Tuesday 26th of May 2026

English Tamil
Advertiesment


හමුදාව කලබල වෙලා..?


2025-06-23 14887

 

හොරාට පෙර කෙසෙල් කැන වැට පනි..!


හමුදාපති දන ගසයි..!


හදිසියේ මාධ්‍ය සාකච්ඡා..!


ජනාධිපති නොමග යවා  නිලධාරීන් හොරපාරෙන් විශ්‍රාම ගැන්වීම සබැඳිව සමාජ මාධ්‍ය අනාවරණයට අම්මට සිරි මාධ්‍ය නිවේදනය විවෘත අභියෝගයට..!

 

රටක හමුදාවක් එකී රාජ්‍යයේ ප්‍රධාන දහරාවේ  විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය  සිදු කරන ලද අනාවරණයකින් අගතියට පත් වන්නේ නම් එය නිවැරදි කිරීම සඳහා මාධ්‍ය සදාචාරයන් තුළ ක්‍රමානුකූල  නෛතික රාමුව   තුල කටයුතු කළ හැකි බව පළමු කොට  යුද හමුදාපති    දෙවන උපුල්දෙනියට මහතාට  සිහිපත් කරදීමට කැමැත්තෙමු.  

එම වාර්තාකරණය නිවැරදි කිරීමට සාධනීය කරුණු  ඉදිරිපත් කර සත්‍ය බවට ඊට වගකිව යුතු බලය පැවරු තොරතුරු භාර නිලධාරීගේ අස්සනින් යුතුව දැනුම් දීමෙන්   අනතුරුව  එකී කරුණු වල නිර්වාදතාවය නැවතත් විශ්ලේෂණයට ලක් කොට එය සැබවින්ම නිවැරදි නම් පෙර හා සමාන ප්‍රචාරයක් vනිවැරදි කිරීමට ලබාදීමට  එකී ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සදාචාරාත්මක හා නෛතිකව බැඳී සිටිනු ඇත.

එයින් සෑහීමට පත් නොවන්නේ නම් තවදුරටත්
ඒ සඳහා කිරුළ පාරෙහි පිහිටා ඇති පුවත්පත් කොමිෂන් සභාව වැනි ආයතනයන් හරහාද නෛතික ක්‍රියාමාර්ග ගත හැක.

යූ  ටියුබයට සහ ගූ ගලයට  නඩු දැමූ එක් උන්මත්තක හමුදාපතිවරයෙකු  තවත් එවැන්නකුටම වැඩ භාර දුන් කල්හි මෙවන් දේ සිදුවීම  සක්කරයාගේ පුතා වයිමාටවත් නවත්වාගත නොහැක.

සමාජ මාධ්‍යයට නිල වශයෙන් පිළිතුරු දැක්වීම මින් පෙර කිසිදු දිනයක සිදු නොවූවක් වන අතර නමුත් හමුදාපති උපුල්දෙනිය කොතරම් කලබල වී ඇද්ද යන බව ජනාධිපතිවරයාට වුවද ඇස් දෙකෙන් දැක මොළේට ගත හැක.

හඳ පෙන්නු කල ඇඟිල්ලට ආවඩන අම්මට සිරි මාධ්‍ය  නිවේදනයට  අපගෙන් අභියෝගාත්මක ප්‍රශ්න කීපයක්

(1) සේනාධිනායක ජනාධිපතිවරයා  විසින්  අධිකාරියට පත් කරනු ලබන හමුදා නිලධාරීවරයකු විශ්‍රාම ගැන්වීමේ බලය ව්‍යවස්ථානුකූලව ලබාදී ඇත්තේ ජනාධිපතිවරයාට ද    නොඑසේ නම් යුද හමුදාපතිවරයාට ද ?  යන වග

(2) 2025 ජුනි මස තුන්වන දින යුද හමුදාව ජ්‍යෙෂ්ඨ නිලධාරීවරුන්  දස දෙනෙකු  ඔවුනගේ මාණ්ඩලික රථ සහ පෞද්ගලික කාර්ය මණ්ඩලය ඉවත්කර  අප්‍රියල් මස සිට වැටුප නවත්වා  ගෙදර යැව්වේ ජනාධිපතිවරයා ඊට ඔහුගේ අනුමැතිය විධායක බලතල යටතේ අත්සන් කොට ලබාදීමෙන් අනතුරුවද ?

(3) ජනාධිපතිතුමා එම දිනට ප්‍රථම තම අත්සන ඔවුන්ගේ  විශ්‍රාම යෑම අනුමත කරමින් යොදා තිබුනේ ද නැද්ද යන වග

(4)  ජනාධිපතිවරයා එසේ අත්සන් කර නොමැති නම්   එම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් විශ්‍රාම ගැන්වීමට  කටයුතු කිරීම තුළින් හමුදාපතිවරයා විධායක බලතල අවභාවිතා කළේද යන වග

(5) නිලධාරීන් පනස්  දෙනෙකු ජුනි මස තුන් වෙනිදා සිට විශ්‍රාම ගැන්වීමට කටයුතු කර මේජර් ජෙනරාල් තුෂාර මහලේකම් සභාපති ලෙස පත් කරන ලද  MS Br convening order,  MSBR/CPC/BOARD/2025/01(61)  dated 16 April 2025  මණ්ඩල නිගමනය යටතේ යුද හමුදාපතිගේ අනුමැතියද සහිතව නිලධාරීවරුන් හතළිස් දෙනකුට
2025 දෙසැම්බර් මස තුන්වන දින තෙක්  මාස හයක ඉදිරි කාලයක් ලබාදී  තිබුණේද නැද්ද  යන වග ?

(6) තවදුරටත් MSBR/CPC/ BOARD/2025/01(74)   ජුනි මස 12 වන දින පත්කරන ලද මණ්ඩලය මගින්  එම නිලධාරිවරුන් හතළිස් දෙනාගේ මාස හයක කාලසීමාව තවත් ඉදිරියට දීර්ඝ කිරීමට කටයුතු  කළේද නැද්ද යනවද ?

(7) එලෙස දෙසැම්බර් මස තුන්වන දින තෙක් සේවය දීර්ඝ කළ තිබූ නිලධාරීවරුන් කී දෙනකු   ජුනි මස තුන්වන දින  සිට බලපැවැත්වෙන  පරිදි  මස 19 වන දින  අනීතිකව විශ්‍රාම ගැන්වූයේද යන වග ?

(8) මෙම නිලධාරීන් පනස්  දෙනාගේ  නිලයේ උපරිම කාලය  ගණනය කිරීම ඔවුනට නෛතිකව උසස් වීමට ලබා දෙන්නාවූ අවස්ථාවන් තුන  හමුදා නියෝග 8/ 2023  යටතේ ලබා දෙනු ලබන  නෛතික ප්‍රතිපාදනයන්  යුද හමුදාව විසින්  උල්ලංඝනය කර ඇති ද නැද්ද යන වග ?
නිලධාරීවරුන් පනස් දෙනකු විශ්‍රාම ගැන්වීමට යොමු කළ පදනම නිලයේ උපරිම කාලය නම් එයින් දහ දෙනෙකු පමණක් සහ දෙසැම්බර් තුන්වෙනි දින විශ්‍රාම ගැන්වීමට කටයුතු  කළ පදනම කුමක්ද ?

(9)  ඉහත ප්‍රශ්න අංක අටෙහි  වින්දිතයෙකු  ලෙස මේ වන විටද හඳුනාගෙන ඇති  2032  අප්‍රිය මස තුන්වන දින විශ්‍රාම යෑමට නියමිතව සිටි 2020  වසරේ සිට මේ දක්වා හිටපු ආරක්ෂක ලේකම්වරයා හිටපු හමුදාපතිවරයා ඇතුළු වර්තමාන යුද   හමුදාපතිවරයාගේ කණ්ඩායම් අංක 31 දූෂතියන් පිරිසකගේ දීර්ඝකාලීන පළිගැනීමට ලක්වූ මෙම  නාම ලේඛනයෙහි 37  වන ස්ථානයෙහි නම සඳහන් ලුතිනන් කර්නල්වරයා  කර්නල් නිලයට උසස් කිරීමට නීතියානුකූලව   යුද හමුදා නියෝග 8/2023  මගින්  ලබා දෙනු ලබන අවස්ථා ත්‍රිත්වයම  ඔහුගෙන් සාහසිකව පළිගනිමින් 8/2023  හමුදා නියෝග බරපතළ ලෙස උල්ලංඝනය කර  ඔහුට හිමි අවස්ථා තුන අවසන් බවට පවසා නිලයේ උපරිම කාලයට පැමිණ ඇති  බව සඳහන් කරමින්  2025  දෙසැම්බර් මස තුන් වන දින අනීතිකව විශ්‍රාම  ගැන්වීමටද කටයුතු කර තිබූ පසුබිමක  ඔහු ජුනි මස තුන්වන දින සිට බලපැවැත්වෙන පරිදි ජුනි මස 19 වෙනි දින අනීතිකව විශ්‍රාම ගැන්වූයේ කුමන හමුදා නියෝගයකට අනුකූලවද ?

(A) පළිගැනීමට  ලක් වූ මෙම නිලධාරියා  තවදුරටත් හමුදා නියෝග 8/2023 උල්ලංඝනය කරමින්  හොර පාරින් විශ්‍රාම යවන බවට ජනාධිපතිවරයා දැනුවත්  කළේද ?

(B) දැනුවත් කලේ නම්  ඒ කවුරුන් විසින්ද ? 

(C)  දැනුවත් කිරීම සිදුකරනු ලැබුවේ ලිඛිතවද වාචිකවද  යන වග ?

(D) කවදාද යන වග ?

(E) එම දැනුවත් කිරීම සබැඳිව අගතියපත් නිලධාරීවරයා හට දැනුම් දුන්නේද  ?

(F) එසේ ජූනි මස තුන්වන දින විශ්‍රාම ගන්වන්නේ නම් එම නිලධාරියා  ජුනි මස 2  වන දින තොප්පිගල ප්‍රදේශයට ස්ථාන මාරුවීමක් මත  යැවීමේ නීතිමය ප්‍රතිපාදන මොනවද ?

(G) ඒ සඳහා උපදෙස් දුන්නෝ කවුරුන්ද ?

(H) සේනාධි නායක ජනාධිපතිවරයා එම නිලධාරියා ජුනි මස තුන්වන දින සිට විශ්‍රාම ගැන්නුවේ නම් එම නිලධාරිවරයා ජූනි මස 22 වන දින තෙක් තොප්පිගල ප්‍රදේශයේ  සක්‍රීය සේවයේ නිරත කරමින්  ජනාධිපතිවරයාගේ විධායක බලය අභික්‍රමණය කොට කටයුතු කළේ කවුරුන් විසින්ද යන වග ?

( I ) ජුනි මස තුන්වෙනිදා සිට   බලපාන අයුරින් විශ්‍රාම යාම ජනාධිපතිවරයා විසින් අනුමත කර ඇති බවට  ජූනි 19 වන දින  වාචික උපදෙස් ලබා දී කටයුතු කළේ  කුමන නෛතික  
ප්‍රතිපාදන යටතේද ?

(J) ජුනි මස තුන්වෙනිදා සිට ඔහුගේ විශ්‍රාම ගැන්වීම දැනුම් දෙනු ලබන ජූනි මස 19 වැනි දින අතරතුර කාලයෙහි තොපිගල ප්‍රදේශයේ   රාජකාරී කටයුත්තකදී   මෙම නිලධාරීවරයා මිය ගියේ නම් ඊට මාධ්‍ය ප්‍රකාශකවරයාගේ පිළිතුර කුමක්ද ?

Advertiesment