටමක තිබෙන්නේ. මේවා වසර ගණනාවක් තිබෙන පරිපාලන ගැටළු. දැන් රටට රුපියල් තිබෙනවා. ඩොලර් තමයි, නැත්තේ. ඒ නිසා මෙවන් ගැටළු ඉක්මනින් නිරාකරණය කිරීමට කටයුතු කරනවා යැයි පැවසීය.

 

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment